දුම්රිය ගමන් වාර 7 ක් අවංගු කරයි ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය ගමන් වාර 6 ක් සහ තවත් දුම්රිය ගමන් වාරයක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 16 September 2026
ලක්ෂ දෙකහමාරක අල්ලස් ගත් විදුහල්පතිට ඇප ගාල්ල උණවටුන රූමස්සල පිහිටි ප්‍රසිද්ධ විද්‍යාලයකට දරුවන් දෙදෙනකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ හයක මුදලක් ඉල්ලා රුපියල් ලක්ෂ දෙකහමාරක අල්ලසක් ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි විදුහල්පතිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය. 16 September 2026
මන්නාරම රෝහලට ඉන්දීය රජයෙන් ලොකු තෑග්ගක් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 16 September 2026
එයාර් බස් ගනුදෙනුවට නාමල් 23 තෙක් රිමාන්ඩ් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් 10ක් මිලදී ගැනීමේ දී අමෙරිකානු ඩොලර් ලක්ෂ 20ක් පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කළැයි අධිකරණයට ප්‍රධාන සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එළැඹෙන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. 16 September 2026
නාරාහේන්පිට මෝටර් රථ කාර්යාලය අසල සුද්ද කිරීම අරඹයි නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අසළ ජනතාවට හින්සාකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සහ රථ ගාල් ඉවත්කර එහි ආරක්ෂාව පොලිසිය යෙදවීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව පියවර ගත් බව කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 16 September 2026
රුමේෂ්ගේ හෙල්ලවලට අලාභය ගෙවන්න තුර්කි ගුවන් සමාගම තීරණය කරයි ලෝක මලල ක්‍රීඩා අවසාන ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනූ රුමේෂ් තරංග ක්‍රීඩකයාගේ හෙල්ල පහට ගුවන් යානයේ දී සිදු වූ අලාභය කඩිනමින් ප්‍රතිපූරණය කිරීමට තුර්කි ගුවන් සේවය තීරණය කර ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි. 16 September 2026
කුරුඳුවත්තේ ඉඩම් වංචාවේ ප්‍රධාන සැකකරු මාට්ටු කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි පර්චස් 79.71 ක වටිනා ඉඩමකට ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර කෝටියක මුදලකට ප්‍රසිද්ධ සමාගමකට විකිණීමට සම්බන්ධ වූයේ යැයි කියන ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 16 September 2026
හෝමාගම දුම්රිය හරස් මාර්ගය දින දෙකක් වැසෙයි දියගම සිට වල්ගම දක්වා අතුරුගිරිය මාර්ගය පුළුල් කිරීමේ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හෝමාගම දුම්රිය හරස් මාර්ගය පළලින් වැඩිකොට නවීකරණය කිරීමේ අරමුණින් එළඹෙන 19 දා පෙ.ව 08 සිට 20 දා පෙ.ව 05 දක්වා එම මාර්ගය හෝමාගම දුම්රිය ස්ථානය අසලින් තාවකාලිකව වසා දමන බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි ඉංජිනේරු ඩබ්ලිව් .ඒ.පී.ධර්මසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි. 16 September 2026
අලුත් චීන තානාපති රනිල් බලන්න එයි ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ දී අද(16) පැවැත්විණි. 16 September 2026
ජේ.ආර් සමරන්න රනිල් සජිත් එක් වෙති ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු හෙට (17) එක වේදිකාවට පැමිණෙති. 16 September 2026
