ලක්ෂ 22 ඩීසල් කල්මුණෙන් අල්ලයි අම්පාර කල්මුන කුඩි මාදවන් ප්‍රදේශයේ විකිණිමට සඟවා තිබු ඩිසල් බැරල් 22 ක් අත් අඩංගුවට ගැනිමට ගත් බව පොලිසිය කියයි. 06 April 2026
ඉඩම් නිලධාරියෙක් ලෙස රඟපා මුදල් අරන් ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් කාන්තාවක පදිංචි ඉඩමට ඔප්පුවක් සාදා දෙන බව පවසා රුපියල් 275,000 ක මුදලක් ලබාගත් බව කියන සාමිමලේ ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවකු අද අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 06 April 2026
අවුරුදු උත්සවවලට යන්නන්ට අවවාදයක් අධික උෂ්ණත්වයක් පවතින මෙම කාලසීමාවේ අවුරුදු උත්සව අතරතුර හිරුඑළියට නිරාවණයවී ජන ක්‍රීඩා කිරිමේදී විශේෂ අවධානයක් යොමු කරන ලෙස රජයේ භෞත චිකිත්සක නිලධාරින්ගේ සංගමයේ සභාපති රොබින් ජෑන්ස් මහතා පවසයි. 06 April 2026
ඉන්දීය උප ජනපති ලංකා සංචාරයක ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ශ්‍රී ලංකා දෙදින නිල සංචාරයේ පූර්ව සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 06 April 2026
ඉෂාරාගේ තවත් බැංකු ගිණුම් කීපයක් සොයාගනියි ගණේමුල්ලේ සංජීව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකාරියක ලෙස නම්කර තවත් දින 90ක් රඳවා ප්‍රශ්න කරන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දිගේ නමින් ඇති තවත් බැංකු ගිණුම් කීපයක් අනාවරණය කරගෙන ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයට අද (06) පැවසීය. 06 April 2026
ජනපති බැංකු - මූල්‍ය ආයතන ප්‍රධානීන් හමු වෙයි ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක්ද ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 06 April 2026
රජයේ බදාදා නිවාඩුව අවලංගුයි සතියේ සෑම බදාදා දිනකම ලබා දී තිබූ රජයේ නිවාඩුව ලබන බදාදා (8) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ. 06 April 2026
ළමා පැමිණිලි ගිය වසරේ දස දහස පනී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පසුගිය වසරේදී පැමිණිලි 10,455ක් ලැබී ඇතැයි එම අධිකාරිය පවසයි. 06 April 2026
කිව්.ආර් ගෙවීම් ගැන නන්දලාල් කතා කරයි කිව්.ආර් ගෙවීම් පද්ධතිය රට විශාල පිම්මකින් ඉදිරියට යාමක් විය හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පැවසීය. 06 April 2026
සලේගෙන් රිට් පෙත්සමක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ තමා රඳවාගෙන ප්‍රශ්න කිරීම වළකාලන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය. 06 April 2026
පාස්කු ප්‍රහාර විවාදය බ්‍රහස්පතින්දා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය (9) බ්‍රහස්පතින්දා ප.ව 2.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියමිතය. 06 April 2026
යාල් දේවී යළි ගමන් අරඹයි ’’ දිට්වා ’’සුළි කුණාටුවෙන් හානියට පත් උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් බ්‍රහස්පතින්දා 9 සිට යාපනය /කන්කසන්තුරය දක්වා නැවත දුම්රිය ධාවනය ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. 06 April 2026
තරුණ සේවා නාට්‍ය පාසල ඇරැඹේ වසර තුනකට පසු ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසල නැවතත් අද (06ද) ආරම්භ කෙරිණි. 06 April 2026
සටන් විරාමයක් ගැන බලාපොරොත්තුවක් ඇමෙරිකාව සහ ඉරානය අතරේ, සටන් විරාමයක් ඇති කර ගැනීමට සාකච්ඡා පැවැත්වෙන බවත්, කඩිනමින් තාවකාලික සටන් විරාමයක් ආරම්භ වනු ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. 06 April 2026
පාර්ලිමේන්තු රැස්වීම අනිද්දා නෑ පාර්ලිමේන්තුව ලබන 08 වැනිදා නොපැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 06 April 2026
ඇමෙරිකා ඉරාන සටන් විරාමයක් ? ඇමෙරිකාව සහ ඉරානය අතරේ, සටන් විරාමයක් ඇති කර ගැනීමට මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බවත්, කඩිනමින් සටන් විරාමයක් ආරම්භ වනු ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය පවසයි. 06 April 2026
ඩීසල් වලට රුපියල් සියය දක්වා සහනාධාරයක් වෙළෙඳපොලේ ඉන්ධන මිල උච්ඡාවචනය වීම පිළිබඳ සලකා බලා ඩීසල් සඳහා රුපියල් සියය දක්වා සහනාධාරයක් ලබා දීමට තීරණය කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 06 April 2026
