‘සිපෙට්කෝ’ ඉන්ධන පිරිවුහල් 238 ක් වැසීමේ අවදානමක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ‘සිපෙට්කෝ’ ඉන්ධනහල් 238 ක් මේ මස 25 වැනිදායින් පසුව වැසීයෑමේ අවදානමක් ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය. 20 December 2023
නව කොරෝනා ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් පළමු වරට හඳුනාගත් ‘ජේ.එන්.1’ නමැති නව කොරෝනා වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 20 December 2023
අට හැවිරිදි දැරිය හොඳම ඡායාරූප ශිල්පිනිය වෙයි තරුණ ආධුනික ඡායාරූප ශිල්පීන් ඇගයීමට ලක් කරමින්, එක්සත් රාජධානියේ සහ වේල්සයේ වාර්ෂිකව පැවැත්වෙන රාජකීය සම්මාන උළෙලේ හොඳම ඡායාරූප ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වූයේ අට හැවිරිදි දැරියක වන ජේමී ස්මාට්ය. 20 December 2023
කූරියර් කර මත්ද්‍රව්‍ය අලෙවි කළ වෛද්‍ය සිසුවා දැලේ කුර්යර් සේවාව මගින් මත්ද්‍රව්‍ය අලෙවි කරන යාපනය විශ්ව විද්‍යලයේ වෛද්‍ය පිඨයේ සිසුවෙකු කෝපායි ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 20 December 2023
විශේෂ සැකකරුවන් තවත් 49 ක් අල්ලයි ‘යුක්තිය’ පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහයෙුම යටතේ පසුගිය පැය 24 තුළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත විශේෂ සැකකරු ලැයිස්තුවේ සිටි සැකකරුවන් තවත් 49 ක් අත්අඩංගුවට ගත් බවත් ඒ අනුව මෙම මෙහෙයුමේදී මේ වන විට විශේෂ සහකරුවන් 218 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසීය. 20 December 2023
රටකජු වගාවක සිටි තරුණයෙක්ට වලස් ප්‍රහාරයක් බුත්තල ප්‍රදේශයේ රටකජු වගාවක පැලක සිටියදී වලසකුගේ ප්‍රහාරයට ගොදුරු වී වලසා සපාකෑමෙන් සහ පහරදීමෙන් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තරුණයකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් 20 December 2023
කාලගුණයෙන් සුබ ආරංචියක් පවතින වැසි තත්වය තාවකාලිකව අද සිට අඩුවීමක් ඉදිරි දිනවල බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 20 December 2023
මැතිසබේ සේවකයෙකුට ’’විශේෂ සැලකිල්ල’’ කැබිනට්ටුව විසිකරයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සේවකයකුට සේවා දීර්ඝයක් ලබා ගැනීමට කෙරුණු ඉල්ලීමක් කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ. 19 December 2023
බෙරගල ගැටුමක්:පහක් රෝහලට හපුතලේ බෙරගල මංසන්ධියේදී අද 18 දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවක් ඇතුළු පස්දෙනකු බරපතළ කැපුම් තුවාල සහිතව හල්දුම්මුල්ල දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තුවාලකරුවන් දියතලාව මූලික රෝහලට මාරු කර යැවූ බව හපුතලේ පොලිසිය කියයි. 19 December 2023
සෞඛ්‍ය අතිරේක ලේකම්ගේ කාර්යාලය පරීක්ෂාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගේ කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු පැය පහක පමණ කාලයක් විශේෂ පරීක්ෂාවකට ලක් කළහ. 19 December 2023
බොරු පිත්තොලයක් සමග කඩේ මුදලාලි නෝනා මාට්ටු ව්‍යාජ රිවෝල්වරයක් සහ බෝර දොළහේ ජීව උණ්ඩ හතරක් සමග වීරවිල හන්දියේ වෙළඳසැල් හිමිකාරිනියක අද පස්වරුවේ අත් අඩංගුවට ගත් බව වීරවිල පොලිසිය කියයි . 19 December 2023
විදෙස් නෞකා වලට ලංකාවේ පර්යේෂණ කටයුතු තාවකාලිකව අත්හිටුවයි විදේශ රටවල පර්යේෂණ නෞකාවලට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු කිරීමට අවසර ලබා දීම නැවත සලකා බලනතුරු වසරක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. 19 December 2023
අනතුරින් සෙබළා මරුට හග්ගල්ල අල්ගම මාර්ගයේ වලලියැද්ද කනත්ත අසලදි බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සෙබලකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 19 December 2023
ආර් එම් බි අසල ගැවසුණ කාක්කෝ 11 ක් අත්අඩංගුවට නාරහෙන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල ගැවසෙමින් එහි පැමිණෙන ජනතාවට විවිධ අයුරින් බලපෑම් එල්ල කරමින් මුදල් එක්රැස් කිරීමේ යෙදී සිටි. පුද්ගලයන් 11 කු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 19 December 2023
ජෙලග් නයිට් 525 සමඟ අයෙක් මාට්ටු මන්නාරම , පල්ලිමුනෙයි නිවසක් තුල සඟවා තිබූ ජෙලග් නයිට් පුපුරණ ද්‍රව්‍ය 525ක් අැතුලු පිපිරවීම් සදහා යොදාගන්නා උපකරණ තොගයක් සමඟ සැකකරුවකු අද(19) අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි. 19 December 2023
ඉන්දියාව ජයගත් ලාංකික දැරියට ජනපතිගෙන් සුබ පැතුම් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් ශ්‍රී ලාංකික දැරියක වන කිල්මීෂා උදයශීලන් දියණියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනැමීය. 19 December 2023
