’’පාර්ලිමේන්තුව වහලා මැති ඇමතිලා ගම්වලට යවන්න’’ පාර්ලිමේන්තුව කල් තියලා මැති ඇමතිවරුන් තම තමන්ගේ ප්‍රදේශවලට යොමු කර ජනතාවට සහායවීමට යොද වන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) රජයෙන් ඉල්ලීමක් කළේය. 27 November 2025
හිටපු ජනාධිපති මහින්ද රෝහල්ගත කරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට අද (27) පෙරවරුවේ ඇතුළත් කර තිබේ. 27 November 2025
ආපදාවෙන් මිය ගිය අයකු වෙනුවෙන් ලක්ෂ දහයක අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් දී තිබේ. 27 November 2025
පාර්ලිමේන්තු විවාද හෙට අනිද්දා නෑ ආපදා තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභාව අවස්ථාවේ විවාද හෙට සහ අනිද්දා නොපැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 27 November 2025
ආපදා දැනුම් දෙන්න ‘හොට් ලයින්’ එකක් අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවන හදිසි තත්වයන් 117 අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි 27 November 2025
හලාවත යටවීමේ අවධානමක් දැදුරු ඔය ජලාශය වාන් දැමීම හේතුවෙන් අද (27) හෝ හෙට (28) හලාවත නගරය ජලයෙන් යටවීමේ අවධානමක් තිබෙන බව වාර්මාර්ග අධ්යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර මහතා පැවසීය. 27 November 2025
භාෂා පරිවර්තක විභාගය කල් දමයි හෙට (28) දිනයේ සහ 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක (සිංහල/ඉංග්‍රීසි ), (සිංහල /දෙමළ) හා (දෙමළ / ඉංග්‍රීසි) II ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත / සීමිත තරග විභාගය දින නියමයක් නොමැතිව කල් දමා අැත 27 November 2025
හොංකොං ගින්නෙන් මියගිය ගණන ඉහළට හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ උස් මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නෙන් මියගිය පුද්ගලයින් ගණන 55 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසයි. 27 November 2025
මහ වැස්සෙන් අ‘පුර ජන ජීවිතයටත් බාධා දින ගණනාවක් තිස්සේ ඇද හැලෙන වැසි සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව පවුල් 400 පුද්ගලයන් 1000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය. 27 November 2025
පොළොන්නරු - මඩකළපුව මාර්ගය ගල්ලෑල්ලෙන් යටවෙයි පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් අඩි දෙකක් පමණ ගංවතුරෙන් යටවීමත් සමග අද (27) අලුයම සිට එම මාර්ගය වසා දැමීමට පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබේ. 27 November 2025
අනුරාධපුර පාදෙණිය මාර්ගය වහයි දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇද හැලෙමින් පවතින වර්ෂාපතන තත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 අඩි 11 බැගින් විවෘත කර ඉන් තත්පරයට ඝන අඩි 60600 ක ජලධාරිතාවක් දැදුරු ඔයට මුදා හැරෙන බව වාරියපොල ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි. 27 November 2025
මාර ගසක් කඩා වැටී ඩිෆෙන්ඩර් දෙකකට හානි පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ඊයේ (26) රාත්‍රී හමාගිය සුළගකින් ඇමැති ආරක්ෂක කොට්ඨාස භූමියේ තිබූ නවතා තිබූ ඩිෆෙන්ඩර් රථ 2 ක් අතුළු වාහන 5 කට විිශාල මාර ගසක් කඩා වැටී ඇති බව ඇමැති ආරක්ෂක කොට්ඨාසය පවසයි. 27 November 2025
රම්බොඩ උමං මාර්ගය නායයයි පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් නුවරඑළිය- ගම්පොල මාර්ගයේ රම්බොඩ උමං මාර්ගය අසල කොටසක් අද (27) නායයෑමට ලක්විය. 27 November 2025
පාතහේවාහැට නායයෑමෙන් අඹුසැමි යුවළක් මරුට පාතහේවාහැට මැදගම පල්ලේගම ග්‍රාම නිලධාරී වසමේ ඊයේ (26) රාත්‍රී කාලයේ සිදුවූ නාය යාමකින් පස් කන්දකට යටවීමෙන් අඹුසැමි යුවළක් මරණයට පත්ව තිබේ. 27 November 2025
නාඋල ප්‍ර.ස අය වැය සම්මතයි ජාතික ජන බලවේගයට බලය හිමි නාඋල ප්‍රාදේශිය සභා 2026 අය වැය වැඩි ඡන්ද තුනකින් අද (27) සම්මත විය. 27 November 2025
