හග්ගල යළි විවෘත කරයි දිට්වා සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් වසා දමා තිබු හග්ගල උද්භිද උද්‍යානය යළි දෙස් විදෙස් සංචාරකයන් සදහා ඊයේ (25) සිට විවෘත කිරිමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි. 26 December 2025
තැන තැන සුනාමි සැමරුම් සුනාමි ව්‍යසනයට වසර විසි එකක් සපිරීම නිමිත්තෙන් සහ ජාතික සුරක්ෂිත දිනය නිමිත්තෙන් සුනාමියෙන් මිය ගිය පිරිස් අනුමරණය කිරීම සඳහා අද (26) දිවයිනේ බොහෝ තැන්හි වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි. 26 December 2025
රිය අනතුරින් තුන්හැවිරිදි දැරියට දිවි අහිමිවෙයි වැලිපැන්න අලුත්ගම මතුගම මාර්ගයේ 5 කණුව අසලදී කැබ් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් තුන් හැවිරිදි දැරියක් මියගිය බව වැලි පැන්න පොලිසිය කියයි . 26 December 2025
පා.මන්ත්‍රී අර්චුනාගෙන් පැමිණිල්ලක් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට ජංගම දුරකථන වලින් අමතා වලිකාමම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඇතුළු කීප දෙනකු මරණීය තර්ජනය කළ බව පවසමින් තෙලිප්පලේ පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 26 December 2025
වෛද්‍යවරයෙක් මුහුදට බිලි මිරිස්ස මුහුදේ තීරයේ දියනාමින් සිටි වෛද්‍යවරයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම මුලස්ථාන පොලිසිය පවසයි. 26 December 2025
මෝටර් රථයක් අධිබලැති විදුලි කණුවක ගැටේ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දලවැල්ලේදි අද උදෑසන මෝටර් රථයක් විදුලි කණුවක හැපි සිදුවු අනතුරකින් එහි ගමන්ගත් දෙදෙනකු තුවාල ලබා රෝහල ගත කර ඇත. 26 December 2025
අපරාද රැසකට සම්බන්ධ අයෙක් මාට්ටු කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීයේ සභාවේ හිටපු උපසභාපති වෙඩි තබා ඝාතනය කිරීමට සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදීකරු ලෙස කටයුතු කළ සැකකරු අත්අඩංගුවට ගත් බවව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 26 December 2025
ඖෂධ ප්‍රමිතිය වැඩි කරන්න වැඩ අරඹයි ඖෂධ වල තත්ත්ව පරීක්ෂණ කටයුතු නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය පුළුල් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. 26 December 2025
පළාත් කීපයකට වැසි ස්වල්පයක් උතුරු නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 26 December 2025
සුනාමියට අදට වසර 21ක් සපිරේ ජීවිත 35000කට අධික ජිවිත බිලිගත් සුනාමියට අදට ) 21 වසර සපිරේ. 26 December 2025
බංගලාදේශ බලාපොරොත්තුව තාරික් රහ්මාන් යළි මව් රටට බංග්ලාදේශයේ මීළඟ අගමැති ධුරයට පත්වීමේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයා වන තාරික් රහ්මාන්, වසර 17ක පිටුවහල් ජීවිතයෙන් පසු, ඓතිහාසික මහ මැතිවරණයට පෙර නැවත සිය රටට අද (25) දින පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 25 December 2025
බෙලිඅත්තේ බස් - ටිපර් අනතුරකින් 30ක් රෝහලට දික්වැල්ල - බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ හදපාන්ගොඩැල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් 30 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි බෙලිඅත්ත පොලීසිය පවසයි. 25 December 2025
ගම්පහ රෝහලේ පැරණි සහ අලුත් වාට්ටු සම්බන්ධකර පාලමක් පසුගිය ගංවතුර සහිත ආපදා තත්ත්වයේදී ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සත් මහල් ගොඩනැගිල්ලෙහි බිම් මහල අඩි කිහිපයකින් යටවීම මත රෝහලට ඇතුළුවීම නොහැකිවීම සැලකිල්ලට ගනිමින් පැරණි ගොඩනැගිල්ල අසල සිට මහල් ගොඩනැගිල්ලේ පළමු මහලට යාමට හැකි සේ පාලමක් , ඉදිකර දීමට ව්‍යාපාරිකයෙක් කටයුතු කළේය. 25 December 2025
කසකස්තානයෙන් සංචාරකයෝ පිරිසක් එති යුරෝපයට උදා වී ඇති ශීත ඍතුව හේතුවෙන් කසකස්තානයේ සිට එරට සංචාරකයන් රැගත් එයාර් අස්තානා පළමු මංගල ගුවන් යානය අද සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 25 December 2025
