(කේෂර ගුණතිලක)

ඔක්කම්පිටිය  මාලිගාවිල ජෝතිඅමුණ ප්‍රදේශයේ වගා බිමකට අටවා තිබූ විදුලි රැහැනක පැටලී වන අලියකු සහ වන අලි පැටවකු  මියගොස් ඇත.

විශාල ප්‍රමාණයකින් යුත් උක්,පැපොල්,කෙසෙල් සහ වී වගා කර තිබූ ඉඩමකට වන සතුන්ගේ ආරක්ෂා කර ගැනීම සඳහා අටවා තිබූ විදුලි රැහැනක ගැටී සිද්ධිය වූ ස්ථානයේදීම මෙම වන අලින් දෙදෙනා මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු විස්සක් වයසැති අඩි හයක් උසැති සහ අවුරුද්දක් පමණ වයසැති අඩි හතරක් පමණ උසැති අලින් දෙදෙනෙකි.

ඉඩම රැකබලා ගනිමින් සිටි පුද්ගලයෙකු වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර විදුලි රැහැන ඇද තිබූ ඉඩමේ හිමිකරු ප්‍රදේශයෙන් පළා ගොස් සැඟවී ඇත.

ඔහුව අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සහ ඔක්කම්පිටිය පොලීසිය කටයුතු කරගෙන යයි.