
(අංජුල මහික වීරරත්න)
දේශපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා රටේ ඉහළ අධිකරණ වල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව දරන පහත් සහ නිර්ලජ්ජිත උත්සාහයට විරුද්ධ විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ මෙසේද සඳහන්ය.
දේශපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා මේ රටේ ඉහළ අධිකරණ වල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට මෙම ආණ්ඩුව දරනු ලබන්නා වූ ඉතාමත් පහත් සහ නිර්ලජ්ජිත උත්සාහයට විරුද්ධව මේ රටේ ඉතා විශාල ජනතා මතයක් ඇතිව තිබෙන බව අපි නිරීක්ෂණය කරමු. අප පක්ෂයක් වශයෙන් දිගින් දිගටම මෙම පහත් උත්සාහයට එරෙහි වූයේ එය අප රටේ ප්රජාතන්ත්රවාදයට මරු පහරක් වන බැවිනි.
අද දිනයේදී විනිශ්චකාරවරුන්ගේ සංගමය විසින් සම්මත කොට ඇත්තේ මෙම තීරණයට විරුද්ධ විය යුතු බවයි. රටේ විනිශ්චකාරවරුන් විසින්ම මෙම ආණ්ඩුවේ කූට සහ ප්රජාතන්ත්ර විරෝධී උත්සාහයට විරුද්ධව හඬක් නැගීම ප්රජාතන්ත්රවාදය අගයන රටක් විසින් ඉතා ඉහලින් සලකා බැලිය යුතු කරුණකි.
වත්මන් ආණ්ඩුව විසින් දේශපාලන අවශ්‍යතා මත ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ සේවකාලය දීර්ඝ කිරීමට දරන්නා වූ මෙම නිර්ලජ්ජිත උත්සාහයට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ එකමුතු කොට හඬක් නැගිය යුතු බවට පසුගිය සතියේ අප පක්ෂයේ ජාතික සංවිධායකතුමා විසින් මේ රටේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටිනු ලැබූ අතර එම කරුණ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ ඉක්මන් අවධානය යොමු වනු ඇතැයි මම විශ්වාස කරමි. අප මව්බිමෙහි ප්රජාතන්ත්රවාදය රැක ගැනීමේදී එයට එරෙහිව කුමන තර්ජන හා බලපෑම් ඇතිවුවද ඒ වෙනුවෙන් පෙනී සිටින බවටත් ප්රජාතන්ත්රවාදය රැකගැනීම සඳහා උපරිම කැපවීම කරන බවටත් ප්‍රකාශ කර සිටීමට කැමැත්තෙමි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොබ්බයින් කොහොමත් බලන්නේ.... මෙරට කුඩු කාරයින්ගෙන් මිනීමරුවන්ගෙන් පුරවන්න. එහෙම අය ඉන්නකොට ගොබ්බයෝ කවදාවත් පරදින්නේ නැති නිසා. විනිසුරුවරුන්ගේ කාලය දික් කරන එක පහත් වැඩක් වෙන්නේ කොහොමද?. හැට පැනපු නාකි ගොබ්බයෝ රජ පුටුව ගන්න පොරකනවා මේ උගත් පිරිසගේ කාලය දික් කරන එක. මේ අවස්ථාවේ රටට ආන්ඩුවට ලොකු ශක්තියක්. මොවුන් දන්නවා මේ උදවියගේ කොන්ද කෙලින් බව නීතිය අකුරටම කියන්න. මොවුන් බලන්නේ පක්ෂව වැඩකරන අය ඇති මේ තැන ගන්න. ඒකයි මේ කෑගහන්නේ. අත්දැකීම් බහුලයි වයසට යනකොට. ඇතුළට එනකොට දන්නවා කියන්න මෙයා කප්පම් කාරයෙක් කියලා... එහෙම විනිසුරු වරුන් ඉන්න ඕනෑ. මෙයා නාමල් බේබිට තැන දෙන්නද එපා කියන්නේ...?
