එයාර් බස් ගනු දෙනුවට නාමල් 29 තෙක් රිමාන්ඩ් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් බල ඇණියක් මිලදී ගැනීමේ ගනුදෙනුවේ දී රුපියල් කෝටි දහයක (මිලියන 100) අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 29 දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය. 18 September 2026
විමල්ගේ ප්‍රකාශයක් ගැන අධිකරණය කරුණු සොයයි එයාර් බස් ගණුදෙනුවේ සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ නාමල් රාජපක්ෂ මහතා අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශයක් සිදුකර අධිකරණයට අපහාසයක් කර ඇද්ද ? නැද්ද?යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කර කරුණු වාර්තා කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා පොලිස්පතිවරයාට අද නියෝග කළේය. 18 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ සිදු විය. 18 September 2026
පාකිස්තානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 17ක් මරුට පාකිස්තානයේ කොහාට් නගරයේ පොලිස් කඳවුරකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 17ක් මියගොස් තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට පොලිසිය අද ප්‍රකාශ කළේය. 18 September 2026
විසි දෙක ශ්‍රේෂ්ඨාධිකරණ මතය එන සඳුදා කතානායකට විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබන 21 වැනිදා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට බාරදීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 18 September 2026
ලෝකෙට තාක්ෂණික දැනුම දෙන ජාතියක් හදනවා ලෝකයෙන් තාක්ෂණික මෙවලම් ගෙනැවිත් පරිභෝජනය කරන රටක් වෙනුවට, ලෝකයටම නව තාක්ෂණික විසඳුම් ලබාදෙන නවෝත්පාදක ජාතියක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම රජයේ ප්‍රධාන ඉලක්කය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 18 September 2026
හිරුගෙන් බලය ගෙන රෑට එළිය දෙන බල ශක්ති පද්ධතිය විවෘත කරයි අනුරාධපුරයේ ඉදිකරන ලද මෙගාවොට් 10/ මෙගාවොට් පැය 40 බැටරි බලශක්ති ගබඩා පද්ධතිය, ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදු විය. 18 September 2026
යුරෝපා සංගමයේ හවුල් සාමාජිකත්වය කැනඩාවට යුරෝපා සංගමයේ පළමු ‘හවුල් සාමාජිකයා’ ලෙස කැනඩාව සම්බන්ධ කරගැනීමට යුරෝපා සංගමය කැමැත්ත පළ කර ඇත. මෙය කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කානි ප්රමුඛ රජයේ දැඩි පැසසුමට හේතුවක් බව පැවැසෙයි. 18 September 2026
බලවේග ව්‍යාපාර පහකින් කෝටි 11ක බදු පොල්ලක් බලවේග පේෂකර්ම ව්‍යාපාර පහක් ( මාතලේ ගලේවෙල අරංගල වත්තේගම උකුවෙල) පෞද්ගලික සමාගමකට අනූ නව අවුරුදු බදු පදනම මත ලබා දී තිබූණද එම ව්‍යාපාර අවුරුදු දහයක් පහළොවත් අතර කාලයක් වසා දමා තිබූ බවත් මෙම ඉඩම් සඳහා හිඟ බදු මුදල් අයවී නොතිබීමෙන් රජයට කෝටි 11කට ආසන්න මුදලක් අහිමි වී තිබූ බවත් ජාතික විගණන කාර්යාලය පවසයි. 18 September 2026
දරුවන් රකින්න හැම පියවරක්ම ගන්නවා ජාතියේ නිධානය වන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා වග කිව යුතු රජයක් ලෙස සියලු පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 18 September 2026
මන්ත්‍රී සුගත් වසන්තට පොදු රඳ මඩලු සම්මානයක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ’නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය’ (CPA New Parliamentarian Award 2026) හිමිකර ගැනීමට සමත් වී ඇත. 18 September 2026
පේෂකර්මෙ පුහුණුලාභී 32ක් පැදුරටත් නොකියා ගිහින් පුහුණුවන්නන් රඳවා ගැනීමේ සාර්ථකව උපාය මාර්ගික වැඩපිළිවෙළක් සකස් කර නොතිබීම හේතුවෙන් පේෂකර්ම දෙපාර්තමේන්තුවේ පුහුණුලාභීන් 32ක් ඉවත්ව ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ 18 September 2026
සහන දී ඇති නිසා පෙත්සම ඉදිරියට ගෙන යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් බලය සමානතා මූලධර්මය මත පදනම්ව ක්‍රියාත්මක කරන බවද රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් කඩවීම සම්බන්ධ පැමිණිලි ක්‍රියාත්මක කිරිමේ ප්‍රධාන මිනුම් දණ්ඩ වන්නේ සමානතා මූලධර්මයයි ඒ අනුව මූලික අයිතිවාසිකම් පෙත්සමක ඉල්ලා ඇති සහනය ලැබීමෙන් පසු පෙතසමක් ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවක සඳහන් කර ඇත 18 September 2026
සේවය හැර ගිය රස නිලධාරිනියට ලක්ෂ පහක දඩයක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකගේ වැටුප් රහිත අධ්‍යයන නිවාඩු 2024 දෙසැම්බර් 26 දිනෙන් අවසන් වීමෙන් පසු එදින සිට සේවයට නොපැමිණියද පසුගිය වසරේ ඔක්තෝබර් 15 සිට සේවය අතහැර යෑමේ නිවේදනය නිකුත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි 18 September 2026
