
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
මෙම හමුවේදී මහ කොමසාරිස්වරයා විසින් බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස් මහතාගේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිරිනැමුවෙිය.
බංග්ලාදේශයේ ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීම සහ එහි සේවය කරන සැලකිය යුතු තරම් වූ ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය පිළිබඳව ද මෙහි දී විශේෂයෙන් සාකච්ඡා කෙරුණු අතර දෙරට අතර වන ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.
එසේම වෙළෙඳ සහ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම අරමුණු කරගෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින වරණීය වෙළෙඳ ගිවිසුම (PTA) ශක්තිමත් කර ගැනීම සඳහා කටයුතු කරන බවට ද ජනාධිපතිවරයා සහ මහ කොමසාරිස්වරයා මෙම සාකච්ඡාවේදී සහතික වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට අමාරු වු වෙලාවේ අත මාරුවක් දුන්න අපේ දුප්පත් අසල්වැසියා.