
(රංජිත් රාජපක්ෂ)
'හැටන් ලීග් නගරාධිපති කුසාලාන' පාපන්දු තරගාවලියේ දෙවන වටයේ තරගයක් අතරතුරදී හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණය දෙපිරිසක් ගුටිබැට හුවමාරු කර ගැනීම නිසා යුද පිටියක් බවට පත් කරමින් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තේය.
මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවූයේ හැටන් යන්මේට්ස් (Young Mates) සහ නෝර්වුඩ් සන්රයිස් (Sunrise) යන ක්‍රීඩා සමාජ අතර පැවැති තරගව අතර තුරදීය.
තරගය නිමාවීමට මිනිත්තු 07ක් ඉතිරිව තිබියදී මෙම ගැටුම ආරම්භ වූ අතර, ඒ වන විට හැටන් යන්මේට්ස් කණ්ඩායම ගෝල 3ක් ද නෝර්වුඩ් සන්රයිස් කණ්ඩායම එක් ගෝලයක් ද ලබා සිටියේය.
තරගයේ උණුසුම සමඟ තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින් ද ඩන්බාර් ක්‍රීඩාංගණයට පිවිස ගුටිබැට හුවමාරුවකට මැදිවීමෙන් තත්ත්වය තවත් දරුණු වී ඇත.
ගැටුම සම්බන්ධයෙන් හැටන් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත වහාම ක්‍රියාත්මක වූ හැටන් පොලිසියේ නිළධාරින් ක්‍රීඩාංගනයට පැමිණ තත්ත්වය සමථයකට පත් කිරීමට පියවර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd