තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 July 2024
‘‘අපි ජනතා ආණ්ඩුවක් හදමු‘‘ රට විනාශ කරන්න සහය වූ, වැරදි තීන්දුවලට අත ඉස්සු, පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවකු ජාතික ජන බලවේගයේ වේදිකාවත් එක්ක සම්බන්ධ කර නොගන්නා බවට සහතික වෙනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 31 July 2024
පොහොට්ටුව දෙකඩ වෙයි: රාජපක්ෂලා එක පිලකට ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයත් සමඟ එම පක්ෂය දෙකඩවීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇත. 31 July 2024
ජනපතිගෙන් මහින්දට තුති රට ගොඩනැඟීමට තමාට සහාය ලබා දෙන ලෙස එදා තමා පළමුව ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් බවද එදා ඔහු ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ස්තූති කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පැවසීය. 30 July 2024
අත - හෙට කාට සහය දෙයිද? මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතරින් තම පක්ෂය සහාය පළ කරන අපේක්ෂකයා කවුරුන්දැයි හෙට(31)දා ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (30)දා පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 30 July 2024
පොහොට්ටුවේ 92ක් ජනපතිට සහය පළ කරති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් අද (30) ඒකමතිකව තීරණය කරනු ලැබූහ. 30 July 2024
රිය අනතුරින් කාන්තාවක් මරුට අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරු පැදියක් කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබු අධි සුඛෝපභෝගි බස් රථයක නොච්චියාගම නගරයේදි එකිනෙක ගැටී අද (30) සිදු වූ අනතුරින් කාන්තාවක් එම ස්ථානයේදිම මියගිය බව නොච්චියාගම පොලිසිය කියයි. 30 July 2024
දුම්රිය ආසන වෙන්කිරීමේ කාලය වෙනස් කරයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ආසන වෙන් කිරීමේ කටයුතු අගෝස්තු මස 1 වන දින සිට පෙරවරු 10.00 ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 30 July 2024
වසර 9කට පසු ඝාතනයකට සම්බන්ධ හතරකට මරණ දඬුවම සිංහල හින්දු අළුත් අවුරුදු දා පොලු මුගුරුවලින් සහ ගල් වලින් පහරදී ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු මරා දැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ විත්තිකරුවන් සිව්දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳි මහතා අද (30) මරණ දඬුවම නියම කළේය. 30 July 2024
කොන්ක්‍රිට් රැගෙන යන බටය පිපිරි සිඟත්තෝ තුවාල ලබති මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ඉඳිකෙරෙමින් පවතින සිව්මහල් ගොඩනැඟිල්ලකට කොන්ක්‍රීට් මිශ්‍රණ යොදා රැගෙන යමින් තිබූ යන්ත්‍රයක බටයක් පුපුරායාමෙන් කොන්ක්‍රීට් මිශ්‍රණ 15 වාට්ටුවේ වහලය මත වැටී සිවිලිම කඩාගෙන වාට්ටුව තුළට වැටීමෙන් මව්වරුන් තිදෙනෙකු, සිඟිත්තන් පස්දෙනෙකු සහ පවුල් සෞඛ්‍ය සේවිකාවක් තුවාල ලබා ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි. 30 July 2024
පොලිස්පති අවුල ලිහන්න ජනපති හමුවක් කැඳවයි පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව කථානායකවරයා දිවයිනට පැමිණි පසුව විශේෂ හමුවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. 30 July 2024
සෞඛ්‍යයෙන් තෙවන ඇසට සායනයක් රටේ ජනතාවගේ දැනුම ආකල්ප ප්‍රවර්ධනය කිරීම උදෙසා විශාල සමාජ මෙහෙවරක යෙදෙන ජනමාධ්‍යවේදීන්ට කරන ගරු කිරීමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය තෙවන ඇසට සුවය සදමු සෞඛ්‍ය වැඩසටහන ආරම්භ කළ බව සෞඛ්යමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය. 30 July 2024
’’පොලිස්පතිවරයකු පත් කරන්න’’ පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පති වරයකු පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. 30 July 2024
සත්‍යය සහ සංහිඳියා වෙබ් අඩවිය දියත් කරයි සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ (ISTRM) වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 30 July 2024
ප්‍රතිපත්තිවලට එකඟ නම් රනිල්ට පොහොට්ටුවේ ඉඩ තියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති කරුණු සමඟ එකඟ විය හැකි නම් තව දුරටත් එම පෙරමුණ තුළ ඉඩ ඇති බවත් වික්‍රමසිංහ මහතාගේ එම වාසනාවන්ත අපේක්ෂකත්වය එම පක්ෂයේම කණ්ඩායමක් නැති කළාදෝ යන ගැටලුව මතු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (30) පැවසීය. 30 July 2024
