IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි

මෙලෙස සැක කටයුතු ලෙස මියගොස් ඇත්තේ කඩුවෙල අධිවේගී පිවිසුමට අනුයුක්ත උදාරක විජේදාස නැමැති 50 හැවිරිදි කොස්තාපල්වරයෙකි 

පමුණුගම දෑලතුර සිට ජා ඇල දක්වා ගමන් ගන්නා මාර්ගයේ අධිවේගී පිවිසුමට මීටර් 200 ක මම දුරකින් පුද්ගලයෙකුගේ මළසිරුරක් වතුර පිරි කානුවක වැටී තිබෙන බවට පමුණුගම පොලිසියට ලද දුරකථන ඇමතුමක් අනුව මළ සිරුර සොයාගෙන ඇත

 ඉකුත් පස්වෙනි දින සිට මියගිය  කොස්තාපල්වරයා  රාජකාරියට වාර්තා කර නොතිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

ඔහුට හදිසියේ යම් රෝගී තත්ත්වයක් හටගෙන මියැදුනාද ? එසේත් නොමැති නම් වෙනයම් හේතුවක් ද යන්න? මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිසිය කියයි

මළ සිරුර රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හෙට (8) දින  පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය

පමුණුගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනූෂ රූපසිංහ මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ



අදහස් (0)

කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site