(ගයාන් සූරිය ආරච්චි)

ධීවර හා ජලජ සම්පත් පනත යටතේ පනවා ඇති නීති හා රෙගුලාසි උල්ලංඝනය කර බෝට්ටු 12 ක් ආධාරයෙන් රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුතු මෙරටට රැගෙන එන ලද මුහුදු කූඩැල්ලන් 60,448 ක් සමග මන්නාරම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 26 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව එම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් හා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් සමග ඒකාබද්ධව මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.