(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර  එප්පාවල හා ප්‍රියංකරගම  ස්ථාන දෙකකදි වන අලි ප්‍රහාරයට ලක්වු පුද්ගලයන් තිදෙනකු  මියගිය බව එම පොලිස් ස්ථානාධිපතිවරු පැවසුහ.

මේසේ මිය ගොස් ඇත්තේ එප්පාවල  පලුගස්වැව උදය චන්දන පලුගස්වැව (36) නැමති නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන කාර්මික නිලධාරියෙකි. ඔහු විවාහක දෙදරු පියෙකි.

මියගොස් ඇති අනෙක් පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි දිසානායක මුදියන්සේලාගේ මංගල ප්‍රසාද්(48)නැමති අවිවාහක ගොවියෙකි.

මොවුන් දෙදෙනා අද උදැසන අටට පමණ කැලේ අමුණුකොලේ වැව් ඉස්මත්තේ පිහිටි කුඹුරක වගා කටයුතු සිදුකරමින් සිටියදි පැමිණි තනි අලියකුගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේදිම මියගිය බව එප්පාවල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක බි.ආර්.ඩි.බණ්ඩාර මහතා පැවසිය.

ප්‍රියංකරගම ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ ගෙවත්තේ වගා කටයුතු කරමින් සිටි කිරිහාමිගේ රංග ධර්මචන්ද්‍ර කුමාර (51)නැමති අනුරාධපුර ශික්ෂ රෝහලේ සාත්තු සේවකයකු ලෙස සේවය කළ දෙදරැ පියකුද අද වන අලියෙකුගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේදිම මියගිය බව ප්‍රියංකරගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්.ඒ.ලක්සිරි මහතා පැවසිය.