අල්ලස් දෙන්න ගිය රක්ෂණ ඉංජිනේරුවාට ඇප අනතුරට පත් වාහන සඳහා රක්ෂණ වන්දි ගෙවීමට අදාල රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමේ දී රජයේ අතිරේක රස පරීක්ෂකවරයාට අල්ලස් ලබා දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලික රක්ෂණ සමාගමේ ඉංජිනේරුවරයා ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 02 April 2026
දැයට කිරුළ වැසිකිළි ටෙන්ඩරයෙන් ගසා කෑ හිටපු අධ්‍යක්ෂිකාවට ඇප ශ්‍රී ලාංකීය මහජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කළ දැයට කිරුළ 2013 ජාතික ප්‍රදර්ශනයේ දී තාවකාලිකව ඉදිකළ වැසිකිළි සිය පුතාගේ සමාගමට ලබා දෙමින් රජයට රුපියල් ලක්ෂ 90ක පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දැයට කිරුළ හිටපු අධ්‍යක්ෂිකා හා හිටපු සහකාර ලේකම් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ නියෝග කළේය. 02 April 2026
වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අමාරුවේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ගැටලු ඇතුලු ඉල්ලිම් සඳහා නිසි විසදුම් ලබා නොදීම හේතුවෙන් රට පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද (2) දිනයේත් දීපව්‍යාප්ත වර්ජනයක නිරත රෝගී සත්කාර සේවා බිද වැටී තිබිණ. 02 April 2026
මාතර සමුපකාර රෝහලේ උණුසුම් තත්වයක් මාතර සමුපකාර රෝහලට සිදු කරන දේශපාලන බලපැම් නතර කරන ලෙස ඉල්ලා එහි සේවක සේවිකාවන් අද උදෑසන සිට රාජකාරීවලින් ඉවත් වී ආරම්භ කළ උද්ඝෝෂණයක් හේතුවෙන් දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය. 02 April 2026
කෝටි 25ක කුෂ් ගුවන්තොටෙන් මාට්ටු රුපියල් විසි පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වන ’’ රක්ත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ සයිලන්සර් අලුත්වැඩියා කරන්නෙක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද පස්වරුවේ අත් අඩංගුවට ගනු ලැබීය. 02 April 2026
මහනුවර අනතුරේ අනෙක් සිසුවාත් මිය යයි මහනුවරදී අද අලුයම සිදු වූ යතුරු පැදි බස් රථ අනතුරින් තුවා ලබා රෝහල් ගතව සිටි අනෙක් සිසුවා ද අද සවස මියගිය බව පල්ලේකැලේ පොලිසිය කියයි. 02 April 2026
අඛණ්ඩව පොහොර දෙනවා ගොවි ජනතාවට අඛණ්ඩ පොහොර සැපයුමක් තහවුරු කිරීම රජයේ අරමුණ බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 02 April 2026
ජාතික පාසල් වල සිසු පුරප්පාඩු පුරවයි 2026 අධ්‍යයන වර්ෂයේ ජාතික පාසල් වල අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. 02 April 2026
සේවාදායකයාට වැරදි උපදෙස් දුන් නීතිඥයාට සී.අයි.ඩීයට එන්නැයි නියෝගයක් නඩු කටයුත්තකට අදාළව සේවාදායකයකුට නීතී විරෝධී උපදෙස් දුන් බව කියන සිද්ධියක් පිළිබඳ ආරම්භ කර ඇති විමර්ශනය සම්බන්ධයෙන් රහස් පොලිසියේ පෙනී සිට ප්‍රකාශයක් දීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අදාළ නීතීඥවරයාට අද (02) නියම කළේය. 02 April 2026
අයිඑම්එෆ් ලොක්කෝ පාර්ලිමේන්තුවට එති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන සහ සයවන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් කතානායක, නියෝජ්‍ය කතානායක සහ පක්ෂ නායකයින් සමග පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සාකච්ඡා පැවැත්වූහ. 02 April 2026
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් මානද යහම්පත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 68 වන මාණ්ඩලික ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් මේජර් ජෙනරල් මානද යහම්පත් අද (2) දින සිට පත්කර ඇත. 02 April 2026
කලටුවාව ජල ධාරිතාව තවත් දින 20යි:ජලය සිමා කරයි ජල සම්පාදන මණ්ඩලය සතුව පවතින සීමා සහිත ජලධාරිතාව සැලකිල්ලට ගනිමින් ජල සැපයුම සීමා කිරිම අද (2) සිට ආරම්භ කරන බව ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසනවා. 02 April 2026
අනතුරින් ‘සිල්වෙස්තර‘ සිසුවා මරුට ශාන්ත සිල්වෙස්තර විදුහලේ උසස් පෙළ සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අද (02) පෙරවරුවේදී පල්ලේකැලේ යුද හමුදා කඳවුර අසලදී යතුරුපැදිය බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් එක් සිසුවෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් සිසුවෙකු බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ. 02 April 2026
රෝහල් වල ඔක්සිජන් භාවිතයට මාර්ගෝපදේශ මාලාවක් රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිත කිරීම සම්බන්ධ මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය NH COLLECTION හෝටලයේ දී පැවැත්විණි. 02 April 2026
මීටියාගොඩ නිවසකින් උණ්ඩ 109 ක් සොයාගනී සංවිධානාත්මක අපරාධකරුවකු වන සොබනා හන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ සහෝදරයාගේ නිවෙසේ සිටියදී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සැකකරුවන් 4 දෙනාගෙන් ලද තොරතුරු මත එක් සැකකරුවකුගේ නිවෙස පිටුපස වළදමා තිබී උණ්ඩ 109 ක් සොයා ගත් බව මීටියාගොඩ පොලිසිය පවසයි. 02 April 2026
