(අජිත්ලාල් ශාන්තඋදය)

මත්ද්‍රව්‍ය භාවිතා කර මගී බස් ධාවනය කළ රියැදුරන් අට දෙනකු රත්නපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ පරීක්ෂාවලින් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මගී බස් රථ 96ක් පරීක්ෂා කළ අතර ඉන් අටක රියදුරන්  මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට හදුනාගත් බව පොලීසිය පැවසුවේය.

මෙම පරීක්ෂාව සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හා එක්ව සිදු කරනු ලැබීය.

අත්අඩංගුවට පත් වූ රියදුරන් පැදවු බස් රථ ද රත්නපුර පොලිස් භාරයට ගනු ලැබීය. බස් රථ රියදුරන් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව රත්නපුර පොලීසිය පැවසුවේය.