දේශක දමින්ද දිසානායකත් රට නගන අරමුදලට දායක වෙයි රාජ්‍ය සේවා තරග විභාග පිළිබඳ ප්‍රවීණ දේශක ලේඛක දමින්ද දිසානායක මහතා දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කළේය. 09 December 2025
දිට්වා අසරණ පවුල්ම ඩැහැගෙන දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් පීඩා විඳී ලක්ෂ 23 ක ජනතාවගෙන් හරි අඩක් දැඩි අවදානමට ලක් වූ පවුල්වලට අයත් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. 09 December 2025
මෝටර් රථ දෙකක් එකම දුම්රියේ ගැටෙයි ගාල්ල සිට කොළඹ දක්වා අද (09) සවස 4.00ට පමණ ගමන් ආරම්භ කළ සීඝ්‍රගාමී දුම්රිය පියදිගම ප්‍රදේශයේ දී සහ හික්කඩු ප්‍රදේශයේ දී මෝටර් රථ දෙකක වැදී අනතුරු දෙකක් සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 09 December 2025
ගම්පහට නවසීලන්ත ම.කො කාර්යාලයෙන් ආධාර නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය මගින් ආපදාවට ලක්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත බෙදාදීමට වියළි ආහාර ද්‍රව්‍ය තොගයක්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත බාරදෙනු ලැබීය. 09 December 2025
ලංකාව යළි ගොඩනගන්න ප්‍රංශ සහය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ මෙරට ප්‍රංශ තානාපති Remi Lambert මහතා අතර හමුවක් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 09 December 2025
රට නඟන අරමුදලට නැචුරබ් සමාගමෙන් කෝටි 10ක් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා වන ‘Rebuilding Sri Lanka’ අරමුදලට නැචුරබ් සමාගම් සමූහය ( Naturub Group Of Companies) රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් කළේය. 09 December 2025
ලංකා-වියට්නාම් යාලුකම තව වැඩි වෙයි ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළෙඳාම පිළිබඳ අනු කමිටුවේ (Sub Committee on Trade) තුන්වන සැසි වාරය දෙරටේම ඉහළ මට්ටමේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද(9)කොළඹදී පැවැත්විණි. 09 December 2025
මෝටර් රිය දුම්රියේ හැපිලා ගාල්ල සිට මරදාන බලා ධාවනයවු සිඝ්‍රගාමි දුම්රියේ අද(09) සවස ගිංතොට පියදිගම දුම්රිය හරස් මාර්ගයේදි මෝටර් රථයක් හැපිමෙන් එහි රියදුරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව ගාල්ල පොලිසිය පවසයි. 09 December 2025
බදුල්ලේ වාරිමාර්ග ප්‍රතිසංස්කරණට පන්දහසක ශ්‍රම මෙහෙයුමක් දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු වාරි ඇල මාර්ග පිළිසකර කිරීමේ ’’පන්දහසක බල ඇණියකින් යුත් මහා ශ්‍රම මෙහෙයුම’’අද (09) දින සිට ආරම්භ වූ බව එහි සංවිධායකයෝ පැවසූහ. 09 December 2025
‘මහනුවර නාය යන තැන් හරියටම කියන්න‘ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ටම නායයෑමේ අධි අවදානම් තත්වය පවතින බවට නායයෑමේ රතු නිවේදන නිකුත් කිරීම මගින් මුළු දිස්ත්‍රික්කයම නොසන්සුන් තත්වයට පත්ව ඇති බැවින් මෙම රතු නිවේදන නිකුත් කරන විට නිශ්චිත ස්ථාන සඳහන් කර නිකුත් කළ යුතු බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ කෘෂිකර්ම වාරිමාර්ග ඉඩම් සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩි.ලාල්කාන්ත මහතා කිය. 09 December 2025
පස්සර ලුණුගල ප්‍රධාන මාර්ගය විවෘත කරයි දැඩි ලෙස හානියට පත් වී තිබූ පස්සර ලුණුගල ප්‍රධාන මාර්ගය අද(09) පස්වරුවේ සිට යළි විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පැවසීය. 09 December 2025
නුවරඑළියෙන් කොළඹට එළවලු කිලෝ 73,000ක් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එලවලු කිලෝ 73,000ක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව අද (09) දින එම එලවලු තොග කොළඹට ප්‍රවාහනය කළ බව නුවරඑළය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරවරයා පැවසීය. 09 December 2025
විවෘත කරන්න බැරි පාසල් 147 මෙන්න ආපදා තත්ත්වයට මුහුණ දුන් පාසල් 147ක් මේ වන විට ආරම්භ කළ නොහැකි මට්ටමේ පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 09 December 2025
මේ සැරේ වාර විභාග නෑ නම් කරන ලද පාසල් හැර සෙසු සියලු පාසල් වල සිසුන් සඳහා මෙම 16 වැනිදා පාසල් අරඹන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි. 09 December 2025
අරාබියේ විශාලතම ගුවන් යානා දෙක ආධාර රැගෙන මෙරටට ශ්‍රී ලංකාවට ආපදා ආධාර තොග රැගෙන ආ ලෝකයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (09) පස්වරුවේ පැමිණ තිබූ අතර , ඒවා එකිනෙකට සමීපව නවතා තිබීමේ විරළ අවස්ථාවක් දැක ගැනීමට හැකි වී තිබුණි . 09 December 2025
