ට්‍රම්ප්ට වඩා බයිඩන් හොඳයි - පුටින්
ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා තමන් ජෝ බයිඩන් ප්‍රිය කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. රුසියන් ජනාධිපති පුටින් මෙසේ පැවැසුවත්, ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලබන නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළත්, එම තැනැත්තා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ක්‍රෙම්ලීනය සූදානම් බවය.