දුම්රිය අනතුරක් කළාට රුසියානුවට ලක්ෂ 18ක දඩ අපරික්ෂාකාරි ලෙස මෝටර් රථයක් දුම්රිය හරස් මාර්ගයට ඇතුලු කොට දුම්රියේ හැපිමට සළස්වා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු කරන ලද අලාභය වෙනුවෙන් රුපියල් දහඅට ලක්ෂ තිස්පන් දහස් හත්සිය හැත්තැ අටයි සත විසි අටක මුදලක් ගෙවන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අද (15) රුසියන් ජාතික සංචාරකයකුට නියෝග කළාය. 15 February 2024
අලි සෙල්ලන් බලන්න දිගාමඩුල්ලට යන්න අලි බැලිල්ල සහ බලි බැලිල්ල එපා නොවන බව අපේ පැරැන්නන් ගේ කියමනක් පවතී. 15 February 2024
ඉන්දියන් බිත්තර අද සිට සතොසෙන් ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද (15) සිට ලංකා සතොසෙන් මිල දී ගත හැකි බව ලංකා සතොස පවසයි. 15 February 2024
ඊශ්‍රායලය -ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියක් ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අද (15) පෙරවරුවේ අත්සන් තැබුණු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 15 February 2024
සමාජ ක්‍රියාකාරීහු උපයෝගිතා කොමිසම පතුරු ගසති විදුලි ගාස්තු සංශෝධනයට අදාල මහජන අදහස් වීමසීමට මහජන උපයෝගිතා කොමිසම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (15) පෙරවරුවේ පැවැත්වූ හමුවට පැමිණි සමාජ ක්‍රියාකාරීන් උපයෝගිතා කොමිසම විවේචනය කිරීමත් සමඟ උණුසුම් තත්වයක් ඇතිවිය. 15 February 2024
ඛනිජ තෙල් තොග පර්යන්තයේ දත්ත ලක්ෂ 13 ක් මකලා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ තොරතුරු දත්ත ලක්ෂ 13 ක් ප්‍රධාන පද්ධති යෙදුමෙන් 2010 වසරේ සිට මකා දමා හෝ වෙනස්කර ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් 2022 වසරේ ඉන්ධන අර්බුදය ඇති වූ අවස්ථාවේ කර ඇති බවත් වෝහාරික විගණනයකින් හෙළි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (15) පැවසීය. 15 February 2024
ඇල්පිටියේ අනතුරින් දියණිය මරුට මව තුවාල ලබයි ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ 7කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මවක සහ දියණියක් බරපතල තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දියණිය මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 15 February 2024
මන්ත්‍රී ගුණතිලක හදිසියේ ලෙඩ වේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් හදිසි ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට තිබේ. 15 February 2024
අනිද්ද තරඟය බලන්න අද සිටම ටිකට් පෝලිම ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුල්ල ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අනිද්දා (17) ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියේ ප්‍රවේශපත් මිලදී ගැනීමට දඹුල්ල ක්‍රීඩාංගණයේ අද (15) දිගු පෝලිම් දැකිය හැකිවිය. 15 February 2024
’’ ඔන්මැක්ස් ඩී.ටී.’’ ඉඩමක් තහනම් කරයි රුපියල් කෝටි සියයකට අධික ජනතා මුදල් පිරමීඩ ක්‍රමයෙන් වංචා කළේ යැයි කියන ’’ ඔන්මැක්ස් ඩී.ටී.’’ නමැති නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ මීගමුවේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් තහනම් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (15)නියෝග කළේය. 15 February 2024
මහජන කොමිසම ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි මහජන උපයෝගිතා කොමිසම 2002 අංක 35 දරණ පනතින් ස්ථාපිත කළේ මහජනතාවට සේවය කිරීමට මිස වෙනත් ආයතන වෙනුවෙන් පෙනී සිටීමට නොවන බවත් මහජන උපයෝගිතා කොමිසම සමස්තයක් වශයෙන්ම ජනතාව වෙනුවෙන්ම පිහිටුවූ ආයතනයක් බවත් ජාතික ජනබලවේගයේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අද (15) පැවසීය. 15 February 2024
හොර ලිපිහැදූ දෙකක් රිමාන්ඩ් ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්,ඉතුරුම් පාස් පොත් හා බැංකු ලේඛන ඇතුළු රජයේ ඕනෑම ලේඛනයක් මුද්‍රණය කර ලබාදීමේ හොර කච්ඡේරියක් කඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගියේ යයි කියන ග්‍රැපික් ඩිසයිනර් හා ඔහුගේ ගෝලයා ලබන 29 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(15)නියෝග කළේය. 15 February 2024
ජනතාවට නොමිලේ LED බල්බ? ජනතාවට නොමිලේ එල්.ඊ.ඩී (LED) විදුලි බල්බ ලබාදීමට කරුණු සලකා බලන ලෙස බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දී ඇත. 15 February 2024
අද කම්කරුවා හෙට ඉඩම් හිමියා කරමු වතුකරයේ ජනතාව කුඩා තේවතු හිමියන් ලෙස බලමුලු ගැන්වුවහොත් අස්වැසුම, සමෘද්ධිය වැනි සහන දීමනා අවශ්‍ය නොවන බව- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 15 February 2024
ලාංකිකයන් 25ක් මාලදිවයිනෙන් පිටුවහල් කරයි වීසා නීති උල්ලංඝනය කිරීම හා නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයන් 25 දෙනකු ඇතුලු විදේශකයන් 186 දෙනකු මාලදිවයින් රජය පිටුවහල් කර ඇත. 15 February 2024
ලංවිම පාරිභෝගික තැන්පතුවට කෝටි 112 ක් පොලිය ගෙවලා ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසරේදී නව විදුලි සැපයුමක් දීමේදී අයකළ පාරිභෝගික තැන්පත් මුදල් සඳහා රුපියල් කෝටි 112 කට ආසන්න මුදලක් පොලී ගෙවා ඇතැයි එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 15 February 2024
අස්වැසුමට අයැදුම්පත් අද සිට අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්රතිලාභ කිසිදු බලපෑමකින් තොරව හිමිවන බවත් සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය. 15 February 2024
ජවිපෙට පාලනය දෙන්න තරම් මිනිස්සු මෝඩ නෑ ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ෆේස්බුක් රැල්ලක් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 15 February 2024
පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ ශීතාගාර පහසුකම් ප්‍රමාණවත් නෑ මෙරට ප්‍රධානම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය ව්‍යාපාරිකයන් සඳහා ප්‍රමාණවත් ශීතාගාරයක් නොමැති බවත් එයට ධීවර අමාත්‍යංශයේ බලධාරීන් වලකිය යුතු බවත් පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළද ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා පැවසීය. 15 February 2024
ඔස්ට්‍රේලියා අගමැති ඇල්බනීස්ට මංගල සීනු ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ විවාහ ගිවිස ගැනීම ආදරවන්තයන්ගේ දිනය දා සිදුවිය. අග්‍රාමාත්‍යවරයාගේ අත ගත්තේ ජෝඩි හෙයිඩන් නමැති යුවතියයි. 15 February 2024
වැටුප් ඉල්ලා කතරගම ඩිපෝවෙි වැඩ වර්ජනයක් පසුගිය මාසයට අදාල සේවකයින්ගේ වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් බස් රථ ඩිපෝ භූමියේ ගාල්කොට රියදුරු කොන්දොස්තර ඇතුළු සේවකයින් අද (15) අළුයම කාලයේ සිට වැඩ වර්ජනයක නිරත වී සිටිති. 15 February 2024
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන්ට ඇප සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවියකට සහ සිසුන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිසුන් දහ තුන් දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරිමට බලංගොඩ මහේස්ත්‍රාත් බි.කේ.වී. හේෂානි රොඩ්රිගෝ මහත්මිය අද (15) දින බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දි නියෝග කලාය. 15 February 2024
මහ කනදරා ගොවි විලාපය මහ කනදරාව ජලාශයට වතුර ලැබෙන ක්‍රමයක් සකස් නොකර අනුරාධපුර උතුරු ජල සම්පාදන පානීය ජල ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් මහා කනදරාව ව්‍යාපාරයේ ගොවීහු අන්ත අසරණ භාවයට පත්වන බව ගොවීහු චෝදනා කරති. 15 February 2024
දේශපාලන බෙදීම් ප්‍රගතියට බාධාවක් දේශපාලන බෙදීම් ප්‍රගතියට බාධාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාතික සංවර්ධනය සඳහා එකමුතුවේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා තම දේශපාලන හිතවත්කම් සඳහා නොව, ජාතියේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස සියලු පාර්ශවයන්ට ආරාධනා කළේය. 15 February 2024
මත්පෙති ජාවාරමේ යෙදුණු දොස්තර රිමාන්ඩ් මත්පෙති ජාවාරමේ යෙදුණු පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයා ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ ප්‍රධාන මහේත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය. 15 February 2024
ජයිකා ලොක්කා ජනපති හමු වෙයි ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සභාපති ආචාර්ය ටනකා අකිහිකෝ මහතා හමුවේ පැවසීය. 15 February 2024
වී ගන්න පණ දෙන්න ’’ඔඩපණ’’ එයි සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩාකරුවන් හා වී තොග රැස් කරන්නන්ට මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා “ඔඩපණ” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බව ජනාධිපති ප්‍රජා කටයුතු අධ්යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. 15 February 2024
‘පරාජය කළ නොහැකි කී මහින්ද පරාජය කරන්න නායකත්වය දුන්නා’ රට සහ ජනතාව දුෂ්කර අවස්ථාවලින් මුදාගැනීමට සෑමවිටම තමන් ඉදිරිපත් වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 15 February 2024
විදෙස් විශ්ව විද්‍යාල තුනක් ලංකාවේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල තුනක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය. 15 February 2024
රිය අනතුරින් දෙදරුපියා මරුට මහනුවර කුරුණෑගල මාර්ගයේ අලදෙණිය නගරය ආසන්නයේ අද( 15) ජීප් රියක් යතුරු පැදියක ගැටීමෙන් සිදු වු රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් වයස අවුරුදු 43 ක් වන දෙදරු පියෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි. 15 February 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025