
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර යසසිරිපුර අංක 283 හි පදිංචි පැලපිටියගේ පියතිස්ස නමැති (63) හැවිරිදි විවාහක පෙදරේරුවකු බව පොලිසිය කියයි .
මියගිය පුද්ගලයාගේ සහෝදරිය මීට දින කිහිපයකට පෙර නිවසේ නාන කාමරයේ ලෙස්සා වැටීමෙන් වූ අනතුරකින් තුවාල ලබා මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ සුව දුක් බැලීම සඳහා සිය බිරිඳ සමග (07) දා කැස්බෑව මඩපාත ප්‍රදේශයේ සොහොයුරියගේ නිවසට පැමිණ තිබේ.
එසේ සිටින අවස්ථාවේදී නිවස පිටිපස යහමින් වැඩී තිබූ වැටිමාර ගසක අතු කිහිපයක් කපා ඉවත් කිරීම සඳහා ගසට නැගි අවස්ථාවේ දී විදුලි සැර වැදී අනතුරක් සිදුව තිබේ.
2025 දෙසැම්බර් මස 30
75
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
729
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
Chaminda Tuesday, 08 October 2024 10:38 AM
අපේ ප්‍රදේශයේ ඔහොම අනතුරු දායක විදුලි රැහැන් තිබුනා. ඒත් පසුගිය දිනවල ආවරණය සහිත විදුලි රැහැන් ඇදීම නිසා පක්ෂීන්ට මෙන්ම ඔය වගේ අනතුරු ඇතිවීමට තිබුන අවස්ථාවන් ඉවත්වෙලා තියෙනවා ඒ නිසා විදුලි බල මණ්ඩලයේ අවධානයට මෙම සිද්ධිය යොමුවේවා