ඉරාන යුද්ධයට බිලියන 38 ක් වැය කරලා ඇමෙරිකා රජය, ඉරාන යුද්ධය වෙනුවෙන් වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 38ක් යැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. ඇමෙරිකන් මාධ්‍ය මේ බව පැවැසුවේ, කොංග්රස් (පාර්ලිමේන්තුව) අයවැය කාර්යාලය නිකුත් කළ වාර්තා උපුටා ගනිමිනි. 16 September 2026
ශිරන්ති රට යාම ගැන රාජපක්ෂ පවුලෙන් ප්‍රකාශයක් ශිරන්ති රාජපක්ෂ මහත්මියට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට එන්නැයි දැනුම් දෙන ලිපිය බාර දී ඇත්තේ ඇය විදේශගත වීමට ගුවන් තොටුපළට පැමිණීමෙන් පසුව බව රාජපක්ෂ පවුල උපුටා දක්වමින් ප්‍රකාශකයෙක් පැවසීය. 16 September 2026
එල්නිනෝ විපත් ගොවීන්ට කෝටි හතක වන්දි ගෙවයි එල්නිනෝ තත්වය නිසා විපතට පත් ගොවීන් 2712 දෙනකුගේ හානියට පත් වගා බිම් අක්කර 3110 ක් සඳහා රුපියල් කෝටි 7.1 ක් ගෙවා නිමකර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. 16 September 2026
ශිරන්ති සිංගප්පූරුව බලා පිටත් වේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය. 16 September 2026
සෞදි ශ්‍රී ලංකයන්ට ආරක්ෂක උපදෙස් යේමනයේ හූති සටන්කාමීන්ගේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන්, සෞදි අරාබියේ බටහිර කලාපයේ හටගෙන ඇති හදිසි තත්ත්වයක් සැලකිල්ලට ගනිමින්, එහි වෙසෙන ශ්‍රී ලංකා පුරවැසියන් දැඩි අවධානයෙන් මෙන්ම ආරක්ෂාවෙන් පසුවන්නැයි ජෙඩා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කර ඇත. 16 September 2026
හූතිලා මක්කමට මිසයිල එවලා සෞදියේ මක්කම නගරය ඉලක්ක කරගනිමින්, යේමනයේ ෂියා මුස්ලිම් හූති සටන්කාමීන් එවූ පුපුරන ද්‍රව්‍ය ඇටවූ නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් ගුවනේදීම පහර දී විනාශ කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත් විය. 16 September 2026
ටි 56 උණ්ඩ සමග තරුණ කරනවෑමියා අත්අඩංගුවට මහියංගන ඇලාවෙල ප්‍රදේශයේ නිවසක ගෙවත්තක භාවිතා නොකරන පැරණි ජලනලයක් තුල සඟවා තිබූ T56 උණ්ඩ 5ක් සමග කොණ්ඩාකපන්නෙකු අත් අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසයි . 16 September 2026
පාසල් මහ ගොඩක ලොක්කෝ ඉකුත් වසරේ ’’ තුටු පඬුරු’’ අරන් බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඇතුළු නිලධාරීන් විවිධ පුද්ගලයන්ගෙන් සාද සහ විනෝද චාරිකා යනාදී වශයෙන් වරප්‍රසාද ලබාගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 16 September 2026
හූතිවරුන්ගෙන් සෞදියට ප්‍රබල ප්‍රහාරයක් ඉරානයේ සහාය ලබන යේමනයේ හූති සටන්කාමීන් සෞදි අරාබියට යළි මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර සෞදි අරාබිය අනතුරු අඟවා තිබුණේ හූති සටන්කාමීන් එල්ල කරන ප්රහාරයන් දැඩි පිළිතුරු ලබාදෙන බවටය. 16 September 2026
රාජ්‍ය සේවයට එනවා නම් ළමා අපරාධ චෝදනා නොතිබිය යුතුයි රාජ්‍ය සේවයට ප්රවේශවන, විශේෂයෙන්ම දරුවන්ට ප්‍රවේශය සහිත රැකියාවලට බඳවා ගැනීමේදී ඒ පුද්ගලයන් ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා නොලැබූ පුද්ගලයන් යැයි සහතික කරවා ගැනීමේ අවශ්‍යතාව සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය. 15 September 2026
