22ක දිට්වාවට වඩා දරුණුයි 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු දිට්වා මෙන්ම තවත් දරුණු ව්‍යවසනයක් බව සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 17 September 2026
රේණුක පෙරේරා රිමාන්ඩ් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ සඳහා මාර්ග ධාවන බලපත්‍ර ලබා දීමේදී සිදුවූවායැයි කියන වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා අද නියම කළේය. 17 September 2026
දිට්වා ගෙවල් කුලිය දෙන කාලය දිගු කරමින් චක්‍රලේඛයක් දිට්වා හදිසි ආපදාවෙන් තම නිවාස හානිවීම හේතුවෙන් තවදුරටත් කුලී නිවාස වල රැදී සිටින නිවාස හිමියන් සඳහා දැනට ගෙවනු ලබන රුපියල් 25,000 ක මාසික ගෙවල් කුලී දීමනාව ලබන දෙසැම්බර් මාසය දක්වා ගෙවීමට අදාළව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 17 September 2026
ජේ.ආර් පිළිරුවට පුෂ්පෝපහාර ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඔහුගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේදී අද (17) සිදු කෙරිණි. 17 September 2026
මැණිකෙලා හිරවෙලා දුම්රිය සාමාන්‍යාධිකාරි වරයා ඉවත්කරන ලෙසට බල කරමින් දුම්රිය වෘත්ති සමිති කීපයක් ආරම්භකර ඇති සංබේත වැඩ වර්ජනය නිසා උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ නානුඔය අතර සියළු දුම්රිය සේවා 1 මුළු මනින්ම නතර විය. 17 September 2026
කුඩු සමග ඇල්ලූ නළුවාට දඩ : අධිකරණයෙන් තරයේ අවවාදයක් මත් ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර වරද පිළිගැනීමෙන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය අද දින (17) රුපියල් පන්දහසක දඩයක් නියම කළේය. 17 September 2026
ආණ්ඩුව ජාත්‍යන්තරයට වූ පොරොන්දුවක් කඩ කරලා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරමින් ඒ වෙනුවට අලුත් පනතක් ඉදිරිපත් කරන බවට රජය ජාත්‍යන්තරයට වූ පොරොන්දුව මේ වන විට කඩ කර ඇතැයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 17 September 2026
ට්‍රම්ප්ගෙන් රුසියාවට නව සම්බාධක රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, රුසියාවට දැඩි ආර්ථික පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් සකස් කළ නව සම්බාධක ඇතුළත් පනත් කෙටුම්පතක්, ඇමෙරිකන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව) හමුවට ඉදිරිපත් කෙරුණු අතර, ඊට අනුමැතිය හිමිවිය. 17 September 2026
ෆීජි දූපත්වල ඒඩ්ස් රෝගීන් ඉහවහා යයි දකුණු පැසිෆික් සාගරයේ පිහිටා ඇති දූපත් 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත ෆීජී රාජ්‍යයෙන් එව්.අයි.වී. වසංගතයක් වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය පවසන්නේ, එව්.අයි.වී. ආසාදිතයන් ගණන ඉහළ යෑම හේතුවෙන් ෆීජී රාජ්‍යය, ජාතික අර්බුදයකට මුහුණ පා ඇති බවය. 17 September 2026
අරවින්දට - බිරියට එරෙහි වරෙන්තු ආපසු කැඳවයි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක ඇපකරුවන් දෙදෙනාට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළේය. 17 September 2026
ආයතන වලට ආචාර ධර්ම සංග්‍රහයක් ආයතනික ආචාරධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ එක්දින වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණ. 17 September 2026
ලංකාවේ ඛනිජ තෙල් හොයන්න පාර්ලිමේන්තු කමිටු අනුමැතිය ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. 17 September 2026
ඉරාන විදෙස් ඇමැති චීනයේ නිල සංචාරයක ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, චීනයේ සංචාරයක නියැලෙයි. චීනයට පැමිණි ඉරාන විදේශ අමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවුණු බව ද පැවැසෙයි. 17 September 2026
දුම්රිය මගීන්ට AC දුම්රිය මැදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හමුවේ වුවත්, යම් යම් අඩුපාඩු පැවැතියත්, දුම්රිය මගීන් අපහසුතාවට ලක් නොකර, උදෑසන කාර්යල දුම්රිය ධාවනය සිදුවුණු බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසයි. 17 September 2026
නවක වදය ගැන අගමැතිනිය තදින් සිටී විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. 17 September 2026
නුගේගොඩ දුම්රිය ස්ථානයේ දොරටු වැසේ : මගීන් ඇතුළේ කොටුවේ දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසන නුගේගොඩ දුම්රිය ස්ථානයේ පිටව යන දොරටුව ඉබි යතුරු දමා වසා තිබීම නිසා අවිස්සාවේල්ල සිට කොටුව දක්වා ධාවනය වූ දුම්රියකින් නුගේගොඩට පැමිණි මගීන්ට දුම්රිය ස්ථානයෙන් පිටව යෑමට නොහැකි වීමෙන් දැඩි අපහසුතාවයකට පත් වූ බව මගීහු පවසති. 17 September 2026
