(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග සහ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති හෙට (7) විවාදයට ගැනීමට නියමිතය.
විවාදය පෙ.ව. 11.30 සිට ප.ව 4.45 දක්වා පැවැත්වේ.
තවද, 2026.03.17 දින පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ද්විත්වය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් නොවුණහොත් දෙවනවර කියවීමටද තීරණය වී ඇත.
අනතුරුව ප.ව 4.45 සිට ප.ව 5.30 දක්වා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතය එසේම ප.ව 5.30 ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd