ආයෝජකයන් රකින නව පනතක් මැතිසබයට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කිසිඳු ආයෝජකයෙකු බිය විය යුතු නැති බවත් විශේෂ ආයෝජන සුරක්ෂිත කිරීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පැවසීය. 12 October 2025
රාජ්‍ය ආයතන වලින් සියයට හැටක් දූෂිතයි මේ රටේ රාජ්‍ය ආයතනවලින් සියයට හැටක් දූෂිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය. 12 October 2025
වගකීම් සහගත මාධ්‍යකරණයකට ප්‍රතිපත්ති හදනවා වගකීම් සහගත ජනමාධ්‍යකරණයක් මෙරට ඇති කිරීමට ප්‍රතිපත්ති සම්පාදනය කිරීම වත්මන් රජයේ ප්‍රධාන අභියෝගය වී තිබෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය කීවාය. 12 October 2025
කොළඹ තදබදය මඩින්න ’’කැමරා ඇස්’’ කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා වර්ණ සංඥා කුළුණු ආසන්නයේ අධි සංවේදී කැමරා සවිකිරීමට පොලීසිය තීරණය කර ඇත. 12 October 2025
ධනවතුන්ගේ සුරතල් සතුන්ගේ සැප වතුකර දරුවන්ට නෑ ධනවතුන්ගේ ගෙවල් වල සුරතලයට ඇති කරන සතුන්ගේ පහසුකම් වතුකරයේ දූ දරුවන්ට නැතැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්අ මාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අද(12) පැවසීය. 12 October 2025
පුටු මාරුව: බිමල්ගෙන් සැර ප්‍රකාශයක් තමාගෙන් වැරදි සිදුවී ඇත්නම් ඕනෑම කෙනෙකුට පරීක්ෂණවලට ගිහින් ඔප්පු කරගත හැකි බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 12 October 2025
මහින්ද මෛත්‍රී වෙඩි නොවදින වාහන ඉල්ලති සිය ආරක්ෂාව සඳහා ලබා දී තිබූ වෙඩි නොවදින වාහන නැවත ලබා දෙන ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ. 12 October 2025
ඇමති දෙන්නෙක්ගේ ඉල්ලා අස්වීමක් ගැන ගැසට් නිවේදනයක් රජයේ පළමු කැබිනට් සංශෝධනයට අදාලව අමාත්‍යවරුන් දෙදෙනකු ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 12 October 2025
තැපෑල ඇල්ලේ ඩොලර් හොයන වැඩක් අරඹයි 151 වන ලෝක තැපැල් දිනයට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඇල්ල තැපැල් කාර්යාලයේ සංචාරක නිවාසය සහ මුද්දර කාර්යාංශ කවුළුව විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 12 October 2025
කොළඹ නගර සභාවට කෝටි 400ක බදු පොලු තියලා කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් රුපියල් කෝටි 400කට අධික වරිපනම් බදු එකතු කරගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී( කෝපා ) තොරතුරු අනාවරණය වී ඇත 12 October 2025
ජේලර්ට අල්ලස් දී බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙනියලා ජේලර් වරයෙකුට රුපියල් 35,000 ක් අල්ලසක් ලෙස ලබාදී බන්ධනාගාර ගතව සිටින සොහොයුරාට අයිස්, හෙරෝයින් සහ ජංගම දුරකථනයක් ලබාදීමට පැමිණි බව කියන කාන්තාවක භාරයට ගෙන කළුතර උතුර පොලිසියට භාරදුන් බව කළුතර බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි . 12 October 2025
විපක්ෂ හවුල ජයටම ඉස්සරහට යනවා විපක්ෂයේ පක්ෂ වල එකතුව සාර්ථකව ඉදිරියට යමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 12 October 2025
ලයිට් බිල වැඩි කළොත් සජබ මහ පාරට රජය යම් හෙයකින් විදුලි බිල වැඩි කළහොත් ජනතාව සමග මහ පාරට බැස ඊට විරුද්ධව දැඩි ලෙස සටන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 12 October 2025
ඇමති පුටු සංශෝධන ගැසට්ටුව නිකුත්වේ රජයේ පළමු කැබිනට් සංශෝධනය අනුව වෙනස් වූ අමාත්‍ය ධූර සහ නියෝජ්‍ය අමාත්‍ය ධූරවලට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. 12 October 2025
දරුවන්ගේ නඩත්තු ඉල්ලා වැඩිහිටියෝ 200 ක් නඩු මඟට දරුවන්ගේ නඩත්තු ඉල්ලා වැඩිහිටියන් 200කට වැඩි පිරිසක් වට්ස්ඇප් අංකයට පැමිණිලි යොමු කර ඇතැයි වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. 12 October 2025
මොරගහකන්ද ජලාශයේ ජීව පතුරොම් 400ක් මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානයට පහළින් ජීව පතොරම් 400 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇතැයි නාඋල පොලිසිය කියයි. 12 October 2025
