
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර රැදී සිටියදී , එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , එරටින් පිටුවහල් කර ලංකාවට එවා තිබේ .
මොවුන් මෙරටින් පළා ගොස් අබුඩාබි නුවර සැගවී සිටින අතරතුර , මැදපෙරදිග යුද්ධයේ , ඉරානය විසින් ප්‍රහාර සදහා භාවිතා කළ ඩ්‍රෝන යානා සහ මිසයිල වල ජායාරූප සහ වීඩීයෝ දර්ශන තම ජංගම දුරකථන වල රදවා තබා ගෙන සිටියදී , එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , බන්ධනාගාර ගත කර , පසුව , මෙසේ මෙරටට පිටුවහල් කර එවා තිබේ.
මොවුන් අතරින් එක් අයෙකු කපුරු බණ්ඩාරගේ දොන් චතුර දිල්රුක්ෂාන් නොහොත් මෝදර නිපුනගේ මල්ලී නොහොත් මෝදර චතුර වේ .
අනෙක් පුද්ගලයා බ්ලූමැන්ඩල් සංඛ නැමති අයෙකි . ඔහු ද මෙරට තුළ අපරාධ රාශියක් සදහා පොලිස් විමර්ශන සදහා අත්‍යාවශ්‍යව සිටි පුද්ගයෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd