(සුජිත් හේවාජුලිගේ)

ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් සති දෙකක කාලසීමාවක් වසා තැබූ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට (13) සිට යළි විවෘත කිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව අද දිනයේදී එම විශ්වවිද්‍යාලයීය පරිශ්‍රය පිරිසිදු කිරීම සහ දූමායනය කිරීම කර තිබේ.

මේ අතර, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 67,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 47 දෙනෙක් මරණයට පත්ව ඇත.