ඉන්දීය ආධාර නැවක් ත්රිමලේට සේන්දු වෙයි ගංවතුරෙන් හා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා මානූෂීය ආධාර රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් ’’INS Gharial’’ නැමැති නෞකාව ඊයේ(08) ත්‍රිකුණාමල වරාය අධිකාරියට අයත් ’’අශ්රොප්’’ ජැටියට සේන්දු වූහ. 09 December 2025
ඌවට යළි වැසි:අවදානෙන් සිටින්න බදුල්ල දිස්ත්‍රික්කයට යලි අද (9) උදෑසන පටන් ධාරානිපාත වර්ශාව පතිතවීමට පටන් ගැනීම නිසාවෙන් දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙසට බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා දැනුම් දී සිටි. 09 December 2025
නැගෙනහිර නිවාස 86ක් වැනසිලා ජල ගැලීම් හා සුළි කුණාටු හේතුවෙන් නැගෙනහිර පළාතේ නිවාස 86 ක් සම්පූර්ණයෙන්ම හානියට පත් වී ඇති අතර නිවාස 2034 ක් අර්ධ හානියට පත්ව ඇතැයි නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය. 09 December 2025
මත්තල ගුවන්තොටට වන ජීවී කාර්යාලයක් මත්තල ගුවන් තොටුපළට වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණය වූ බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. 09 December 2025
සමෘද්ධි බැංකු විගණනය විගණකාධිපතිට පවරයි සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සහ සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සංගම්වල විගණන කටයුතු ලබන වසරේ සිට විගණකාධිපතිවරයාට පවරා ඇත. 09 December 2025
නාවික හමුදාවේ පිරිසක් උසස්වීම් ලබති නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමාගාමීව නිලධාරීන් 17 දෙනකුට සහ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකුට උසස්වීම් ලබාදී ඇති බව නාවික හමුදාව පවසයි. 09 December 2025
පරිඝනක ඉංජිනේරුවා තැඹිලි පිහියෙන් ඇන තරුණයා මරලා තැඹිලි කපන පිහියකින් තරුණයකුගේ පපුවට සහ බඩට පිහිපහර 5 ක් ඇන ඝාතනය කලැයි පරිඝණක ඉංජිනේරු වරයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . 09 December 2025
අල්ලස් දැලේ පැටලුණු විශ්‍රාමික අතිරේක රස පරීක්ෂක යළි රිමාන්ඩ් පුද්ගලික රක්ෂණ සමාගමකට අයත් වාහන සඳහා සක්‍යතා වාර්තා ලබාදීමට රුපියල් 6,415,050 ක අල්ලසක් ලබා ගත්තේ යැයි රිමාන්ඩ් බාරව සිටින රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අතිරේක රස පරීක්ෂක ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග .එස්.බෝදරගම මහතා 09 නියෝග කළේය. 09 December 2025
ගංවතුරේ කොල්ල කෑ 12ක් මාට්ටු අයහපත් කාලා ගුණය හේතුවෙන් පැවති ගංවතුව තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ නිවාස වලට ඇතුළු වී දේපළ කොල්ලා කෑ බවකියන 12 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 09 December 2025
විනාශ වූ ආගමික ස්ථානවලට 25000ක් ආපදාවෙන් විනාශයට පත් වූ ආගමික ස්ථාන වෙනුවෙන් රුපියල් විසි පන් දහසක මූලික මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසුවේය. 09 December 2025
ආපදාවෙන් නැතිවූ වාහන ලියකියවිලි හදන්න ජංගම සේවයක් ආපදාවෙන් විනාශ වූ හෝ අවස්ථානගත වූ වාහන ලිපි ලේඛන නැවත සකස් කර ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ජංගම සේවයක් ලබන 15 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසීය 09 December 2025
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට යළිත් මේ දිනවල ඇද හැලෙන සුලු වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන්දොරටුවක් විවෘත කර ඇත. 09 December 2025
මත් සැකකරුවෝ 868ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 868ක් ඊයේ (8) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 09 December 2025
ආපදාවෙන් ජල මණ්ඩලයට කෝටි 500ක පාඩුවක් ආපදාව හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට රුපියල් කෝටි 500 ක පාඩුවක් සිදුව ඇතැයි නිවාස ,ඉදිකිරිම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පැවසීය. 09 December 2025
ඊච්චලම්පත්තු රෝහල විවෘත කරයි ජල ගැලීම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවූ නැගෙනහිර පළාතේ එකම ප්‍රාදේශීය රෝහල වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් ඊච්චලම්පත්තු ප්‍රාදේශීය රෝහලේ රෝගී සත්කාරක සේවා හා බාහිර රෝගී අංශ ප්‍රතිකාර අද (9) සිට යළි ආරම්භ කළ බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. 09 December 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026