මේවනවිට වෙළදපොල තුළ පහත වැටී ඇති වී මිල ඉහළ නංවා තම වී අස්වනු නිසි මිලකට අළෙවි කිරීම සඳහා මැදිහත්වන ලෙසට හා වෙළදපොල තුල ඉහළ නැග ඇති පොහොර මිල පහත හෙළා ගොවිතැන් කටයුතු සඳහා අත්‍යවශ්‍ය පොහොර සහන මිලට ලබා දීමට රජය වහා මැදිහත් වන ලෙසද ගොවීහු බල කර සිටියහ.

මින්නේරිය ගොවි ජන ව්‍යාපාරයට අයත් මින්නේරිය ඒකාබද්ධ ගොවි ව්‍යාපාරය විසින් මෙම ගොවි උද්ගෝෂණය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා මින්නේරිය ගොවිජනපද ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 22ක් නියෝජනය කරමින් ගොවි ගෙවිලියන් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

(සරත් නිශ්ශංක වෙලගෙදර,  චාපා මධුභාෂිණි,  හෙන්රි ලයනල් සහ  සුනිමල් හේවගේ)