කුණුහරුප මතක් වෙනවා, පාර්ලිමේන්තුවෙ වැඩකරන්න වයසක් නෑ... එනවා මගුලක් කතාකරන්න
එහෙට මෙහෙට පැනපු, ,ඇවිදගන්ඩවත් බැරි ,වලපයයි, ගොඩපයයි තියාගෙන ඉන්න, කිසිම උගත්කමක් සුදුසුකමක් චාරයක් නැති, දූෂිත දේශපාලුවෝ මැරෙනකම් බලයේ ඉන්න හදනවා. උගත් විනිසුරුවරුන්ගේ සේවාකාලය දීර්ඝ කරනවාට අකැමැති, මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා රටම වළපල්ලට ඇදලා දාපු දූෂිත දේශපාලුවෝ මිසක් හරිහමන් අය නොවෙයි...
මෙයාත් අබ්බගාතයෙක්ලු! මැදමූලන හොර අබ්බගාත "නො-මොලේ" ගේ තැනට එන්න මේ හාදයා දරන්නේ මාර උත්සාහයක් බව පැහැදිලිවම පෙනෙනවා ... 2/3 ජනවරමක් ලබා රට කරවන AKD මාළිමා රජයට, "සුන්බුන් විපක්ෂයේ" අවවාද අනුශාසනා හෝ තුට්ටු දෙකේ විවේචන අනවශ්‍යයි.
විනිශ්චයකාරවරු 268කින් 65ක් සහභාගි වූ අනිතික කඩවීමක් වූ රැස්විමක තීරණයකින් කොහොමද රටේ ව්‍යවස්ථාදායකයේ 3/2 යටපත් කරන්නේ... උපරිමාධිකරණයේ වයස 67 නොව 70 දක්වා වැඩි කළ යුතුයි.
තම ආණ්ඩුව තිබුණු කාලේ හරි වැඩ කළා නම් ගහලා පන්නලා දාන්න ඕන නෑ නේද?
මොන බයිලා කිව්වත් ඔහෙලාගේ කෙරුවාව මුලු රටම දන්නවා මහත්තයෝ. හිටපු අග්‍ර විනිශ්චය කාර ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගෙදර යවනකොට ඔහෙලාගේ සුජාත භාවය කොහේද තිබුනේ...?
ලෝකයේ ප්රජාතන්ත්රවාදී රටවල්වල විශ්‍රාම වයස වන්නේ 70 සිට 80 දක්වා බව මේ මෝඩ ලෝයර් දන්නවා. ඒක වහගෙන මෙයා අපිව ගොනාට අන්දන්න හදන්නේ පක්ෂයේ උවමනාවට... දැනගන්න. වැඩේ කොහොමත් වෙනවා ආණ්ඩුවේ අදහසට... නිකන් තප්පුලන්නේ නැතුව හිටහන්....
මේවා ඇහෙනකොට දන්නවනේ නේද මේ විනිසුරු නාඩගම අස්සේ ඉන්නේ කවුද කියලා.
මැදමූලන චෞර නායක, හැරමිටි මයිනා රට හූරන් කාපු කාලෙදි මෙවැනි "පහත් සහ නිර්ලජ්ජිත වැඩ" කරලා නෑ කියලා පාරම් බාන්නේ ඔවුන් රංචුවම දැන් පිදුරු, තණකොළ, පුන්නක්කු වැනි රසවත් ආහාර පාන වලින් බඩ ගෝස්තර පුරවාගෙන තප්පුලන නිසා බව පැහැදිලිවම පෙනෙනවා. අධිකරණයේ මුල් අසුන ගරු ශිරානි බණ්ඩාරනායක මැතිණියගෙන් බලෙන් උදුරාගෙන ඔවුන්ගේ "එහෙයියෙකුට, හෙංචයියෙකුට" පවරා දීම, රාජ්‍ය තාන්ත්‍රික මිනීමැරුම්, පැහැර ගැනීම්... ආදිය මේ හැත්ත අමතක කරන්න හැදුවාට, රටේ ජනතාවට අමතක නොවනු ඇත... එම නිසා "සුන්බුන් විපක්ෂයේ බලි කටවල්" වහගෙන ඉන්නා තරමට උන් ගේ ශරීර කූඩුවලට ගුණදායක බව දන්නා සිටිමු.