
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන් 1000 ක් පමණ යොදා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතා පැවසීය.
ඒ අනුව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රය තුළ සහ ඒ අවට පොලිස් නිලධාරීන් 350 ක පමණ යුත් පිරිසකින් සමන්විතව ආසන්නව සහ දුරස්ථව පොලිස් මාර්ග බාධක පිහිටුවීමටත් , ඊට අමතරව කැරළි මර්දන ඒකක යෙදවීමටත් පියවර ගෙන ඇත.
පෙළපාලි කණ්ඩායම් විසිරවීම සඳහා මාර්ග බාධක දිනය පුරා ක්‍රියාත්මක වන අතර ඒ ඒ පොලිස් වසම් මට්ටමින් ආරක්ෂක වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සිකුරාදා නෙවෙයි.
ඇයි කළුතරට විශේෂයක්? කලු මහත රැවුල් පච්චයෝ ටිකක් මොනවා හරි පිළිගැනීමකට ලෑස්ති වෙනවාද?
මෙයා මොකක්ද මේ කරන්න හදන්නේ, පරණ විගඩම් අලුතින් නටන්න ඕනා නැහැ කියලා මෙයා දන්නේ නැද්ද? දැන් තියෙන්නේ රාජපක්ෂ හෝ වික්‍රමසිංහ පාලනයක් නොවෙයි. ඒ නිසා නාමයෝජනා බාරදීලා කවුරුවත් සාමකාමීව ගෙදර යයි... රඟන්න හෝ නලියන්න කවුරුවත් එන්නේ නැහැ.