
(දයාරත්න ඇඹෝගම)
වදාගම, ශ්‍රාවස්තිපුර පිහිටි ය රාජංගණයේ සද්ධාරතන හිමියන් වැඩවසන “දෙව්රම්” වෙහෙර විහාරස්ථානයට ඇතුලුවු පුද්ගලයන් දෙදෙනකු උන්වහන්සේට පහරදි ජංගම දුරකථන 02ක් හා ලැප්ටොප් වර්ගයේ පරිඝනකයක් පැහැර ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
පහරදිමේ හේතුවෙන් උන්වහන්සේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබති.
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පැමිණ ආවාස ගෙයට ඇතුලුවි උන්වහන්සේට පහරදි ජංගම දුරකථන දෙකක් සහ ලැප් ටොප් වර්ගයේ පරිඝනක යන්ත්‍රය පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාමුදුරුවෝ බුද්ධාගමේ නොවුණත් කියන සමහර දේවල් ඇත්ත. ඒවායින් රිදුණු කෙනෙක් තමයි මගේ මස්තිෂ්කයට තේරෙන විදියට මේක කරවන්න ඇත්තේ...
අපි හැමෝටම, වපුරන දේ තමයි අස්වැන්න හැටියට ලැබෙන්නේ...
කෑගැහිල්ල ඉවසන්න බැරි නිසා අවට ජනතාව කළ දෙයක් වෙන්න බැරිද?
දැං හරිනෙ, අනිත්‍යය මෙනෙහි කරලා භාවනා කරමින් ධර්මයේ හැසිරෙන්න...
පිටපත එයාගේමද කොහේද?
ඔබ වහන්සේ මාධ්‍යවලට දීපු වොයිස් කට් වලින් 70% වැඩි හරියක් තිබෙන්නේ කාට හෝ බනින ගහගන්න කතා කරන දර්ශන කවුරු හරි අභියෝගේ භාර අරගෙන ඇවිත් ඔබ වහන්සේ සමග ගහගන්න ඇති..., බුදුන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරා නම් මෙහෙම වෙන්නේ නැහැ... අද සිටවත් බුදු දහමට අනුකුලව කටයුතු කරන්න, ඔබ වහන්සේට ඉක්මන් නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා.
කාලයකට ඉහතදී තවත් එක මාලිමා වහලෙක්...