
(හේමලතා ඩී. හේවගේ)
දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ ගිලීමෙන් මියගොස් ඇති බව දංකොටුව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අනන්යාි පාරමී නැමති සිව්හැවිරිදි දියණියක් වන අතර ඇය පෙර පාසල් ගොස් නැවත නිවසට පැමිණ මිත්තණිය සමඟ සිට ඇති බවද සඳහන් වේ. මිත්තණිය විසින් මෙම මියගොස් ඇති දියණියට නෑම සඳහා වතුර උණු කිරීමට ගිය අවස්ථාවේ යෝගට් එකක් කමින් සිටි දැරිය නිවස පිටුපසින් ගලා බසිනා ඇළට වැටී ඇති බවට පොලිසිය සැක කරයි.
මියගිය දැරියගේ මව සහ පියා මෙම සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට නොමැති බවත් පැවසේ. දංකොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශිරාන් පෙරේරා මහතාගේ උපදෙස් මත එහි නිලධාරීහු කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සසරක ස්වභාවය.
රත්තරං දුවට නිවන් සුව