
(අංජුල මහික වීරරත්න)
2026 යල කන්නයේ වී වගාව සහ ගොවි ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 46006ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
වී අලෙවි මණ්ඩලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් මෙම මුදල් වෙන් කර ඇත.
2026 යල කන්නයේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන ජූලි 13 දින අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රදේශයෙන් ආරම්භ කෙරෙන අතර නාඩු වී කිලෝව රුපියල් 120කට, සම්බා වී කිලෝව රුපියල් 130කට සහ කීරි සම්බා වී කිලෝව රුපියල් 140කට රජයේ සහතික මිල යටතේ මිලදී ගන්නා බව රජය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd