IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා තීරණය කළේය.

විත්තිකරුට එරෙහිව සාක්කි දුන් රේගු නිලධාරීන්ගේ සාක්කි එකිනෙකට පරස්පර බව සහ නඩු භාණ්ඩමය පිළිබඳ සැක මතුවන බව සඳහන් කරමින් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන කුරුප්පු මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්තියේ සාක්කි නොකැඳවාම විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

අපරාධ නඩු විධධානන සංග්‍රහයේ 200 වගන්තිය යටතේ විත්තියේ සාක්කි නොකැඳවාම මෙලෙස නිදොස් කර නිදහස් කරන ලද්දේ ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු වන ගාල්ල මිලිද්දුව සහ ජර්මන් ෂෙවිනින්ගන් පදිංචි රොනාල්ඩ් ඩැනියල් ජුලියන් ගෝමස් නමැත්තෙකි.

2017 මැයි 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ගාල්ලේදී මනෝවර්ධක පෙති 3000ක් සහ කොකේන් ග්රෑම් 40ක් ලඟ තබාගත් බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

 



අදහස් (2)

කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්

de silva berlin Monday, 07 October 2024 11:59 PM

රේගු නිලධාරියෝ හොඳ ගානක් අරගෙන නඩුව අල කරපු බව පෙනී යනවා...

:       0       2

පොඩිඑකා Tuesday, 08 October 2024 07:33 AM

“...සාක්කි එකිනෙකට පරස්පර බව....” සිද්දිය අපිට තේරෙනවෝ...෴෴෴! සාක්කියක් දීගන්න බැරි නිලධාරීන්...? අනුර කුමාරගේ අවධානය පිණිසයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site