(අංජුල මහික වීරරත්න)

මුල්‍ය ගනුදෙනු සඳහා ජාතික QR ගෙවීම් පද්ධතිය හඳුන්වාදීම හෙට (6) සිට ඇරැඹෙයි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරයි.

මුල්‍ය ගනුදෙනු සඳහා QR කේතය හඳුන්වා දීමේ ජාතික වැඩසටහන (National QR Payment Adoption Launch)  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ  ප්‍රධානත්වයෙන්  ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හෙට පැවැත්වීමට නියමිතය.

ආර්ථික කාර්යක්ෂමතාව, මූල්‍ය අන්තර්ගත භාවය (Financial Inclusion) සහ මූල්‍ය විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම රජය විසින් ජාතික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගනු ලැබ තිබෙන අතර එදිනෙදා සිල්ලර ගනුදෙනු සඳහා අධික ලෙස මුදල් නෝට්ටු (Cash) භාවිතයෙන් විනිවිදභාවය සහ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය සීමා වී ඇතැයි රජය පවසයි.