පාසල් සිසු වලියෙන් ළමා දිනයත් හබක් කන්තලේ ජාතික පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුන් තිදෙනකු තුවාල ලැබූ අතර ඉන් එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතල බැවින් ශල්‍ය කර්මයකට භාජනය කිරීමත් සමග අද (01) එම විද්‍යාලයේ පැවැත්වීමට තිබූ ලෝක ළමා දින වැඩ සටහන්වලට සිසුන් බහුතරයක් සහභාගී නොවී පාසල් පැමිණීමෙන් වැලකී සිටි බව විදුහල් ආරංචි මාර්ග කියයි. 01 October 2025
පොලිස් අණට අවනත නොවූ වෑන් රියට වෙඩි අවස්ථා තුනක දී පොලිස් නියොග නෙතකා නොනවත්වා ධාවනය කළ වැන් රථයක් ලුහුබැද ගිය පොලිසිය වෙඩි තබා නතර කරගැනීමෙන් පසු එහි ගමන්ගත් තිදෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 01 October 2025
සිලි සිලි බෑග් භාවිතය මන්දෝසායි කරන්න බද්දක් සිලිසිලි බෑග් සඳහා නොවැම්බර් පළවැනිදා සිට මුදලක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පරිසර අමාත්‍යාංශය ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය. 01 October 2025
ලංගම ’’යුනියන්’’ ලොක්කන්ට අවසර පත්‍ර දී කෝටි අටක පාඩුවෙලා ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති අටක නියෝජිතයන් සඳහා විවෘත නිදහස් ගමන් අවසර පත්‍ර 138ක් නිකුත් කිරීමෙන් රුපියල් කෝටි හතරකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ 01 October 2025
තාජුදීන් ඝාතනයේ හඬ පට හැංගු ලොක්කන් මේ ආණ්ඩුවෙත් ඉන්නවා තාජුඩීන්ගේ බී වාර්තාව වැරදියට ලියපු අය පවා මේ ආණ්ඩුවේ සිටින බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය 01 October 2025
ජනගහන අරමුදලෙන් වෛද්‍ය උපකරණ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දේශීය කාර්යාල බාර නිලධාරී ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් (Phuntsho Wangyel) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්වරුන් අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. 01 October 2025
කෝටි 20ක මත් ද්‍රව්‍ය සමඟ අයෙක් අතඅඩංගුවට රුපියල් කෝටි 20 කට ආසන්න වටිනා හෑෂ් මත්ද්‍රව්‍ය , මත්පෙති සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 01 October 2025
ආබාධිත සිසුන්ට සුභ ආරංචියක් ගුරු හා විදුහල්පති මාරුවීම් තුලනය කිරීම කඩිනම් කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළාය. 01 October 2025
ජනපති එයි ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා ජපන් නිල සංචාරය නිමකරමින් කටුනායක ගුවන් තොටින් අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.ෙඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 22 වැනිදා ඇමරිකාව බලා පිටත් විය. 01 October 2025
නීතියට පයින් ගසා කෝටි 668ක් ණයට බෙදලා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අර්ථසාධක අරමුදලේ රීතිවලට පටහැනිව රුපියල් කෝටි හයකට වැඩි අධ්‍යාපන ණය සහ රුපියල් කෝටි 662 කට ආසන්න වටිනා දේපල ණය 2024 වර්ෂයේදී ලබාදී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව )තොරතුරු අනාවරණය විය. 01 October 2025
‘ටින්කර්‘ ගුවන්තොටේදී අල්ලයි ඩුබායි හි සැගව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ශ්‍රීදරන් නෙරංජන් නොහොත් ටින්කර් නැමැත්තා අද(01 ) ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 01 October 2025
මධ්‍යම පරිසර අධිකාරියත් “ගව්පේ”ට වහ වැටෙයි මධ්‍යම පරිසර අධිකාරිය “ගව්පේ (GovPay) රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව” සමඟ එක්ව කටයුතු කිරීම ආරම්භ කර තිබේ. 01 October 2025
ජනපති ජපාන අධිරාජ්‍යයා හමු වූ අවස්ථාව ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝහි පිහිටි අධිරාජ්‍ය මන්දිරයේදී ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු විය. 01 October 2025
කෝටි 10ක් වංචා කළ දෙන්නෙක් අල්ලයි 2024 ’’උරුමය’’ වැඩසටහන යටතේ බව පවසා ඔප්පු නොමැති ඉඩම් සඳහා ස්ථීර ඔප්පු ලබාදෙන බව පොරොන්දු වී රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු සහ සැකකාරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. 01 October 2025
අද කාලගණය බස්නාහිර ,සබරගමුව පළාත්වල ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (01) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 October 2025
තාජුඩීන්ගේ මරණය ගැන තොරතුරක් කජ්ජාගේ බිරිය කියයි 2012 දී ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩක වසීම් තජුඩින් මියගොස් සිටි රථයට පිටුපසින් පැමිණි සැක කටයුතු රථයක මිද්දෙණියේ දී ඝාතනයට ලක් වූ අරුණ විදාන ගමගේ හෙවත් ’’ කජ්ජා ’’ නැමැත්තා සිට ඇති බව ඔහුගේ බිරිය අනාවරණය කළ බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා ඊයේ පැවසීය. 01 October 2025
