(රෝෂන් තුෂාර)

ගණේමුල්ලේ සංජීව කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණ  විත්ති කූඩුවේදී  වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකාරියක ලෙස නම්කර තවත් දින 90ක් රඳවා ප්‍රශ්න කරන  පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දිගේ නමින් ඇති තවත් බැංකු ගිණුම් කීපයක් අනාවරණය කරගෙන ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අසංග එස් බෝදරගම  මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයට අද (06) පැවසීය.

අනාවරණය කරගත් නව ගිණුම් සම්බන්ධයෙන් අදාල බැංකු මගින් වාර්තා කැඳවා විමර්ශනය කිරීමට අවසර ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.

ගණේමුල්ලේ සංජීව කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණ  විත්ති කූඩුවේදී  වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම කරුණු ඉදිරිපත් කළේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරගත සැකකරුවන් පස් දෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළේය.