මහජන උපයෝගීතා කොමිසම ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති දත්ත සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 18 February 2024
හරීන්ගේ ප්‍රකාශය බරපතලයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ‘ලංකාව ඉන්දියාවේ කොටසක්’ යැයි ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක් බවත් මෙරට ගුවන්තොටුපළවල සහ වරායවල් ආදී සියල්ලම ඉන්දියාවට දෙන්නේ යැයි ඔහු එහිදී අදහස් කළ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 18 February 2024
‘යුක්තිය’ තව.් 1061 ක් අල්ලයි යුක්ති මෙහෙයුමට සමගාමීව අද (18) කළ මෙහෙයුමකදී කඩු 6 ක්, මන්නයක්, කිනිස්සක්, තහනම් පිහි 2 ක්, වාහන 11 ක්, සමග පුද්ගයන් 1061 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 18 February 2024
ගොවියා විදුලි රැහැනට බිලි අනවසරයෙන් අඳින ලද විදුලි රැහැනක පැටලී විදුලිය සැර වැදුණු ඌව පරණගම ගොවියෙකු අද (18) එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති බව ඌවපරණගම පොලීසිය කියයි. 18 February 2024
උපන්දින සාදය මරණයකින් කෙළවර වෙයි පුත්තලම නගරයෙ හොරෝයිෂන් පාක් ගම්මානයෙ නිවසක තිබු උපන් දින සාදයක් අතර තුළ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමක් බේරීමට ගිය දෙදරු පියකු පිහි ඇනුමකින් බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර සිටියදී අද ( 18 ) මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 18 February 2024
මහවැලි ගොවීන් ‘සුහුරු’ කරන්න ඩොලර් ලක්ෂ 80 ක් සුහුරු තාක්ෂණය පදනම් කරගනිමින් මහවැලි කලාප තුළ කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්රයේ සංවර්ධනය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 8 ක් ප්රදානය කිරීමට එකඟ වූ බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 18 February 2024
මීගොඩ කොල්ලකෑමේ මහමොළකරු අල්ලයි මීගොඩ ආර්ථික මධ්‍යස්ථායේදී කාන්තාවකට වෙඩි තැබීමේ සහ එදිනම පුගොඩ ප්‍රදේශයේදී මංකොල්ල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි මහමොළකරු සහ වෙඩික්කරු ඇතුළු දෙදෙනක් හම්බන්තොට සහ ගොඩකවෙළ ප්‍රදේශයවල සැගව සිටියදීද අද (18) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 18 February 2024
ඉරාන විදේශ ඇමැති ශ්‍රී ලංකාවේ සංචාරයක ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ආරාධනයකට අනුව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දොල්ලාහියන් මහතා හෙට(19) සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. 18 February 2024
සාරිය නොඇන්දැයි ගුරුවරිය පන්නලා ඉරිදා දිනයේ ගිරාගම ගුරු විද්‍යාලයේ මොඩියුල මධ්‍යස්ථානයට පැමිණි ගුරුවරියක් සාරියක් හැඳ නොතිබීම හේතුවෙන් ගුරුවරිය එම ස්ථානයෙන් පන්නා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාල ගුරුවරිය විසින් කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ 18 February 2024
විස්සයි20 ප්‍රවේශපත් අළෙවි කර අවසන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉදිරි දින කීපයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 තරග දෙකේ ප්‍රවේශපත් අළෙවි කර අවසන් බවත් ඒ හේතුවෙන් සියලුම ප්‍රවේශපත් කවුළු මේ වන විට වසා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18) නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 18 February 2024
දස හැවිරිදි දැරිය ඝාතන සිද්ධියේ සකකරු රඳවා ප්‍රශ්නකරන්න අවසර තලෙයිමන්නාරම උතුර උෟරුමලෙයි ප්‍රදේශයේ දස හැවිරිදි දැරියක අපයෝජනයකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරු මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක රැඳවුම් නියෝග මත ප්‍රකාශ ලබාගැනීමට මන්නාරම වැඩබලන මහෙස්ත්‍රාත් එස්. විනෝදන් මහතා පොලිසියට අවසර ලබා දුන්නේය. 18 February 2024
පොලිසියට බැටන් පොලු ගෑස් මුහුණු ’’ලෝඩ්’’ එකක් කැරලි සහ කලකෝලාහල මර්දනය සඳහා කැරලි මර්දන හිස් වැසුම් 1500ක්ද ගෑස් මුහුණු ආවරණ ( මාස්ක්) 750 ක් සහ රබර් බැටන් පොලු 1000ක්ද මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 18 February 2024
මියන්මාර අත්අඩංගුවේ සිටි ලාංකික ධීවර බෝට්ටු නියමුවන් වසර 5ක් හිරේට මියන්මාර අත් අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවර බෝට්ටු දෙකෙහි නියමුවන් දෙදෙනාට වසර 5 බැගින් සිර දඬුවම් සහ දඩ මියන්මාර අධිකරණය නියම කළ බව එරට ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 18 February 2024
විදුලි සැරෙන් විදුලි කාර්මිකයා අවසන් ගමන් යයි මේ දිනවල පවතින අධික රස්නය නිසා නිවසේ තිබූ අක්‍රීය විදුලි පංකාව අලුත් වැඩියා කිරීමට ගිය විදුලි කාර්මික ශිල්පියෙකුට විදුලිසැර වැදි මියගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි . 18 February 2024
රිය අනතුරින් තරුණ ජීවිත දෙකක් අහිමිවෙයි පිළියන්දල මාර්ගයේ නීලම්මහර හන්දියේ දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී ඉන් එක් යතුරුපැදියක් මාර්ගය අසල නවතා තිබූ බස් රථයක ගැටී යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙකු එම ස්ථානයේදී මියගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි. 18 February 2024
ලක්ෂ 10 ක මත්ද්‍රව්‍ය සමඟ තරුණියන් දෙකක් මාට්ටු ’පිළියන්දල සිතුම් නොහොත් සැන්ටා’’ ප්‍රංශයේ සිට සිදු කරන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තරුණියන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ දහයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 18 February 2024
කටුනායක ගුවන් තොටේ දෙවන පර්යන්තයට ‘ජයිකා’ සහය නැවතත් ආර්ථික අවපාතය හේතුවෙන් ශ්‍රී ලංකාව බංකොලොත් බවට ප්‍රකාශය කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපළ දෙවන පර්යන්ත ව්‍යාපෘතිය සඳහා ‘ජයිකා’ ආයතනය සහන ණය වැඩපිළිවෙළ නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. 18 February 2024
ජුලි 31ට අවසන් කළ හැකි වැඩ පමණක් අරඹන්න කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් වසර තුනකට අධික කාලයක් නතරව තිබූ මෙරට සංවර්ධනය යළි ඇරැඹූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 18 February 2024
කතගේ මාලය කඩාගත් කත අල්ලයි මාවනැල්ල නගරයේදී බස් රථයක ගමන් කරමින් සිටී කාන්තාවක් පැළඳ සිටි රුපියල් ලක්ෂ 4 ට අධික වටිනා රන්මාලයක් කඩාගෙන පලා යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලීසිය පවසයි. 18 February 2024
ණය උගුලේ හිරවුණු 200 ක් මරු තුරුලේ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවුණු දෙසීයකට වැඩි පිරිසක් මෑත භාගයේදී සියදිවි හානි කරගෙන ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් වේ. 18 February 2024
රේගු පරීක්ෂක විභාගය හොරට ලියා මාට්ටු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු පරීක්ෂක තනතුර සඳහා පුද්ගලයන් බඳවා ගැනීමට අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ පැවති විභාගයකදී, කූඨ ලේඛන සකස් කර විභාගයට පෙනී සිටි පුද්ගලයෙකු අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 18 February 2024
මැති සභා කමිටු මුල් පුටුවලට ලොකු පොරයක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් ) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) ඇතුළු කාරක සභාවන්ට සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් අතරේ විශාල මතභේදාත්මක සහ ගැටුම්කාරී තත්වයක් නිර්මාණයවී ඇති බව වාර්තාවේ. 18 February 2024
මිය ගිය බිරිඳට සෑයේදී පණ ඇවිත් මියගිය බවට අනුමාන කළ ඉන්දියාවේ ඔඩීෂාහි 52 හැවිරිදි කාන්තාවක් සෑයට ගිනි තැබීමට මොහොතකට පෙර දෑස් විවර කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 18 February 2024
එලිසබෙත් ඇලන් මහත්මිය ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම් එලිසබෙත් එම්. ඇලන් මහත්මිය, ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. 18 February 2024
දකුණේ සංචාරක කර්මාන්තය ගැන හොයන්න ජනපති යයි දකුණු වෙරළ තීරයේ සංචාරක කර්මාන්තයේ පිබිදීම පිළිබඳ සොයා බැලීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 18 February 2024
රට සිහිනය බොඳ කළ සිවුරුදැරූ අයෙක් අත්අංගුවට ඕස්ට්‍රේලියාවේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් දොළොස් ලක්ෂ හැටදහසක මුදලක් ලබාගෙන විශ්වාසය කඩ කර වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කොස්ලන්ද ප්‍රදේශයේ සිවුරුදැරූ අයකු ඇතුළු තවත් කාන්තාවන් සැකපිට අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය කියයි. 18 February 2024
තිදරු මව අභිරහස් ලෙස මැරිලා මොරගල්ල කාලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි සිටී තිදරු මවක කැපුම් තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් ඇති බව අලුත්ගම පොලිසිය පවසයි . 18 February 2024
අදත් ප්‍රදේශ කීපයකට සුළු වැස්සක් බස්නාහිර,සබරගමුව, පළාත්වලට අද පස්වරු 4.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 February 2024
මීගොඩ ආර්ථිකයේ වෙඩි තැබීමට දෙකක් සැකපිට මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළදසලක සේවිකාවකට වෙඩි තබා මුදල් පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය සහ අදාල වෙඩික්කරුවන්ට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයකු ඇතුලු සැකකරුවන් දෙදෙනකු අද (17) දින අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 17 February 2024
ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් මහජන සුභ සිද්ධිය, ජාතික ආරක්ෂාව මෙන්ම රටේ ආර්ථික ස්ථායිත්වය පදනම් කොට ආරම්භ කරන ලද රාජ්‍ය ව්‍යාපාර රටේ මහජන සම්පත් බව නොරහසකි. එකී රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සමාජය තුළ දැඩි විවේචනයක් පවතින බව ත්‍රෛනිකායික මානාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කොට තිබේ . 17 February 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025