(මදුශානි අබේසිංහ )

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සිව් දෙනෙකු පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

පලාගිය රැඳවියන් සොයා යුද හමුදාව සහ පොලිසිය එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්,පී,ජේ.කුමාරසිංහ මහතා සදහන් කලේය.

අධිකරණ නියෝග අනුව මීට මාස තුනකට පමණ පෙර,කන්ඩකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සඳහා මෙම රැදවියන් උපදේශන ලබා ගැනීම සඳහා පැමිණ තිබේ.

මෙලෙස පලාගිය රැඳවියන්, විල්ගමුව, දඹුල්ල,මනම්පිටිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු තිහත් හතළිහත් අතර වයසේ පසුවන්නන් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය කියයි.