(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ සිදුකළ හදිසි ඩෙංගු පරීක්ෂාවකදී ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන පවත්වාගෙන යාමේ චෝදනාව යටතේ  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මහරගම ඩිපෝ පරිශ්‍රයට සහ මහරගම නගරයේ ප්‍රසිද්ධ පාසලකට එරෙහිව අධිකරණය නඩු පැවරූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නගර සහාව , පොලිසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන සංවිධානය කර තිබූ අතර එහිදී මහරගම ඩිපෝව , අපේක්ෂා රෝහල මහරගම පන්නිපිටිය සහ කොට්ටාව දුම්රිය ස්ථාන සහ තෝරා ගත් පාසල් 5 ඇතුළු ස්ථාන දහයක් මෙදින පරීක්ෂාවට ලක් කළ බව පැවසේ.