
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර ඉගිණියාගල නාමල්ඔය ප්‍රදේශයේදි පොලිස් කොස්තාපල්වරයකු තවත් කොස්තාපල්වරයකුට වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩිතබාගෙන මියගොස් ඇතැයි අම්පාර පොලිසිය කියයි.
මේ අතරතුර ඉඟිනියාගල පදිංචි 54 හැවිරිදි කාන්තාවක් සහ අවුරුදු 17 ක ගැහුණු ළමයකුද ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. මෙම ඝාතන තුනම කොස්තාපල්වරයා විසින් සිදු කර ඔහුද දිවි නසා ගන්නට ඇති බව පොලීසිය සැක කරයි .
අද අලුයම 2.00 ට පමන මෙම වෙඩි තැබිම සිදුකර තිබේ. මෙසේ ඝාතනය කර ඇත්තේ මොණරාගල කරාඩුගල පොලිසියේ සේවය කරන කොස්තාපල් වරයෙකි.
වෙඩි තැබීමේ සිද්ධියෙන් පැයකට පමණ පසුව වෙඩි තැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයාද වෙඩි තබාගෙන මියගොස් ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනියම් පෙමක් ද? ලංකාවේ මොනවා නැතත් මේවා නම් අඩුවක් නැහැ...