අන්තර්ජාල ළමා අපරාධවලට වැට දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට හෝ සමාජ මාධ්‍ය හරහා විසුරුවාහරින පුද්ගලයන් හඳුනාගත හැකි අන්තර්ජාතික දත්ත පද්ධතියක් සමඟ එකතුවීමට ශ්‍රී ලංකා පොලිසියට හැකිවූ බව නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය අද19) පැවැසුවාය. 19 December 2023
හොර ඒජන්සිකරු රටින් පළා යාමට තැත් කිරීමේ දී මාට්ටු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී , නීතිවිරෝධී ලෙස බලපත්‍ර නොමැතිව රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යමින් , ජපානයේ රැකියා සදහා යවන බව පවසා රුපියල් ලක්ෂ 14 ක් ලබා ගත් පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ . 19 December 2023
කැන්බරා සත්වෝද්‍යානයේ ඝාතනයට ලාංකිකයෙක් අත්අඩංගුවට ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි ජාතික සත්වෝද්‍යානයේ මුළුතැන්ගෙය අසලදී 29 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාව මත කැන්බරා පොලිසිය ශ්‍රී ලාංකික ජාතිකයකු අද (19) අත් අඩංගුවට ගත්තේය. 19 December 2023
වැස්සෙන් පුද්ගලයින් 10968 ක් පීඩාවට දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පළාත් පහක පවුල් 3200 කට අයත් පුද්ගලයින් 10968 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. 19 December 2023
විදේශ සංචාරකයන්ට කොළඹ වරායේ පහසුකම් වැඩි කරයි ලබන වසරේ එළඹෙන සංචාරක සමයත් සමඟ සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය අධිකාරියේ නෞකා කොට්ඨාශය පවසයි. 19 December 2023
ලොකු ජලාශ පනහක් උතුරයි අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ පනහකට ආසන්න සංඛ්‍යාවක් වාන් දමන මට්ටමට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 19 December 2023
අතිරික්ත දැවිතෙල් අපනයනයට කැබිනට් අනුමැතිය ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනයේ දී ජනතාවට යම් සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 19 December 2023
කුඩු ඇද්ද වාහන ඉදිරියේදී රාජසන්තකයි මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීමේ ‘යුක්තිය‘ මෙහෙයුම යටතේ ඊයේ (18 ) උදෑසන සිට අද(19) උදෑසන දක්වා ගතවූ පැය 24 තුළ විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් වාහන 9 ක් සහ එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් වාහන ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කර එම නියෝග මත රාජසන්තක කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පවසයි. 19 December 2023
ටෙලිකොම් සේවකයෝ ඉල්ලීම් දිනනතුරු සටනේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමට විරෝධය දැක්වීම ඇතුළු කරුණු කීපයක් මුල්කරගනිමින් ටෙලිකොම් සේවකයෝ කොළඹ කොටුව ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (19) විරෝධතාවක් පැවැත්වූහ. 19 December 2023
කතරගම චූටි කපුරාලට ඇප රුහුණු මහා කතරගම දේවාලට පූජා කරන ලද රත්‍රං පවුම් 38ක් බරැති රන් තැටියක් දේවාලයේ ගබඩාවෙන් අතුරුදහන් විම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දේවාලයේ ගබඩා බාරකරු චූටි කපුරාල රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු ද සිල්වා මහතා අද නියෝග කළේය. 19 December 2023
ආබාධ සහිත ප්‍රජාවට රාජ්‍ය - පෞද්ගලික රැකියා ආබාධ සහිත ප්‍රජාවගේ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති සියළු ආයතනවල විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (19) පැවසීය. 19 December 2023
වල්පොල වෙඩිතැබීමට 3ක් අත්අඩංගුවට රාගම වල්පොල ප්‍රදේශයේදී ඉකුත් (14) රාත්‍රියේ සිසුවකු ඇතුළු තිදෙනකුට සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි. 19 December 2023
ධම්මික පෙරේරා ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කර ඇති බවට යන ප්‍රචාර අසත්‍ය බව පොදුජන පෙරමුණ පවසයි. 19 December 2023
වැලිතිප්පොළ වෙන් කරන්න ආ නිලධාරීන් පන්නා දමති පොලොන්නරුව, ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මනම්පිටිය මහවැලි ගඟේ, පවිත්‍රාගාරය පිහිටි ප්‍රදේශයෙන් වැලිමංකඩ 26ක් පිටස්තර පුද්ගලයන්ට ලබාදීමට භූ පරීක්ෂණයට ආ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සහ වනජීවි නිලධාරින්ට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ ආපසු යාමට සිදුවිය . 19 December 2023
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026