ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද (10) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව පවුලලේ ඥාතීහු පැවැසූහ.

මිය යන විට ඇය 68 වියෙහි පසු වූ ඇය  බටහිර ආරේ වේග රිද්ම ගායිකාවකි.   

ඇයගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය පුරාම ඇය සදාකාලික සම්භාව්‍ය කෘති රාශියක් ඉදිරිපත් කළාය. ඇගේ වඩාත් ප්‍රසිද්ධ ජනප්‍රිය ගීත අතරට 'කැන්ඩි ලැමිස්සි' 'රහසයි සොඳුරු ජීවේ', 'සිහින නෙළුම් මල්', 'නෙළුම් මලේ පෙති කඩලා', 'කුමාරණනේ', 'යොවුන් සිහින ලෝකේ' සහ 'පහන් නොවනා රැයක' ඇතුළත් වේ.

ශ්‍රී ලාංකික පොප් සහ බයිලා සංගීතයට ඇයගේ අද්විතීය ශෛලිය සහ දායකත්වය කල් පවතින සංගීත උරුමයක් ඉතිරි කරයි.