’’රනිල් ගාවට ගිය අය ආයෙත් මා ගාවට ආවා’’ රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය ඇතමුන් සහයෝගය දැක්වීමට යෑමට පෙර, පසු සහ අද පෙරවරුවේත් සිය නිවසට පැමිණි බවත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු එවැනි සහයෝගය පළකිරීම් සහ සාකච්ඡා අපේක්ෂා කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධාය නාමල් රාජපක්ෂ මහතා අද (30) පැවසීය. 30 July 2024
සර්වජන බලයේ ජනපති අපේක්ෂකත්වයට නම් තුනක් සර්වජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා සඳහා නම් තුනක් යෝජනා වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.ෙඉදිරියේදී පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී එම නම් තුන අතරින් සුදුසුම අපේක්ෂකයා තෝරා ගන්නා බවද ගම්මන්පිල මහතා සදහන් කළේය. 30 July 2024
වාර්ෂික ස්ථාන මාරු ගැන නිවේදනයක් ජනාධිපතිවරණ ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි 2025 වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධත්වයක් නැතැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී ඇත. 30 July 2024
ගුවන් පාලක 80 ක් රට හැර යති ආර්ථික ගැටලුව මත ගුවන් ගමන් පාලකවරුන් 80 දෙනකු රට හැර ගොස් ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි. 30 July 2024
මෛත්‍රීට එරෙහි වාරණය යළි දිග් කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින්ට නිකුත් කර තිබූ වාරණ නියෝග නවයක් ඔක්තෝබර් 09වෙනි දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(30) නියෝග කළේය. 30 July 2024
අ‘පුර පො.ජ.පෙ. සහාය රනිල්ට කෙළෙහි ගුණ දක්වන මිනිසුන් හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දක්වන ලෙසට පොදු ජන එක්සත් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් සම්මේලනයේදී අති බහුතරයකගේ එකඟත්වය පළ වු බව අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණු කණ්ඩායම් නායක,දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේය. 30 July 2024
අපනයන බෝග ආදායම ඩොලර් මිලියන 1118.06ක් වෙයි තේ, රබර්, පොල්, කුරුඳු හා ගම්මිරිස් යන වැවිලි බෝග පහ අපනයනය මගින් 2024 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලයේ මෙරටට ලැබී ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 1118.06ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 30 July 2024
බලු සුරතලාට වැඩියෙන් කවලා: හිමිකාරිය හිරේ නවසීලන්ත කාන්තාවකට එරට අධිකරණයක් මාස දෙකක සිරදඬුවමක් නියම කළේය. ඒ, ඇය ඇගේ බලු සුරතලාට සීමාවකින් තොරව ආහාර දී එහි ප්‍රතිඵලයක් ලෙස එම බලු සුරතලා අධික ලෙස තරබාරු වීමත්, අවසානයේ දී මියයෑමත්, හේතුවෙනි. 30 July 2024
දක්ෂිණ අධිවේගයේ රාජකාරිකළ නිලධාරින් 16ක් මිලියන 2.07ක් වංචාකරලා දක්ෂිණ අධිවේගි මාර්ගයේ රාජකාරි සිදුකළ නිලධාරින් 16 දෙනෙකු පසුගිය වසර දෙකයි හා මාස අටක කාලය තුලදි (2021 වර්ෂයේ සිට 2023 අගෝස්තු දක්වා ) රුපියල් මිලියන 2.07ක මුදලක් ඉක්මවා වංචාකොට ඇති බවට අනාවරණය වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ. 30 July 2024
වරාය නගරයේ වැඩ වේගවත් කරන්න පනත සංශෝධන කරයි කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 July 2024
යළි බිත්තර ආනයනය කරන්න කැබිනට් අනුමැතිය දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 July 2024
නව ක්‍රිකට් ව්‍යවස්ථා නීති ගත කරන්න යයි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 July 2024
රාජ්‍ය-පෞද්ගලික යාලුකම වැඩි කරන්න නව පනතක් රාජ්‍ය - පෞද්ගලික ජාතික හවුල්කාරිත්ව නියෝජිතායතනය සඳහා නව පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 July 2024
තෙමහල් නිවසක ගින්නෙන් නිවෙස් හිමියා මරුට වත්තල මාටාගොඩ තෙමහල් නිවසක ඇති වූ හදිසි ගිනි ගැනීමකින් වයෝවෘද්ධ පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 30 July 2024
ගිනි අවියක් පත්තුවී අවුරුදු හතේ දැරිය රෝහලේ නිවසක් අස්පස් කිරීමේදී එහි තිබූ ගිනි අවියක් බිම වැටී පත්තුවීම හේතුවෙන් අවුරුදු හතක දැරියකට වෙඩි වැදී තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මකුළුගස් වැව පොලිසිය පවසයි. 30 July 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026