අදානි පරදා ෂැන්ග් යීමින් ආසියාවෙන් පෙරමුණට ටික්ටොක් මව් සමාගම වන බයිට්ඩාන්ස්හි සම නිර්මාතෘ 43 හැවිරිදි ෂැන් යීමින් ඉන්දියාවේ ගෞතම් අදානි පසු කරමින් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇත. ඒ අනුව 43 හැවිරිදි චීන ජාතික ෂැන්ග් යීමින්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 105.5ක් පමණ වන අතර, ගෞතම් අදානිගේ වත්කම ඩොලර් බිලියන 104.8ක් පමණ වේ. 18 September 2026
මෙරට කතුන් ලක්ෂ 62කට රැකියා නෑ මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන් සියයට 58.1 ක් (ලක්ෂ 35.9ක් පමණ) රැකියාවක් කිරීමට අපේක්ෂා නොකරන්නේ පවුලේ වගකීම් එසේත් නැතිනම් ගේදොර වැඩ කටයුතු නිසාවෙන් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වර්තාවක දැක්වේ. 18 September 2026
නඩු භාණ්ඩ 43000 ක් රස පරීක්ෂකයේ ගොඩ ගැහිලා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ආහාර අංශය හැර අනෙකුත් සියලුම අංශයන්හි විමර්ශන නොකෙරුණු නඩු භාණ්ඩ 43656ක් ගොඩ ගැසී තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 18 September 2026
පාවෙන බල ශක්ති පද්ධතියෙන් හෙට සිට විදුලිය මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ස්ථාපනය කරනු ලබන පළමු බැටරි බලශක්ති ගබඩා පද්ධතිය අද (18) ජනතා අයිතියට පත් කෙරෙයි. 18 September 2026
කුඩු සලිඳුගේ ගෝලයෙක් කුඩු සමග මාට්ටු මහා පරිමාණ මත්ද්‍රවය ජාවාරම්කරුවකු වන සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුර කුඩු සලිඳු නමැත්තාගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළැයි කියන අයකු ඔහුගේ බිරිඳ සමග හොරයින් මත්ද්‍රව්‍යය බෙදා හරිමින් මුදල් එකතු කිරීමේ යෙදී සිටියදී රත්මලාන ගුවන්තොටුපොළ හංදියේදී ඊයේ (18) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. 18 September 2026
වාහන මිල පහළට වර්තමානයේ වාහන ඉල්ලුම පහළ ගොස් ඇති බැවින් වාහන මිල ලක්ෂ 3ත් 10අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අද ප්‍රකාශ කළේය. 17 September 2026
එල් නිනෝ වෙන් දිසා 10කට බලපෑම් එල්නිනෝ තත්ත්වයේ බලපෑම එල්ල වූ දිස්ත්‍රික්ක සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 17 September 2026
බන්ධනාගාර නිලධාරින්ගේ වැටුප් ගැන අයවැයෙන් අවදානය බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයේදී අවධානය යොමු කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. 17 September 2026
ඩොලර් සංචිත පිටරට පැටවූ බැංකු නිලධාරීන්ට අධිචෝදනා රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර රටේ ඩොලර් සංචිත මෙරටින් පිට කිරීමේ මහා ජාවාරමට සෘජුවම සම්බන්ධ වූ බව කියන වාණිජ බැංකු නිලධාරීන්ට නොබෝ දිනකින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා අද (17) පැවසීය. 17 September 2026
එජාප -සජබ නායකයෝ එක වහලක් යට ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු අද (17) එක වේදිකාවකට පැමිණියහ. ’’ජේ.ආර් ආණ්ඩු කරණය සහ මැද මාවත’’ ලෙස නම් කර තිබූ මෙම සමරු වැඩසටහන කොළඹ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. 17 September 2026
දෙහිවල දරු දෛදෙනාගේ ඝාතකයා සහ මඟපෙන්වාන්නා රඳවා ගෙන ප්‍රශ්න කරයි දෙහිවල නිවෙසකට අත් බෝම්බයක් එල්ල කර දරු දෙදෙනකු ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ ඔහුට මඟ පෙන් වූ බව කියන පුද්ගලයාට එරෙහිව පැය 48 ක කාලයකට රැඳවුම් නියෝග ලබාගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 17 September 2026
ලංකා ආර්ථිකය ස්ථාවර මාවතට ඇවිත් ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑතකාලීන ආර්ථික සාධක රැසකින් පැහැදිලි වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා ඇතුළු නියෝජිතයින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අද (17)පැවසීය. 17 September 2026
දුම්රිය ටිකට් ඔන්ලයින් ක්‍රමයට දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ මිල දී ගැනීමට පහසුකම් සලසා ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 17 September 2026
ත්‍රිරෝද රථ රියැදුරකු දෙමටගොඩදී වෙඩි තබා මරා දමයි දෙමටගොඩ කළුපාලම යටදි තීරෝද රථ රියදුරකුගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙමට ගොඩ පොලිසිය සඳහන්කරයි. 17 September 2026
එල්නිනෝ බලපෑම හොයන්න සමීක්ෂණයක් වියළි කාලගුණය අැති දිස්ත්‍රික්කවල ජනතාවගේ ජීවනෝපායට සිදුව ඇති බලපෑම පිළිබඳව සෙවීමට සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රගීත් දනන්සූරිය සඳහන් කළේය. 17 September 2026
22ක දිට්වාවට වඩා දරුණුයි 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු දිට්වා මෙන්ම තවත් දරුණු ව්‍යවසනයක් බව සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 17 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026