
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර යසසිරිපුර අංක 283 හි පදිංචි පැලපිටියගේ පියතිස්ස නමැති (63) හැවිරිදි විවාහක පෙදරේරුවකු බව පොලිසිය කියයි .
මියගිය පුද්ගලයාගේ සහෝදරිය මීට දින කිහිපයකට පෙර නිවසේ නාන කාමරයේ ලෙස්සා වැටීමෙන් වූ අනතුරකින් තුවාල ලබා මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ සුව දුක් බැලීම සඳහා සිය බිරිඳ සමග (07) දා කැස්බෑව මඩපාත ප්‍රදේශයේ සොහොයුරියගේ නිවසට පැමිණ තිබේ.
එසේ සිටින අවස්ථාවේදී නිවස පිටිපස යහමින් වැඩී තිබූ වැටිමාර ගසක අතු කිහිපයක් කපා ඉවත් කිරීම සඳහා ගසට නැගි අවස්ථාවේ දී විදුලි සැර වැදී අනතුරක් සිදුව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ප්‍රදේශයේ ඔහොම අනතුරු දායක විදුලි රැහැන් තිබුනා. ඒත් පසුගිය දිනවල ආවරණය සහිත විදුලි රැහැන් ඇදීම නිසා පක්ෂීන්ට මෙන්ම ඔය වගේ අනතුරු ඇතිවීමට තිබුන අවස්ථාවන් ඉවත්වෙලා තියෙනවා ඒ නිසා විදුලි බල මණ්ඩලයේ අවධානයට මෙම සිද්ධිය යොමුවේවා