ළමා -වැඩිහිටි අයිතිය රකින්න කැපවෙනවා ළමා සහ වැඩිහිටි අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් රජය පූර්ණ වශයෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 01 October 2025
දරුවන්ට පූර්ණ ළමා ලොවක්- වැඩිහිටියන්ට ගෞරවනීය සමාජයක් දරුවන්ට පරිපූර්ණ ළමා ලෝකයක් සහ වැඩිහිටියන්ට ගෞරවනීය සමාජ ජීවිතයක් ගත කිරීමට අවැසි ’’පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’’ වෙනුවෙන් උපරිමයෙන් කැපවෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ළමා සහ වැඩිහිටි දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. 01 October 2025
ළමා-වැඩිහිටි සුබ සාධනයට පුළුල් සංවාදයක් ඕනෑ ළමා දිනයේ දී සහ වැඩිහිටි දිනයේ දී ඔවුනගේ සුබ සිද්ධිය උදෙසා කළ යුතු දේ පිළිබඳව පුළුල් සංවාදයකට යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලෝක ළමා දින සහ වැඩිහිටි දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. 01 October 2025
ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය ජනපති හමුවෙයි ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් ටෝකියෝහි ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි. ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය විසින් මෙම උදෑසන භෝජන සංග්‍රහය සංවිධානය කරනු ලැබ තිබිණි. 30 September 2025
අපට දැන් හිරේ යනවද?උගන්වනවද? හිතන්න වෙලා ළමයින් හිංසනයට ලක්වීම වැළැක්වීම සඳහා රජය ගෙන ආ පනත් කෙටුම්පත සම්මත වුවහොත් දරුවන්ට උගන්වනවාද? නැතිනම් හිරේ යනවද? කියා ගුරුවරුන්ට හිතන්න වෙන බව ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ මාධ්‍ය හමුවකදී අද (30) පැවසීය. 30 September 2025
ඉන්ධන වර්ග තුනක මිල පහළට ඩීසල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 30 September 2025
බිරිය සැමියාට සිර මැදිරියේදී කුඩු දීලා කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණ ශාලාවේ සිරමැදිරිය අසළදී බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි රැදවියකුට මත් ද්‍රව්‍ය තොගයක් ලබා දුන් එම රැදවියගේ බිරිය අත් අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. 30 September 2025
බඩෝවිට රජිතගේ කොකේන් සමග ගොලයෝ තුනක් මාට්ටු විදේශගතව සිට මෙරට කොකේන් ජාවාරම මෙහෙයවන බඩෝවිට රජිත නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුලු දෙදෙනකු සමග රුපියල් කෝටි පහළොවක් පමණ වටිනා කොකේන් කිලෝ තුනක් භාරයට ගත් බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය පවසයි. 30 September 2025
කිරි නිෂ්පාදනය වැඩි කරන්න ජපන්- ලංකා ගිවිසුමක් ජපාන නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA) සභාපති ටනාකා අකිහිකෝ (Dr. TANAKA Akihiko) මහතා හමුවී සාකච්ඡාවක නිරත විය. 30 September 2025
අස්වැසුම ප්රතිලාභ හෙට ගිණුම් වලට අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ප්‍රථම අස්වැසුම දීමනාව අද (30)දින බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය කියයි. 30 September 2025
මෝදරින් විදෙස් ජීව අත්බෝම්බ හමුවෙයි මෝදර අලුත් මාවත එළිය හවුස් නගර සභා වැඩබිමේ තාප්පය අසල දමා ගොස් තිබූ විදේශීය රටකට නිෂ්පාදිත ජීව අත් බෝම්බ තොගයක් සොයාගත් බව මෝදර පොලිසිය කියයි. 30 September 2025
සම්පත් මනම්පේරිට වරෙන්තු ද්‍රවිඩ ව්‍යාපාරිකයකු බියගන්වා වසර 16කට පෙර සහල් ලොරියක් කොල්ලකෑමේ සිද්ධියක විත්තිකරුවකු වන පොදු පෙරමුණේ පළාත් පාලන අපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඒ සඳහා වරෙන්තුවක්ද අද (30) නිකුත් කළේය. 30 September 2025
හිටපු ඇමැති ප්‍රසන්නට ඇප කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමකට කූටලේඛන සැකසීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගෙන මාස පහකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර හා සරත්කුමාර එදිරිසිංහට ලක්ෂ පහක මුදල් හා ලක්ෂ පහ බැගින් වූ ශරීරය ඇප පහක් මත මුදාහරින්නැයි ගම්පහ මහාධිකරණය අංක දෙක විනිසුරු නයනා සෙනවිරත්න මහත්මිය අද 30දා නියෝග කළාය. 30 September 2025
උතුර නැගෙනහිර පාසල් සීයක් අලුත් කරන්න ජපානෙන් උදව්වක් ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා හමුවී සාකච්ඡාවක නිරත විය. 30 September 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026