කැනඩා මහ කොමසාරිස්වරිය- සුව ඇමති හමුවෙයි මෙරට කැනඩා මහකොමසාරිස් ඉසබෙල් මාරි කැතරින් මාටින් (Isabelle Marie Catherine Martin) මහත්මිය සහ සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද (15) පැවැත්විණි. 15 September 2026
ඩී.එන්.ඒ කඩිනම් කරන්න UN එකෙන් නවීන උපකරණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ DNA පරීක්ෂණ ධාරිතාවය තවදුරටත් වැඩිදියුණු කිරීම සදහා අත්‍යවශ්‍ය උපකරණ එක්සත් ජාතීන් සංවර්ධන වැඩසටහන විසින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ DNA රසායනාගාරයට ලබාදී තිබේ. 15 September 2026
අධිවේගී මාර්ගයට ප්‍රවාහන බලපත් වැරදි පාරෙන් දී රජයට පාඩු කළැයි හිටපු සභාපතිට ඇප බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් තොරව අධිවේගී මාර්ගයට මගේ ප්‍රවාහන බලපත්‍ර දෙකක් ලබා දී රජයට රුපියල් 41 60 000.00 පාඩුවක් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම අධිකාරියේ හිටපු සභාපතිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 15 September 2026
ලබන ජුනි වන විට ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් අරඹන්නැයි නියෝග පසුගිය වසරවල සංඛ්‍යා ලේඛන හා ප්‍රස්ථාර සටහන් නිරීක්ෂණය කිරීමේදී සෑම වසරකම ජූනි සහ ජූලි මාසවල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින් ලබන වසරේ ජූනි මාසයට පෙර සිටම විශේෂ ඩෙංගු මර්දන ව්‍යාපෘති ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය උපදෙස් දුන්නාය. 15 September 2026
දෙහිවල දෙදරු ඝාතනයේ බෝම්බකරු ත්‍රීරෝද රථ රියැදුරා මාට්ටු අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දෙහිවල සිරිසඟබෝ මාවතේ නිවෙසක නිදා සිටි දරුවන් දෙදෙනකු මරා දැමූ සිද්ධියේ අත් බෝම්බය එල්ල කළ ප්‍රධාන සැකකරු සහ ත්‍රී රෝද රථය පදවාගෙන පැමිණි පුද්ගලයා විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. 15 September 2026
මොන බලපෑම් ආවත් දූෂිතයන්ට අකුරට නීතිය ප්රජාතන්ත්රවාදී උරුමය සුරකිමින් තාක්ෂණයෙන් හා නීතියේ ආධිපත්‍යයෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩ නඟන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 15 September 2026
ආපදා වලට මූණ දෙන්න පෙරහුරු වැඩමුළු තියන්න යයි වැසි තත්ත්වය හමුවේ ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට අවදානම් ප්‍රදේශවල පෙරහුරු වැඩමුළු පැවැත්වීමට 15 September 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ සැක කාන්තා රැඳවියන් 17 අධිකරණයට මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී පොදුදේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ නම් කළ මීගමුව බන්ධනාගාරයේ කාන්තා ෙ රැඳවියන් 25 දෙනා 17 වැනිදා අධිකරණට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළාය. 15 September 2026
නුවරඑළියේ පෝනියන් නිදැල්ලේ යැවීමෙන් අනතුරු ඉහළට නුවරඑළියට දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන අවස්ථාවල සංචාරකයන්ව පෝනියන් පිට රැගෙන ගොස් ආදායම් ලබන පෝනියන්ගේ අයිතිකරුවන් බව පැවසෙන පිරිස සංචාරකයන් නොමැති අවස්ථාවල පෝනියන්ව අයාලේ යෑමට අතහැරීමෙන් සත්ව හිංසනයක් මෙන්ම පරිසර හානියක් සිදු වන බව නුවරඑළිය ප්‍රදේශවාසීන් කියා සිටියි. 15 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026