කැනඩා සිහිනය පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි එංගලන්තය,කැනඩාව,ඔස්ට්‍රේලියාව වැනි රටවල්වල රැකියා අවස්ථා දෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සදහා ත්‍රීකුණාමලය විශේෂ අපරාධ විමර්ශන කාර්යංශය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. 02 April 2026
‘‘ටෙලිකොම්,එයාර් ලංකා,රක්ෂණ සහ ලංකා හොස්පිටල් විකුණන්නේ නෑ‘‘ ශ්‍රී ලංකා ටෙලිකොම්” එයාර් ලංකා සමාගම” රක්ෂණ සමාගම් සහ ලංකා හොස්පිටල් සමාගම් විකිණීමට පසුගිය රජය ගත් තීරණ ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (02) දැනුම් දුන්නේය. 02 April 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම ප්රජාතන්ත්ර විරෝධීයි ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ පමණක් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත් එය අධිකරණයේ ස්වාධීනත්වනයට ඉතාම අහිතකර මෙන්ම අපහාසාත්සක තීරණයක් වනු ඇති බවත් හිටපු අමාත්‍යවරයකු වන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය. 02 April 2026
ගල්අඟුරු වංචාව පිටුපස ජනාධිපති ඉන්නවා ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු කරනවා නම්, ගල් අඟුරු වංචාව වංචාවක් ලෙස දකින්නේ නැත්තම් ජනාධිපතිවරයා ද ගල් අඟුරු වංචාවට සම්බන්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද (2) පැවසීය. 02 April 2026
කප්පම් ගත්තැයි සී අයි අත්අඩංගුවට පුද්ගලයෙකුගෙන් රුපියල් දෙලක්ෂ හතලිස් හය දහසක කප්පමක් ලබාගත් බවට සැකකරන සබරගමු පළාත්භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගේ කාර්යාලයට අනුයුක්තව සේවයේ නියුතු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් රත්නපුර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 02 April 2026
ගාල්ලේ ස.සං.නි. 13 ක් සා. පෙළ හොර සහතික දිලා ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරින් 13 දෙනෙකුගේ අ.පො.ස සාපෙළ විභාග සහතික සනාථ කළ නොහැකි එවා බව විභාග කොමසාරිස් ජනරාල් විසින් දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂක වෙත දන්වා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත. 02 April 2026
මුහුදු බෙල්ලන් - මුව අං තට්ටු තොගයක් අල්ලයි ගුවන් හමුදා බුද්ධී ලබා දුන් තොරතුරක් මත වනජීවි නිළධාරින් විසින් සිදුකල විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් තිදෙනෙකු සමඟ සන්තකයේ තබා ගත නොහැකි සුවිශේෂ මුහුදු බෙල්ලන් හා මුව අං තට්ටු විශාල තොගයක් බුලත්සිංහල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිමට කටයුතු කර තිබිණි. 02 April 2026
අප්‍රේල් 16-17 මාර්ගගතව වැඩ කරන්න හැකිදැයි සොයයි අප්‍රේල් 16 සහ 17 යන දිනවල රජයේ ආයතනවල මාර්ගගතව රාජකාරී කිරීමේ හැකියාව සොයා බැලීමට රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුව තීරණය කළේය. 02 April 2026
චමල්ගේ පුතාට, කපිලගේ බිරියට වරෙන්තු චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝධරගම මහතා අද විවෘත වරෙන්තු කළේය. 02 April 2026
හිටපු ඇමති මහින්ද විජේසේකර දිවිසැරිය නිම කරයි හිටපු අමාත්‍යවරයකුවූ මහින්ද විජේසේකර මහතා අභාවප්‍රාප්ත විය 02 April 2026
ත්‍රිරෝද කොල්ල කල්ලියක තිදෙනකු අල්ලයි ත්‍රිරෝද රථ කොල්ලකා අලෙවි කරන කල්ලියක සැකකරුවන් තිදෙනෙකු සොරාගත් ත්‍රිරෝද රථ 03 ක් සමඟ අත්අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය පවසයි. 02 April 2026
වෑන් රිය ප්‍රපාතයට: 5ක් රෝහලට කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයෙදි වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එම වෑන් රථයේ ගමත් ගත් 5 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට අද (02) අලුයම ඇතුලත් කළ බව කොත්මලේ පොලීසිය කියයි් 02 April 2026
ට්‍රම්ප් ජාතිය අමතයි ට්‍රම්ප් ඇමෙරිකා ඉරාන යුද්ධය ගැන කතා කළේය. ඇමෙරිකාව ඉරානයට පහර දෙමින් යුද්ධය ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 28 වැනිදාය. යුද්ධය ආරම්භ වීමෙන් පසු ට්‍රම්ප්, විටින් විට නොයෙක් නොයෙක් පරස්පර විරෝධී ප්‍රකාශ කළත්, ට්‍රම්ප් ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකානුවන් අමතමින් සජීවීව ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙය විය. 02 April 2026
අන්තර්ජාල අපරාධ සඳහා මෙරටට පැමිණි විදෙස් ජාතිකයින් 9ක් කොටුවෙයි අන්තර්ජාලය භාවිතා කරමින් මූල්‍ය අපරාධ කිරීම යොදා ගන්නා රුපියල් ලක්ෂ පහලොවක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමග විදේශීය ගුවන් මගීන් 09 දෙනෙකු , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ (Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කරමින් සිටියදී , අද(02 ) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ . 02 April 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026