ගල්කිස්ස කොස්තාපල්ට ඇප ගල්කිස්ස අධිකරණ භූමියේ දී නීතිඥයකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත ව සිටි පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා නියෝග කළේය. 13 October 2025
බන්ධනාගාර වාට්ටුවේ දුරකතන 4ක් ගාල්ල බන්ධනාගාරය සී වාට්ටුව තුළ කළ හදිසි සෝදිසියකදී ජංගම දුරකථන හතරක් සොයා ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 13 October 2025
ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂකට ස්ථාන මාරුවක් ගල්කිස්ස අධිකරණ භූමියේදී ඉකුත් දා නීතිඥවරයකු විසින් පොලිස් නිළධාරියකුට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු වන විමර්ශනයකට අදාලව ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ සිට සාමාන්‍ය රාජකාරී සදහා වෛද්‍ය කොට්ඨාශය වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි. 13 October 2025
වැසිකිළි වලක් පුපුරා අයෙක් මරුට තම නිවසේ වැසිකිළි වලට කාබයිට් නමැති රසායනික ද්‍රව්‍ය යොදමින් සිටියදි වැසිකිළිවල පුපුරා යමෙන් එම පුද්ගලයා තුවාල ලබා මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 13 October 2025
ඇල්ලෙන් පහළට වැටී සිසුවා මරුට සිය මිතුරන් සිව් දෙනෙකු සමඟ මාතලේ ඇල්කඩුව හුන්නස්ගිරියවත්තේ දිය නෑමට ගිය මහනුවර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ඊයේ (12)දා පස්වරුවේ දිය ඇල්ලෙන් පහතට වැටි මිය ගොස් ඇති බවත් තවත් සිසුන් දෙදෙනකු තුවාල ලබන ඇති බව පොලිසිය කියයි . 13 October 2025
බස්නාහිර, සබරගමුව, මධ්‍යම දකුණ සහ ඌවට තද වැසි බස්නාහිර, සබරමුව, දකුණු සහ වයම පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 October 2025
මුහුදුබඩ දුම්රිය මාර්ගට පස් කන්දක් කඩාවැටේ බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබේ. 13 October 2025
අගමැතිනී චීන මහා ප්රාකාරයේ චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද චීන මහා ප්‍රාකාරය නැරඹීමට ගියාය. 13 October 2025
නීතිඥයාගේ හැසිරීම අනුමත කරන්න බෑ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සිද්ධියට සම්බන්ධවූ නීතිඥවරයාගේ හැසිරීම ගැන තමා දැඩි ලෙස කනස්සල්ල පළ කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 13 October 2025
එතෙර ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 695ක් විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 695.7 ක මුදල් ප්‍රමාණයක් මෙරටට එවා ඇති බවත් එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 25.2 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. 12 October 2025
මොරගහකන්ද ජලාශයෙන් උණ්ඩ මතුවේ මාතලේ ලග්ගල මොරගහකන්ද ජලාශයේ නැරඹුම් ස්ථානය අසල අඩි 20 ක පමණ ප්‍රපාතයක තිබී උරයක දමා තිබූ ගිනි අවි උණ්ඩ 1163ක් ඊයේ (12) සොයා ගත් බව නාඋල පොලිසිය පවසයි. 12 October 2025
මත්ද්‍රව්‍ය-දේශපාලකයා ළඟ නෑයෝ මත්ද්‍රව්‍ය සහ දේශපාලකයා අතර විශාල ඥාතීත්වයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බණ්ඩාරවෙලදී අද(12)පැවසීය. 12 October 2025
නානුඔයට මහ වැසි නුවරඑලිය නානුඔය ප්‍රදේශයට අද පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නානුඔය නගර මධ්‍යය ජලයෙන් යටවීම නිසා රථවාහන මෙන්ම දුම්රිය ධාවනයට බාධා පැමිණියේය. 12 October 2025
ණය ගැන මහ බැංකුවෙන් හෙළිදරව්වක් මෙම වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙරට මූල්‍ය සමාගම්වලින් ශ්‍රී ලාංකිකයන් ලබාගෙන ඇති ණය මුදල්වලින් සියයට 82.6 ක් වාහන සහ රන් ණය බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ. 12 October 2025
