IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ)

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමග අද හෙටම  සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට  පැවසීය.

මැතිවරණ සමයේදී  මැතිවරණයට බලපෑම් ඇති විය හැකි වෛරිය ප්‍රකාශ නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව ඔහු සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී සමහරුන් සමාජ මාධ්‍ය වැරදි ආකාරයට භාවිත කළ බව හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මෙවර මහ මැතිවරණයට අපේක්ෂකයන් තුන් හාරදහසක පිරිසක් ඉදිරිපත් විය හැකි හෙයින් සමාජ මාධ්‍ය භාවිතයේ සාපේක්ෂ වැඩිවීමක් අපේක්ෂා කරන බව පැෆරල් සංවිධානය  ප්‍රකාශ කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී වැරදි  සමාජ මාධ්‍ය භාවිතයන්  වැළැක්වීමට මැතිවරණ කොමිෂන් සභාව විවිධ  උපදෙස් දුන්නද ඒවා නිසි ආකාරයට ක්‍රියාත්මක නොවූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (2)

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි

A Monday, 07 October 2024 10:54 PM

රෝහණ හෙට්ටිආරච්චි දැන් විතරක් නැගිටලා ඉන්නේ ඇයි?

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 08 October 2024 10:33 AM

ඇත්තටම හොඳ තීරණයක් මේක , හේතුව පසුගිය ජනාධිපතිවරණය සමයේ දුෂිතයින් හා හොරුන් තමන්ගේ බලය අහිමිවෙය් කියන බියට එක්තරා දේශපාලන පක්ෂයක් ඉලක්ක කරමින් අතීතයේ සිදුවුණු (මිනිසුන් නොදන්නා සත්‍ය දේවල් වසන් කරමින්) තරුණ ඡන්ද දායකයින්ව නොමඟ යවමින් අමූලික බොරු සමාජගත කරමින් දැවැන්ත මඩ ව්‍යාපාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනගියා, නමුත් වාසනාවකට බුද්ධිමත් ජනතාව හා තරුණ පරපුර ඒවාට රැවටුනේ නෑ, එබැවින් එළබෙන මහමැතිවරණය සමයේ හා මින් ඉදරියට එවැනි බොරු හා මඩ ප්‍රචාර නොවෙන්න වග බලාගත යුතුයි

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site