අපුර ත්‍රිරෝද රියැදුරෝ පාර වසා විරෝධයේ
’’උරුමය සුරකින අභිමන් පුරයක්’’ යන නමින් ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ලංකාවේ ලොකුම ත්‍රීරෝද රථ ගාලේ රියදුරන් සහ එයින් යැපෙන පවුල්වල අඹු දරුවන් පාරට ඇද දමා ඇතැයි පවසමින්, අනුරාධපුර නව බස්නැවතුම්පල අසල ත්‍රිරෝද රථගාලේ රියදුරෝ අද එම බස් නැවතුම්පළ ඉදිරිපිටින් දිවෙන ප්‍රධාන මාර්ගය වසා දමා දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.