අද කාලගුණය දිවයිනේ බොහෝ පළාත්වල අද (12) පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 October 2025
ලංකාවේ ආයෝජනයට බියක් එපා වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජකයන්ගේ සහ ආයෝජන වල සුරක්ෂිතභාවය තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 11 October 2025
හරිනි අද චීනෙට මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනාවකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද(12) රාත්‍රී චීනය බලා පිටත්ව යාමට නියමිතය. 11 October 2025
තිස්සෙන් අවි ආයුධ තොගයක් සොයා ගනී සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ ජයසේකර නොහොත් කොස්ගොඩ චූටිට අයත් බවට සැක කෙරෙන අවි ආයුධ තොගයක් තිස්සමහාරාම සාම ගුලිය ප්‍රදේශයේ හේනක සඟවා තිබියදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් හා පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින් එක්ව කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව සොයා ගෙන තිබේ. 11 October 2025
අකුණු සැර වැදී පුද්ගලයකු මරුට උහන පොලිස් වසමට අයත් හිමිදුරාව ගම්මානයේ අද (11) දින සවස ගවයන් බැලීම සදහා ගොස් සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදීම නිසා මියගොස් ඇතිබව, උහන පොලිසිය පවසයි. 11 October 2025
කලුතර වෙඩි තැබීමක් කළුතර පළාතොට ප්‍රදේශයේ යතුරු පැදි අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයකට අද (11) රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. 11 October 2025
රිවස්ටන් කුළුණ ලඟ පරිසරට හිත රථ ගාලක් මාතලේ රිවස්ටන් සංචාරක කලාපයේ රිවස්ටන් කුළුණ ආශ්රිත ප්‍රදේශයේ පරිසර හිතකාමී රථ ගාලක් ඉදිකිරීමට තීරණය කර තිබේ. 11 October 2025
ඉඟිනිමිටිය මායිම් ගල් දමයි ඉඟිනිමිටිය ජලාශ රක්ෂිතයේ මායිම් ගල් ස්ථාපිත කිරීම අද ආරම්භ කෙරිණ. වසර ගණනාවක සිට ජලාශයේ නියමිත මායිම් සළකුණු කර නොතිබූ හේතුවෙන් අනවසර වගා කරුවන්ගේ ක්‍රියාකාරකම් ඇතුළුව ගැටළු ගණනාවක් පැවති අතර නිලධාරීන් සහ ජලාශයේ ගොවි සංවිධාන නිරතුරු ජලාශය රක්ෂිතය නිරවුල් කරදෙන ලෙස බලධරීන්ගෙන් ඉල්ලීම් කර තිබිණ. 11 October 2025
සජබ මන්ත්‍රී පිරිසක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න යයි පළාත් සභා ඡන්දයට ඉදිරිපත්වීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඉල්ලා අස්වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 11 October 2025
හෝමගම නිවසක ලොරියකට ගිනි තියලා හෝමගම හබරකඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ කරවල විකිණීමේ නිරත කුඩා ලොරි රථයකට කිසිවෙකු විසින් ගිනි තැබීමෙන් ලොරි රථය සම්පූර්ණයෙන් ම ගිනි ගෙන විනාශ වී ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි 11 October 2025
ජනාධිපති අරමුදලේ ඩිජිටල් වැඩසටහනට සම්මාන දෙකක් ජනාධිපති අරමුදලේ නව පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන ඩිජිටල්කරණ වැඩසටහන, කීර්තිමත් NBQSA (National Best Quality Software Awards) පරිගණක වැඩසටහන් සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට සමත් විය . 11 October 2025
කඳුකරයේ දෙදාහකට නිවාස හිමිකම් කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී හෙට (12) සිදු කෙරේ. 11 October 2025
කලවානේ ළිඳකින් සිරුරක් හමුවෙයි කලවාන උතුරු වැද්දාගල , පහේ කණුව ප්‍රදේශයේ වත්තක තේ දලු මඩුවක් අසල ළිඳක තිබි මළ සිරුරක් අද (11) සොයා ගත් බව කලවාන පොලිසිය පවසයි. 11 October 2025
නෙලු බලන්න එනවා නම් නීති රකින්න හෝර්ටන් ජාතික වන උද්‍යානයේ නෙළු වසන්තය නැරඹීමට පැමිණෙන්නේ නම් ජාතික උද්‍යානයේ පවතින නිතී රීති අනුව කටයුතු කළ යුතු බව හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන භාරකාර සිසිර රත්නායක මහතා පැවසිය. 11 October 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026