නාරම්මල අනතුරකින් දෙදෙනෙක් මරුට නාරම්මල හොරොම්බාව මාවී ඇල මාර්ගයේ අලහිටියාට ප්‍රදේශයේ දී අද 12 උදෑසන 05.45 ට පමණ ලොරි රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් ලොරි රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු බරපතල තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව නාරම්වල පොලිසිය කියයි. 12 October 2025
උදැල්ලකින් පහරදී කතක මරලා ළඟ ඇසුරුක් පවත්වාගෙන ගිය බව කියන 37 හැවිරිදි කතකට උදැල්ලකින් පහරදී මරා දමා ඇතැයි මාවතගම පොලිසිය කියයි. 12 October 2025
පුංචි ආණ්ඩුවේ මන්ත්‍රී ගංජා එක්ක මාට්ටු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ගංජා ග්‍රෑම් 9 ක් සමඟ පෙරේදා 11 වෙනිදා රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි. 12 October 2025
ලෝක සෞඛ්‍ය සැසියක සත්කාරකත්වය ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රට වලින් සමන්විත කලාපයේ 78වන සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලැබී තිබේ. 12 October 2025
වසරේ මේ දක්වා වෙඩිතැබීම් 101ක් මරණ 51ක් මෙම වසරේ මේ දක්වා වෙඩි තැබීම් 101 ක් සිදුවී, පුද්ගල මරණ 51 ක්ද ,සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 12 October 2025
දිනකට හයක් එලොව යති හදිසි අනතුරු හේතුවෙන් දිනකට ජීවිත හයක් අහිමි වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 12 October 2025
විදෙස් රැකියා වංචා අල්ලන දැල ලොකු කරයි විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව සිදුකරන මෙහෙයුම් පුළුල් කළ බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 12 October 2025
වතු ජනතාවට 1750ක වැටුප මේ අවුරුද්දේ කොහොම හරි දෙනවා වතු ජනතාව සඳහා රුපියල් 1750ක දෛනික වැටුප කුමන ආකාරයකින් හෝ මේ වසර ඇතුලත ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බණ්ඩාරවෙලදී අද(12) පැවැසීය. 12 October 2025
අගමැතිනියට චීනයෙන් ඉහළ පිළිගැනීමක් 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (12) චීනයේ බීජිං වෙත ළඟා වූවාය. 12 October 2025
ගිය බජට් එකෙන් විශ්‍රාමිකයෝ රොත්තක් විසිවෙලා 2025 අයවැයෙන් වැටුප් වැඩි නොවුණු විශ්‍රාමික රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් සිටින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය 12 October 2025
ආයෝජකයන් රකින නව පනතක් මැතිසබයට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කිසිඳු ආයෝජකයෙකු බිය විය යුතු නැති බවත් විශේෂ ආයෝජන සුරක්ෂිත කිරීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පැවසීය. 12 October 2025
රාජ්‍ය ආයතන වලින් සියයට හැටක් දූෂිතයි මේ රටේ රාජ්‍ය ආයතනවලින් සියයට හැටක් දූෂිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය. 12 October 2025
වගකීම් සහගත මාධ්‍යකරණයකට ප්‍රතිපත්ති හදනවා වගකීම් සහගත ජනමාධ්‍යකරණයක් මෙරට ඇති කිරීමට ප්‍රතිපත්ති සම්පාදනය කිරීම වත්මන් රජයේ ප්‍රධාන අභියෝගය වී තිබෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය කීවාය. 12 October 2025
කොළඹ තදබදය මඩින්න ’’කැමරා ඇස්’’ කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා වර්ණ සංඥා කුළුණු ආසන්නයේ අධි සංවේදී කැමරා සවිකිරීමට පොලීසිය තීරණය කර ඇත. 12 October 2025
ධනවතුන්ගේ සුරතල් සතුන්ගේ සැප වතුකර දරුවන්ට නෑ ධනවතුන්ගේ ගෙවල් වල සුරතලයට ඇති කරන සතුන්ගේ පහසුකම් වතුකරයේ දූ දරුවන්ට නැතැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්අ මාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අද(12) පැවසීය. 12 October 2025
පුටු මාරුව: බිමල්ගෙන් සැර ප්‍රකාශයක් තමාගෙන් වැරදි සිදුවී ඇත්නම් ඕනෑම කෙනෙකුට පරීක්ෂණවලට ගිහින් ඔප්පු කරගත හැකි බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 12 October 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026