
(අංජුල මහික වීරරත්න)
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.
එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා සිහිපත් කරමින් සමස්ත ඇමෙරිකා ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් එක් කර ඇති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවදය තවදුරටත් තහවුරු කරමින් පසුගිය ජනාධිපතිවරණය සහ පශ්චාත් ජනාධිපතිවරණ සමය ඉතා සාමකාමී අන්දමින් පවත්වා ගැනීම පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කර තිබේ.
ආර්ථික වර්ධනය, කලාපීය ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම උදෙසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්, ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් සඳහා ස්ථාවර, සෞභාග්‍යවත් සහ වඩා සාධාරණ රටක් පිළිබඳ වන දැක්ම සාක්ෂාත් කර ගැනීමට එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බවත් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා යොමු කළ සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පච අහලාම හෙම්බත් වෙන්න වෙයි...
බයිඩින් මොකාටද දන්නේ නැත එන්න හදන්නේ. ලෝකෙම ගිනිතියන පුරපති.
අනේ පව්, තව දවස් ගාණයි. එයත් ජනාධිපති..