
(අංජුල මහික වීරරත්න)
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2013-09-14 දින සිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට එයාර් වයිස් මාර්ෂල් ආර්. එස්. වියන්වල මහතා පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
එම පත්වීමේ කාල සීමාව 2024-09-13 දිනෙන් අවසන් වී තිබේ. එබැවින් ඔහු 2024 -12-31 දින දක්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ තවදුරටක් සේවයේ යෙදවීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වා නේද කාටවත් සේවා දිගු දෙන්නේ නෑ කියලා. රිවරස් කරන වැඩේ පටන් ගත්තා වගේ. ගෝඨාභය ආණ්ඩුවටත් ඔය දේ වුණා. කලබලයෙන් අත් පා වනන්න කලින් ටිකක් හිතලා තීරණ ගැනීම හොඳයි මේ වගේ රිවර්ස් ගියර් දාන්නේ නැතිවෙන්න.