හෝමූස් අරින්නෙම නෑ යළි කිසි දිනෙක, හෝමූස් සමුද්‍ර සන්ධිය ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට විවෘත නොවන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පැවැසීය. 06 April 2026
ඉරාන විශ්ව විද්‍යාල 30 ක් විනාශයි ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් තම විශ්ව විද්‍යාල 30 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ඉරාන රජය පැවැසීය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කිරීමේත්, එරට ඉස්ලාමීය පාලනය අවසන් කිරීමේත් අරමුණින් ඉරානයට පහර දෙන්නේ පසුගිය පෙබරවාරි 28 වැනිදා සිටය. 06 April 2026
අපරාධයකට සැරසුණ අයෙක් පොලීසියට කොටු කර දෙයි පිළියන්දල සිකුරාදාපොල ප්‍රදේශයේ නිවසකට යතුර පැදියකින් මන්නා පිහියක් අතැතිව පැමිණ එහි නිවැසියකුට පහර දී තුවාල කිරීමට තැත් කළ පුද්ගලයකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දුන් බව පිළියන්දල පොලිසිය පවසයි. 06 April 2026
මැතිසබයේ හෙට වැඩ මෙහෙමයි ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග සහ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති හෙට (7) විවාදයට ගැනීමට නියමිතය. 06 April 2026
පැරණි කලටුවාව ගම්මානය මතුවෙලා දිවයිනට බලපා ඇති දැඩි වියලි කාලගුණ තත්වය මත කොළඹ තදාසන්න නගර රැසකට නල ජලය සපයන කලටුවාව ජලාශයේ ජල මට්ටම විශාල ලෙස පහත බැසීමත් සමග එම ජලාශයට යටවී ගම්මානයේ නටඹුන් මතුවී ඇත. 06 April 2026
ෆ්‍රයිඩ් රයිස්, කොත්තු රුපියල් 20කින් ඉහළට ගෑස් මිල විශාල ප්‍රමාණයකින් ඉහළ යෑම හේතුවෙන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. 06 April 2026
ඉරාන විදේශ ඇමතිට ඇමතුමක් ඇමෙරිකා ඊශ්‍රායල ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චී සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් අතරේ සාකච්ඡාවක් පැවැත්විණි. 06 April 2026
පොලිස්පති අනවශ්‍ය වීදි ලාම්පු ගණන් කරයි ප්‍රදර්ශන පුවරුවල ඇති විදුලි බල්බ හා එක් එක් පොලිස් වසම්වල අනවශ්‍ය ලෙස දල්වා ඇති වීදි ලාම්පු සංඛ්‍යාව ගණනය කර තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම පොලිස් ස් ස්ථානාධිපතිවරුන් සහ ඒ ඒ පොලිස් ස්ථාන අධීක්ෂණය කරන උසස් නිලධාරීන්ට නියෝග කර ඇත. 06 April 2026
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සිරියාවේ මැදපෙරදිග රටවල සංචාරයක යෙදන යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී සිරියාවට ගොස් ඇමෙරිකන් හිතවාදී සිරියානු ජනාධිපති අහ්මද් අල් ෂාරා හමුවිය. ඒ, යුක්රේනය සහ සිරියාව අතරේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින්ය. 06 April 2026
පාප්තුමා ලෝක සාමය පතයි ඉරාන යුද්ධය නැවැත්වීමට ‘පිටවීමේ මාවතක්’ සොයා ගන්නැයි ශුද්ධෝත්තම ලියෝ පාප්තුමා වතිකානයේ පැවැති පාස්කු දින දේව මෙහෙයට සහභාගී වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කළේය. 06 April 2026
ට්‍රම්ප් අමු තිත්ත කුණුහරුපෙන් බැණලා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ඔස්සේ ඉරානයට අමු තිත්ත කුණු හරපයෙන් බැණ වදිමින් තර්ජනය කර ඇත. ඒ, හෝමූස් විවෘත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවක් ඇති කර නොගන්නේ නම්, ඉරානයට පහර දෙන බව පවසමිනි. 06 April 2026
‘කුෂ්‘ සමඟ ගුවන් මගියෙක් අත්අඩංගුවට රුපියල් එකොළොස් කෝටි තිස් හතර ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ , ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(06) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 06 April 2026
විදුලි රැහැනක පැටැලි තරුණයෙක් මරුට දිවුලපැලස්ස තෙල්දෙණියාය 16ඇළ ප්‍රාදේශයේ කුඹුරක ගොයම් කපමින් සිටි බව කියන විසිතුන් හැවිරිදි තරුණයෙකු ඊයේ (5) සවස එම කුඹුරට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී ජීවිතක්ෂයට පත් වී ඇති බව දිවුලපැලස්ස පොලීසිය පැවසීය. 06 April 2026
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026