නව චීන තානාපති - අගමැතිනිය හමුවෙයි ශ්‍රී ලංකාවේ නව චීන තනාපති ලෙස පත් වූ වේයි හුවාෂියැං මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 17 September 2026
නිලධාරීහු 360ක් හොර සහතිකයෙන් සමෘද්ධියට රිංගලා : 77 ක් දොට්ට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කීපදෙනෙකු ඇතුළු විවිධ තරාතිරම්වල නිලධාරීන් 360 දෙනෙකු එම තනතුරු ලබාගෙන ඇත්තේ ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීමෙන් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 17 September 2026
අක්කරේට වී බුසල් 120ක් ගන්න බැරිනම් සහනාධාර දීලා වැඩක් නෑ අඩුම තරමින් අක්කරයකට වී බුසල් 120ක් වත් ගන්න බැරි නම් වාරිමාර්ග වලට,පොහොර සහනාධාරයට වෙන්කරන මුදල් වලින් තේරුමක් නැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවැසීය. 17 September 2026
දුම්රිය ටිකට් නෑ : නිවේදනත් නෑ මගීන් නනත්තාරයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති 26ක් ආරම්භ කළ වැඩවර්ජන හේතුවෙන් දුම්රිය ගමන් වාර කීපයක් අවලංගු කර ඇති අතර දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ද අත්හිටුවා තිබේ. 17 September 2026
වර්ජනය මැද්දේ කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි දුම්රිය සේවකයන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48 වර්ජනයක් ක්‍රියාත්මක කළ ද අද පෙරවරු කාලයේ සියලුම මාර්ග වල කාර්යාල දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය වූ බව කාර්යාල සේවකයෝ පවසති. 17 September 2026
මට්ටක්කුලියේ අනතුරකින් තුනක් මරුට : අටක් රෝහලට මට්ටක්කුලිය රාශපුලම් කන්ද හතරමං හන්දියේදී මෝටර් රථයක් වාහන හතක ගැටී පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් අට දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 16 September 2026
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ස්ථාන යළි නාය යාමේ අවදානමක් පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ ඇතැම් ස්ථානවල නායයෑම් පූර්ව ලක්ෂණ මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. 16 September 2026
ත්‍රි’ මලේට හෘද රෝග ඒකකයක් නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් ලබා දීමේ අරමුණින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) සිදු විය. 16 September 2026
දූෂණ විරෝධී කෙටුම්පත මැතිසබා න්‍යාය පුස්තකයට දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. මෙම කෙටුම්පත ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 16 September 2026
හිස්බුල්ලා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති පුටුවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එල් ඒ. එම් හිස් බුල්ලා මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව සභාපතිවරයා ලෙස ඒකමතිකව තෝරා පත් කරගෙන ඇත. 16 September 2026
අරවින්ද ද සිල්වාට, බිරියට වරෙන්තු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් ලක්ෂ 20ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර මියගිය කපිල චන්ද්‍රසේන සැකකරුගේ බිරිඳට ඇප තැබූ අරවින්ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වරෙන්තු නිකුත් කළේය. 16 September 2026
පැය 48 දුම්රිය වර්ජනය අද මැදියන් රැයේ සිට අරඹයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති 26 ක් එකතුව ක්‍රියාත්මක කරන දෙදින වැඩවර්ජනය අද (16) මාධ්‍යම රාත්‍රී සිට ආරම්භ කරන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු, දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි. 16 September 2026
රුමේෂ් තරංගට ඩඩ්ලිගෙන් ලෝකයේ හොඳම හෙල්ල ලෝක ශූර රුමේෂ් තරංග ක්‍රීඩකයාට මෙතැන් සිට සෑම වසරකම ලෝකයේ හොඳම තත්වයේ හෙල්ල ලබා දීමට කටයුතු කරන බව අරලිය ව්‍යාපාරයේ නිර්මාතෘ ව්‍යවසායක ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. 16 September 2026
තාරුණ්‍යයට නව ජාතික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්තිය ලබන වසරේ මුල් කාර්තුවේදී ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. 16 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026