
(සුජිත් හේවාජුලිගේ)
වැඩි වැඩියෙන් දරුවන් ලැබීම අගය කළ යුතු, ප්‍රවර්ධනය කළ යුතු, සම්මාන ලැබිය යුතු දෙයක් බවට පත් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පවසයි.
වසර 10ක් තුළ එක් ලක්ෂ විසි දහසකින් දරු උපත් සංඛ්‍යාව අඩුවී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.
ඔහු තවදුරටත් සඳහන් කළේ, විවාහ වන වයස ඉහළ යෑම, විවාහ අනුපාතය පහළ යෑම, විවාහ වෙන්වීම් සහ දික්කසාද ප්‍රමාණය ඉහළ යෑම, ජීවන වියදම වැඩිවීම, ආර්ථිකය පිළිබඳ අවිනිශ්චිතතාවය මීට හේතුවී ඇති බව ය.
එමෙන් ම, දරුවන් දැඩි කිරීම පිළිබඳ වියදම් අධික වී ඇති බවට සමාජය තුළ පවතින මතය, කොවිඩ් වසංගතයේ ඇතිවුණු කම්පනය සහ තරුණ තරුණියන් රට අතහැර යෑම දරු උපත් සංඛ්‍යාව අඩුවීමට හේතු වී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.
දරුවන් සිටින පවුල් සඳහා බදු සහන හෝ ආදායම් බදු අඩු කිරීම සහ සුදුසුකම්ලත් පවුල් සඳහා මූල්‍ය ආධාර සහ දරු උපත්වලදී ප්‍රදානයන් ලබා දීම, මාතෘ පිතෘ සහ මවුපිය නිවාඩු ප්රතිලාභ ඉහළ දැමීම, තරුණ පවුල් සඳහා නිවාස ආධාර ක්‍රම හෝ සහනදායි නිවාස ණය පහසුකම් ලබා දිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං ළමයි හැදුවේ මගේ ආදායම අනුව, තමන්ට කන්න, අදින්න, උගන්වන්න පුළුවන් ප්‍රමාණයට හදන්න, නැතිනම් අන්තිමට ළමයි බලන්න යන්න වෙන්නේ බන්ධනාගාරයට...
මහින්දයා ඒ කාලේ බලේ ගන්න කොට මහින්ද චින්තනය කියලා බේගල් වට්ටෝරු පෙන්නලා කිව්වේ ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ලක් දෙනවා කියලා අන්දවපු එක. තමුන්ට මොනවා කියන්න බැරිද?
කාලාකණ්ණි ඔබලා තමයි එක ළමයෙක්වත් හදා ගන්න බැරි විදියට මිනිස්සු හිඟන්නෝ කෙරුවේ. දැන් සම්මාන දෙන්න කතා කරනවා.
ඒ කියන්නේ ඒ ප්රශ්නය බදු ගෙවන්නන්ට බාර දෙන්නද?
එක පුන්සදෙන් දුරුවෙයි ලොව ඝන අදුර...
මහ බැංකුවත් හොරා කාලා, රටම බංකොලොත් කරලා, රටේ තියෙන වරායවල් ටික චීනාට විකුණලා, අපේ අනාගතේම කාලා, අවුරුදු 50 පැන්න අපිටත් ඉන්න වෙන රටක් හොයන්න වෙන තත්වෙකට පත් කරලා, අලුත බැඳපු ජෝඩුවකට දරුවෙක් හදනවාද නැතිද කියලා කල්පනා කරන තත්වෙකට රට පත් කරලා දැන් දරුවෝ හදන්න කියනවා. කජු සීයාට කියහන් ඔය ටික...
ලංකාවේ ජනගහනය අඩු වුණොත් තරගය අඩු වෙනවා. අවස්ථාවාදී වෙනවා. සම්පත් වැඩි වෙනවා. මිනිස්සුන්ගේ අගය වැඩි වෙනවා. ජීවන තත්වය උසස් වෙනවා. සෑම පවුලක්ම එක දරුවෙකුට සීමා කළ යුතුයි. මේ යන විදිහ ඉතාම හොදයි. දේශපාලගකයන්ට ඕනෙ නූගත්, මෝඩ සමාජයක් .. ඔවුන්ගේ බඩ රැකගන්න. ජනතාව මේක තේරුම් ගත යුතුයි.
දෙයියෝ සාක්කි කිව්වලු...
දරුවන් හදන්න රජය උපදෙස් දෙන එක හොඳ අදහසක්. ඒ වුණාට ඔවුන්ව යහපත්, උගත්, ගුණගරුක, සමාජයට පිළිලයක් නොවන අන්දමින් හදාවඩා ගැනීම දෙමාපියන්ට පමණක්ම භාර කරොත්, රජයේ උදාර අදහස, යොජනාව බකල් වෙනවා, වතුරෙ ගහගෙන ගියා වෙනවා... බිළිදෙක් මෙලොව එළිය දකින විට ඔහුට/ඇයට දෙන උප්පැන්න සහතිකය සමග වයස 18 දක්වා වලංගු වන පරිදි සුවිශේෂී බැංකු ගිණුමක් විවෘත කිරීම අනිවාර්ය කල යුතුය. දරුවා ගේ අධ්‍යාපන කටයුතු, නඩත්තු කටයුතු වෙනුවෙන් දෙමාපියන්ට හො වෙනත් වැඩිහිටියෙකුට අතදැමීමට නොහැකි වන පරිදි මෙම ගිණුම බැංකුව මගින් අදාල ආයතන වලට කෙලින්ම බැරකල යුතු වන අතර අධි ආදායම් ලාභීන්ට මෙම දීමනාව අහිමි විය යුතුයි.
තෑගිත් ඒ මිනිස්සුන්ටමයි
මෙතුමාගේ උපදෙස් පිළි අරගෙන ළමයි හදලා කන්න දෙන්නේ කවුද, කොහොමද කියන්නකෝ.