පල්ලි ආරක්ෂාවට පොලිසියෙන් 2500ක් බස්නාහිර පළාතේ දේවස්ථානවල ආරක්ෂාවට පොලිස් නිලධාරින් 2,500 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි, එෆ්. යු. වුට්ලර් මහතා පැවසීය. 25 December 2025
සිමෙන්ති ලොරිය ප්‍රපාතයට හැටන් සිට පුත්තලම දක්වා ධාවනය වූ ලොරියක් ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බව ගිලිගත්හේන පොලිසිය පැවසීය. 25 December 2025
සාමය මනුෂ්‍ය වර්ගයාට අවශ්‍යම දෙයක් ’’සාමය කියන එක මනුෂ්‍ය වර්ගයාට අත්‍යවශ්‍යම දෙයක්. ධනයට වහල් වෙලා බලයට වහල් වෙලා ජීවත් වීම එය නෙවෙයි නිදහස කියන්නේ. අද ඒවායේ වහලුන් බවට පත් වෙලා. ඒවායෙන් ඈත් වෙලා තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් ජීවිත් වීම වැදගත්. අප ශ්‍රී ලංකාව නිදහසින් පසුව දකින්නේ එන්න එන්නම සමාජය බේද බින්න වී ඊර්ෂ්‍යාව, වෛරය, තරහවෙන් එකිනෙකා සමග කුලල් කා ගන්නා පරිසරයක් ජනිත වූ ආකාරයයි යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ. 25 December 2025
බසයක් පෙරලී 12ක් රෝහලට අක්කරේපත්තු සිට ත්‍රිකුණාමලය බලා ගමන් ගත් සුඛෝභෝගී මගී බස් රථයක් සෝමාවතී පාර ටී හන්දියේදී අද (25) උදෑසන පෙරළී යාමෙන් මගින් දොළොස් දෙනකු තුවාල ලැබූ බව සේරුනුවර පොලිසිය කියයි . 25 December 2025
සරසවි ඇදුරෝ රතු එළි දල්වති විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විශ්වවිද්‍යාලවල පරිපාලනය සඳහා කරන අනවශ්‍ය බලපෑම් සහ මැදිහත්වීම් නතර නොකළහොත් ස්ථිර ලෙසම ලබන සතියේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංග සිංහ මහතා පවසයි. 25 December 2025
තැනින් තැනට පොඩි වැස්සක් ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වේපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 25 December 2025
නත්තලේ අරුත ව්‍යසනයේදී ජනතාව ඔප්පු කළා සහෝදරත්වයෙන් වැලඳ ගැනීමේ උතුම් මනුසත් ගුණාංගය සහ නොසැලෙන අධිෂ්ඨානය පසුගිය ව්‍යසනය හමුවේ මෙරට ජනතාව නැවත නැවතත් පසක් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නත්තල් සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. ජනාධිපතිවරයා මෙසේද කියයි. 25 December 2025
අඳුරු යුගය පළවා හරිමු අඳුරුතම යුගය පළවා හැර බලාපොරොත්තුවේ පහන්සිලෙන් ලොව ආලෝකමත් කරමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නත්තල් දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. 25 December 2025
අසිරිමත් නත්තල උදා වෙයි ජේසුස් වහන්සේ උත්පත්තිය සිහිපත්කරන අසිරිමත් වූ නත්තල උදාවිය. 25 December 2025
චීන කොමියුනිස්ට් දූතයෝ ටිල්වින් හමුවෙති චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙලේ දූත පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු ජවිපෙ නායකයින් අතර හමුවක් පැලවත්ත පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. 24 December 2025
තායිවානයේ ප්‍රබල භූ කම්පනයක් තායිවානයේ ගිනිකොනදිග වෙරළබඩ ප්‍රාන්තයක් වන ටයිටුන්ග් හි රික්ටර් මාපකයේ 6.1 ක භූමිකම්පාවක් අද සවස ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 24 December 2025
නුවරඑළියෙන් දිවයින පුරා එළවළු කිලෝ 182,600ක් යවයි නත්තල් සමය නිමිත්තෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ පළාත් කිහිපයකට ඊයේ (23) සහ අද(24) දින එළවලු කිලෝ 182,600ක ඉල්ලුමක් ලැබී තිබූ බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා පැවසීය. 24 December 2025
‘දිට්වා‘ කොළඹ අවුරුදු 5ට අඩු දරුවන් 5,808ක් පීඩාවට පත් කරලා දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු පහට අඩු ළමුන් 5,808 දෙනකු පීඩාවට පත්ව සිටි බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පැවසුවාය. 24 December 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026