දිවුලපිටිය අයවැයත් සම්මතයි දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද හතරකින් ඊයේ (27) සභා සම්මත විය. 27 November 2025
ගාලු රෝහලේ දෙවැනි හෘද කැතීට රසායනාගාරය විවෘත කරයි ගාල්ල ජාතික රෝහලේ ස්ථාපිත කරන ලද දෙවැනි හෘද කැතීට රසායනාගාරය අද (27) සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් විවෘත කෙරිණි. 27 November 2025
නෝර්වුඩ් ප්‍රා.ලේ සේවකයින් උද්ඝෝෂණයක නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් සහ එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය ලබා ගන්නා සේවා ලාභීන් එක්වඅද (27) දින දහවල් එම කාර්යාලටය ඉදිරිපිට උද්ගෝෂණයක නිරතව සිට පසුව නිවාඩු ලබා සේවා ස්ථානවලින් බැහැරව ගියහ. 27 November 2025
මැතිසබේ හිංසන වාර්තාව: ක්‍රියාමාර්ග ගන්නවා පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදුවී ඇතැයි පැවසුණු හිංසන සහ අකටයුතුකම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු කමිටුවේ වාර්තාව කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවට ඉදිරිපත් කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 27 November 2025
ඔන්ලයින් දඩ දෙසැම්බර් 17 සිට දෙසැම්බර් මස 17වනදා සිට ඔන්ලයින් දඩ ගෙවීමේ ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 27 November 2025
නැගෙනහිර දුම්රිය ගමන් නවතී අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ත්‍රිකුණාමලය සහ මඩකලපුව නැගෙනහිර මාර්ගයේ දුම්රිය සේවා අඩාල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 27 November 2025
උඩරට මඟේ දුම්රිය හැටන් වලට සීමාවෙයි උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු හැටන් දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන ඇත. 27 November 2025
ගසක් කඩා වැටී පොලිස් සැරයන් මරුට රාත්‍රී රාජකාරී කටයුතු අවසන් කර තම නිවසට ගමන් කරමින් සිටි උඩමළුව පොලිසියට අනුයුක්තව රාජකාරී කළ සැරයෙන් වරයෙකු ගසක් කඩා වැටීම හේතුවෙන් බරපතල තුවාල ලබා අද (27) ජීවිතක්ෂයට පත්වූ බව උඩමළුව පොලිසිය පවසයි. 27 November 2025
වැස්සෙන් කළුතර 57 කට පිඩා මහ වැසි ,තද සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 ක නිවාස 15 කට අර්ධ හානි සිදුවී ඇතැයි කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් මහතා ඊයේ (27) දහවල් කීය. 27 November 2025
තමන්ගෙ වැයික්කිය ගැන බලන්නැයි ජනපතිගෙන් මන්ත්‍රීන්ට නියෝග ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දුන්නේය. 27 November 2025
දිස්ත්‍රික්ක අටකට රතු නිවේදන වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික් 08ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41කට අධියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ. 27 November 2025
උසස් පෙළ සෙනසුරාදාත් නෑ අපොස උසස් පෙළ විභාගය සෙනසුරාදා (29) දිනද නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර කරයි. 27 November 2025
මත් සැකකරුවෝ 860 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 860 ක් ඊයේ (26) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 27 November 2025
අම්පාරටත් වැස්ස සැරටම පවතින අධික වැසි සහිත කාලගුණය නිසා ඇතුවූ ගංවතුර තත්වය හේතුවෙන් ඊයේ (26) වන දින අවසන් වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 ක පවුල් 482 කට අයත් 1550 ක් දෙනෙකු පීඩාවට පත්ව සිටින බව, අම්පාර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 27 November 2025
ඊච්චලන්පත්තුවේ දී පහකට තියුණු ආයුද ප්‍රහාරයක් මිනීමැරුම් නඩුවකට පෙනි සිටීමට මුතුර් මහේස්ත්‍රාත් අධිකරණය යමින් සිටි සිව් දෙනකු ඇතුළු පස් දෙනකු ඊච්චලම්පත්තු ඉලංගතුරේ හන්දියේදී අද පෙරවරුවේ කපා කොටා ඇතැයි ඊච්චලන්පත්තු පොලිසිය කියයි. 27 November 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026