මහ වැස්සෙන් බගවන්තලාවේ පාසලක් යටවේ කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව සෙන්මේරිස් ජාතික පාසලේ පහත්බිම්වල පිහිටි ගොඩනැගිලි රැසක් ජලයෙන් යටවී ඇතැයි පසාල් ප්‍රකාශකයෙක් කීය. 20 September 2026
මහයාව උමග දෙසැම්බරයේ ජනතා අයිතියට මහයියාව උමං මාර්ගයේ වැඩ 80%ක් අවසන් කර ඇති අතර දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීම ඉලක්කය බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 20 September 2026
පස්බාගේ කෝරලයට රතු නිවේදන මහවැලි ගංඟාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුල ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් කරයි. 20 September 2026
දරුවාගේ ඉදිරි ගමනට ආබාධ සහිත බව බාධාවක් නොවේ ආබාධ සහිත හෝ වෙනත් විශේෂ අවශ්‍යතා තිබීම දරුවෙකුගේ ඉදිරි ගමනට බාධාවක් නොවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. දරුවන්ගේ සැබෑ කුසලතා වලට මුල්තැන දෙමින් බාධා වලින් තොර සැමට සම අවස්ථා ඇති සමාජයක් ගොඩනැගීමට රජය පූර්ණ ලෙස කැපවී සිටින බව ද අග්‍රාමාත්‍යවරිය කීවාය. 20 September 2026
තේ දළු කඩමින් සිටි පිරිසකට බඹරු අනිති තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට දහවල් එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරුවන් 5 දෙනෙකු වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත. 20 September 2026
හොර ලේඛන සැකසීමට අනුන්ගේ ගුවන් ගමන් බලපත් 48ක් සමග ආගමන විගමන හිටපු ක.ක.ස මාට්ටු කූට ලේඛන සැකසීම සඳහා අන් සතු ගුවන් ගමන් බලපත්‍ර 48 ක් සන්තකයේ තබා ගෙන සිටි බව කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු කාර්යාල කාර්ය සහායකයකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය සඳහන්කරයි. 20 September 2026
බස් අනතුරින් සිසුවියෝ පහකට රෝහලට බණ්ඩාරවෙල විශාඛා බාලිකා මහ විද්‍යාලයේ පැවැත්වෙන ඉංග්‍රීසි මාධ්‍ය තරඟයකට සහභාගිවීම සඳහා එමින් සිටි බණ්ඩාරවෙල විදුහලක දූ දරුවන් පිරිසක් රැගත් බස් රථයක් බණ්ඩාරවෙල නගරය ආසන්න අතුරු මාර්ගයකදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පාසල් දරුවන් පස්දෙනකු තුවාල ලබා බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවල මූලස්ථාන පොලිසිය පැවසීය. 20 September 2026
සමෘද්ධියේ ණය කෝටි හයක් බොල්වෙලා සමෘද්ධි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලබාදී අැති ණයවලින් රුපියල් කෝටි 1290ක් අයවීමට තිබුණු බවත් මෙම සේවක ණයවලින් රුපියල් හය කෝටියකට වැඩි මුදලක් ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් අයකර ගැනීමට කටයුතු නොකර බොල් ණය වශයෙන් කපා හැර තිබූ බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 20 September 2026
විමලසුරේන්ද්‍ර වාන් දමයි ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවලට අද (20) දින අලුයම ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමළසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන ඇත. 20 September 2026
ඌවපරණගම දබගොල්ල කන්ද පුපුරලා ඌවපරනගම යාලගමුව දබගොල්ල කන්ද ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවධානමක ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (20) පැවසීය . 20 September 2026
මෝටර් රථ ප්‍රවාහනයෙන් ගැටලු කියන්න වට්ස්ඇප් අංකයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන් මුහුණ දෙන ගැටලු, පැමිණිලි සහ අදහස් ලබා ගැනීම සඳහා 074 245 3300 යන වට්ස්ඇප් දුරකථන අංකය අද (19) විවෘත කළේය. 19 September 2026
ජනපති අරමුදලින් රජරට සරසවියට ’’ඇස්’’ ජනාධිපති අරමුදලින් විශ්ව විද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ ලබා දීමේ වැඩසටහනේ පළමු වැඩසටහන අද (19) දිනය පුරා රජරට විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි. 19 September 2026
මහනුවර පාරක් ගිලා බසී පවතින වැසි තත්වය හේතුවෙන් පූජාපිටිය - මැදවෙල මාර්ගය මඩදෙණිය ප්‍රදේශයෙන් ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා ඇති බව මාර්ග සංවර්ධන අධිකරිය සඳහන් කරයි. 19 September 2026
කළුබෝවිල අවිශ්කගේ කුඩු බෙදූ දෙකක් ගිනි අවි තුනක් සමග මාට්ටු කොහුවල විජයබා මාවත,නිවසකින් ගිනි අවි තුනක් හා මත්ද්‍රවය සමග පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. 19 September 2026
අගමැති කාර්යාලය ලේ දන් දෙයි අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුබසාධක සංගමය සංවිධානය කරන ලද ලේ දන්දීමේ කඳවුර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සාර්ථකව පැවැත්විණි. 19 September 2026
මා ඔයේ දිය නාන්න ගිය දෙකක් මරුට:දෙකක් අතුරුදන් බඩල්ගම මස් සැකසුම් ආයතනයක සේවයේ නියුතු තරුණියන් තිදෙනකු හා තරුණයකු කාබන් කර්මාන්ත ශාලාව පිටුපස මා ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේ තරුණයකු සහ තරුණියක දියේ ගිලී මියගොස් ඇති අතර තවත් තරුණියන් දෙදෙනකු ගසාගෙන ගොස් අතුරුහන්ව ඇතැයි බඩල්ගම පොලිසිය කියයි. 19 September 2026
අධිවේගයේ ’’සීට් බෙල්ට්’’ අද සිට අනිවාර්යයි අධිවේගයේ ගමන් කරන වාහනවල සියලුම පියතුරන් මෙන්ම මගීන් ආසන පටි පැළඳීම අද(19) සිට අනිවාර්යය වෙයි. 19 September 2026
අනෝජන් සිද්ධිය එන සතියේ මැති සබයට සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී සිටින අනෝජන් සිවරාජා නමැති ලාංකික තරුණයා නිදහස් කරගැනීම සඳහා තමා ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දීර්ඝව කතා කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා ප්‍රකාශ කළේය. 19 September 2026
’’දිට්වා’’ පාසල් 150ක් විද්‍යා පීඨ 07ක් වනසයි: පාඩුව කෝටි 227 ක් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ජාතික පාසල් 150 කට හා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ හතක දේපළවලට රුපියල් කෝටි 227 ක පාඩුවක් සිදුව ඇතැයි අමාත්‍යාංශයේ ඉංජිනේරු අංශය ඇස්තමේන්තු කර ඇත. 19 September 2026
බොරු ලෙඩ පෙන්නා රට පනින ලොක්කන්ට බුද්ධි දැලක් විවිධ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හෝ වෙනත් අංශ විමර්ශන ආරම්භ කිරීමෙන් පසු බොරු ලෙඩ මවාපාමින් විදේශගතවීමට උත්සාහ දරන දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ගැන තොරතුරු සොයා බැලීමක් කරන ලෙස රජය, බුද්ධි අංශවලට දැනුම්දී ඇත. 19 September 2026
වොලිබෝලි විනිසුරුවරිය අනතුරින් මරුට වයඹ පළාත් ක්‍රීඩා නිලධාරිනියක සහ වෙරළ වොලිබෝල් විනිසුරුවරියක් කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයේ මැටියගනේ, දුම්මලේවත්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් මරණයට පත්ව ඇතැයි නාරම්වල පොලිසිය කියයි. 19 September 2026
හිස් කළ බෝවතැන්න යළි පුරවයි නඩත්තු කටයුතු සහ රොන්මඩ ඉවත් කිරීම සඳහා සම්පූර්ණයෙන්ම හිස් කළ බෝවතැන්න ජලාශය නැවත සම්පූර්ණයෙන්ම ජලය පුරවා අවසන් කළ බව ජලාශභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා අද පැවසීය. 19 September 2026
ලංකාවේ අරගලය ජිනීවා යයි අරගල සමයේදී තම නිවසට සහ දේපළවලට හානි කිරීමේ සිද්ධිය ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් තවමත් නීතිමය කටයුතු කිසිවක් ක්‍රියාත්මක වී නැති හෙයින් ඒ ගැන පරීක්ෂණයක් අරඹා වහා සොයා බලන්නැයි විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරයි. 19 September 2026
ඩී.එන්.ඒ වාර්තාවෙන් කෝටියක පොලිස් පොල්ලක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඩී.එන්.ඒ වාර්තා වෙනුවෙන් පොලිස් ස්ථානවලින් අය කර ගත යුතු රුපියල් කෝටියක ආසන්න මුදලක් අය කර ගැනීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 19 September 2026
විල්පත්තුවේ කුඹුක් ගස් කැපීම: අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිම් කලාපයේ වනාතවිල්ලුව පරණ එළුවන්කුලම නෙළුම්වැව ප්‍රදේශයේ කුඹුක් ගස් 500ක් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස්දී ඇත. 19 September 2026
පැලවත්ත හැර අනෙක් සියලු පක්ෂ එක් විය යුතුයි පැලවත්ත හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ වැඩ කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතමින් අද පැවසීය. 19 September 2026
කතුන් දෙදෙනකු සිටි නිවෙසක පොලිස් නිල ඇඳුම් ගිනි අවි සඟවලා මහියංගන සොරබොර වැව ප්‍රදේශයේ නිවසක කාමරයේ ඇදක් යට සගවා තිබූ විදේශ රටක නිෂ්පාදිත මිළිමීටර් 9 වර්ගයේ පිස්තෝල දෙකක්, පොලිස් නිළ ඇදුම් කට්ටල 4ක්, මත්ද්‍රව්‍ය ග්‍රෑම් 239යි මිළිග්රෑම් 620ක් සිය බාරයට ගත් බව මහියංගන පොලිසිය පවසයි . 19 September 2026
වසර 100 කට පසු නව බළල් විශේෂයක් හමුවෙලා වසර 100 කට පසු, නව වල් බළල් විශේෂයක් බොලිවියාවෙන් හමුවුණු බව විද්‍යාඥයෝ පවසති. ටිල්කයා බළලා (Tilcaya cat) යනුවෙන් පොදු නමින් හැදින්වෙන මේ සත්වයාගේ විද්‍යාත්මක නාමය ‘ලියෝපාර්ඩ්ස් ටිල්කයෝ’ (Leopardus tilcayo) ය. 19 September 2026
වැඩවර්ජනයෙන් දුම්රියට කෝටි 5 ක ආදායමක් අහිමියි දුම්රිය සාමාන්යාධිකාරියවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩවර්ජන හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 5 කට ආසන්න ආදායමක් අහිමි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු අද (18) ’ලංකාදීප’යට පැවසීය. 18 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026