
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය ‘‘සුළි කුණාටුවක්‘‘ දක්වා වර්ධනය වී ඇති අතර එය මුරාසු ලෙස නම් කර ඇත.
එම පද්ධතිය නොවැම්බර් 01 දින පෙරවරු 11.30 වන විට උතුරු අක්ෂාංශ 12.1° සහ නැගෙනහිර දේශාංශ 85.3° ආසන්නයේ කේන්ද්රගතව පැවැතුණි.
මුරාසු සුළි කුණාටුව බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 2 වැනි දා උදෑසන වන විට ගිනිකොණ දිග සහ යාබද බස්නාහිර - මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකිය.
එය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 2 වැනි දින මධ්යම රාත්රිය සහ 3 වැනි දින අලුයම් කාලයේ පමණ වන විට අන්ද්රා ප්රදේශයේ වෙරළ හරහා ඉන්දියානු ගොඩබිම වෙත ගමන් කරනු ඇතැයි අපෙක්ෂා කෙරේ.
පහත සිතියමේ "Warning" කාණ්ඩයට අයත් මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 70 - 80 දක්වා වැඩි විය හැකි අතර ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බැවින් මෙම මුහුදු ප්රදේශ ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එමනිසා උතුරු අක්ෂාංශ 10 ත් 15 ත් සහ නැගෙනහි දේශාංශ 80 ත් 90 ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්රදේශවල ධීවර කටයුතු වල යෙදෙන ප්රජාවන්ට ආරක්ෂිත ප්රදේශ කරා යාත්රා කරන ලෙසත් උදෙස් දෙනු ලැබේ.
මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්රිකුණාමලය දක්වා ගැඹුරු මුහුදු ප්රදේශවලත් නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙසත් දැනුම් දෙනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd