
(කේ බුද්ධික කුමාරසිරි)
කියුබානු විප්ලවවාදියකු වන අර්නස්ට් චේ ගුවේරා ගේ 57 වන අනුස්මරණ නිමිත්තෙන් වූ සැමරුම් වැඩසටහන මෙරට කියුබානු තානාපති ඇන්ඩෙරේස් මර්චෙලෝ මහතාගේ ප්‍රධානත්වයෙන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මොරගහහේන යහලකැලේ වත්තේ මැහෝගනී වෘක්ෂය අසලදී පැවැත්විණි.
අර්නස්ට් චේ ගුවේරා කියුබානු ඇමතිවරයෙකුව සිටියදී වර්ෂ 1959 දී රබර් පිළිබදව පර්යේෂණයක් සදහා මෙරටට පැමිණි අවස්ථාවේදී මෙම මැහෝගනී වෘක්ෂය රෝපණය කර ඇත.
සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කල මෙම සැමරුම් වැඩසටහන සදහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එම තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගී විය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියවන කෙනා අනුව මේක වෙනස්වෙන්න පුළුවන්, නමුත් හොඳ චේතනා තිබුණත් "චේ ගුවේරා"ව මම දකින්නෙ අසාර්ථක අරමුණක් වෙනුවෙන් කැපවුණු ත්‍රස්තවාදියෙක් විදිහට. අද කියුබාව අසාර්ථක රාජ්‍යයක්. (ලංකාවෙන් වගේම) කියුබාවෙ මිනිස්සු අවස්ථාව ලැබුණ ගමන් බෝට්ටුවලින් ඇමරිකාවෙ, ෆ්ලොරිඩා වලට පැනල යනව. නමුත් ඇමරිකාවෙන් බෝට්ටුවලින් පැනල යන්නෑ කියුබාවට.
අනේ කිරිහාමි, හොඳට මොලේ පාවිච්චි කරලා හිතන්න බැරි උනහම ඔහොම තමයි
මොකද අපේ නව ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා මේකට සහභාගී උනේ නැත්තේ ?