අයිස් පැකට්ටුවක් බඩේ දී පිපිරී රිය සහායක මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ලේ සිට මාකුඹුර දක්වා ධාවනය කෙරෙන පුද්ගලික මගී බස් රථයක රිය සහායකයකු විෂ මත්ද්‍රව්‍ය පැට්ටුවක් බඩේ දී පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය . 10 June 2026
රුපියල ටිකක් වැඩිවෙයි ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් තිබූ රුපියල ක්‍රමයෙන් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අද (10) දිනයේ ඇමෙරිකානු ඩොලරයට අනුව ගැනුම් අගය 324 ක් ලෙසින් ද විකුණුම් අගය 335 ක් ලෙසින් සටහන් විය. 10 June 2026
බිරියට ලෙඩයි කියා නිදන් හරන්න ගිහින්:සී.අයි.ඩි සාජන් ගෙදර පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශයේ නිදන් හෑරීම සඳහා ලෝහමය ද්‍රව්‍යයන් නිරීක්ෂණය කළ හැකි යන්ත්‍රයක් ප්‍රවාහනය කළ බව කියන සිද්ධියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයේ සාජන්වරයෙකුගේ වැඩ තහනම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 10 June 2026
කළුතරත් ඩෙංගු සීඝ්රයෙන් වැඩි වෙලා 2025 වසරට වඩා 2026 වසරේ මේ දක්වා ( මාස 06 කාලයකට) කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය සඳහන් කරයි. 10 June 2026
ඇත් දළ, කොටන තුවක්කුවක් එක්ක අයෙක් මාට්ටු පොළොන්නරුව වැලිකන්ද වඩමුනේ පාලම අසලදී වටිනා ඇත් දළ ජෝඩුවක්, බෙහෙත් කොටන තුවක්කුවක් සමග අවුරුදු 44 ක් වයසති පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 10 June 2026
ආටිමිස් 3 සිවුදෙනා නම් කෙරේ ‘ආටිමිස් 3’ චන්ද්‍ර මෙහෙයුම යටතේ, ඇමරිකාවේ නාසා (NASA) ආයතනය, සඳට යැවීඹට සූදානම් වන ගගනගාමීන් සිවුදෙනා හඳුන්වා දීම ඊයේ (9) සිදුවිය. 10 June 2026
අද වැස්ස තත්වය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 June 2026
හොර කච්ජේරියක් කොටිකාවත්තෙන් අල්ලයි කොටිකාවත්ත මහ බුත්ගමුව ප්‍රදේශයේ නිතී විරෝධි ලෙස ව්‍යාජ ලිපි ලේඛණ සකස් කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලැබු පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය පවසයි. 10 June 2026
දඩ කොලයක් දුන් පොලිස් නිලධරයාට අලි සබ්රිගෙන් ප්‍රසාද සටහනක් මහා මාර්ගයේ රථ වාහන ආලෝක සංඥා නීතිය කඩ කිරීම නිසා දඩ ගැසීමකට ලක් වූ හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අදාළ පොලිස් නිලධරයා කටයුතු කළ වෘත්තීමය භාවය අගයමින් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත. 09 June 2026
තියුණු ආයුද සමග 11ක් සැකපිට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අද අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඉකුත් කාලය පුරා විවිධ පුද්ගලයන් තියුණු ආයුදවලින් කපා බරපතල තුවාල සිදු කිරීමේ කල්ලිය මෙහෙයවූ ’’බබුවා’’ සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ’’ආමි චතු’’ නැමැත්තා ඇතුළු පුද්ගලයන් 11 දෙනකු විදේශීය රටක ජිව අත්බෝම්බයක් සහ තියුණු ආයුධ සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව සඳහන් කරයි. 09 June 2026
පාතහේවාහැට සභාපතිට එරෙහිව උපසභාපති උපවාසයක පාත හේවාහැට ප්‍රාදේශිය සභාවේ වත්මන් සභාපතිගේ පාලනයට හා ඔහුගේ අවනීතියට එරෙහිව එහි උපසභාපති පියල් ජයසිංහ මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය. 09 June 2026
මීගමුවේ ඩෙංගු රෝගීන් පොකුරු පිටින් මිගමුව, කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ වර්තා සඳහන් කරයි. 09 June 2026
ප්‍රා සභා රැස්වීමෙන් වතුර බෝතල් ඉවතට කළුතර ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමට සහභාගි වන මන්ත්‍රීවරුන්ට, නිළධාරීන්ට මෙන්ම මාධ්‍යවේදීන්ටද මෙතෙක් පානීය ජල බෝතල් ලබාදුන් අතර, එය අද සිට අත්හිටුවා තිබුණි. 09 June 2026
දැන් කතා කරන අය රටේ ණය බර වගේ දෙගුණයක විනාශයක් කළා දැන් කතා කරන අය ඉන්න පක්ෂය සහ එල්.ටී ටී.ඊ සංවිධානය රටට කරපු විනාශය සමස්ත රටේ ණය ප්‍රමාණය වගේ දෙගුණයක් බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවැසීය. 09 June 2026
සලේට එරෙහිව ගන්නා පියවර ව්‍යවස්ථාවට අනුකූල විය යුතුයි මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව ගන්නා හැම ක්‍රියා මාර්ගයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල විය යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 09 June 2026
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දූෂිතයො පැල් බැඳගෙන දූෂිත වෙළෙන්දන්ගේ නියෝජිතයින් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ තවමත් පැල් බැඳගෙන සිටින බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 June 2026
ආණ්ඩුවේ කන්තෝරුවලට දුම්රිය සීසන් නිකුත් කිරීම ඩිජිටල් වෙයි රජයේ ඩිජිටල්කරණ ජාතික වැඩපිළිවෙලට අනූව රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ තවත් ඉදිරි පියවරක් ක්‍රියාත්මක කරමින් රාජ්‍ය නිලධාරීන් සඳහා අනුග්‍රාහ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මාර්ගගත(Online) ක්‍රමවේදය ඔස්සේ ලබා දීමට පියවර ගෙන ඇත. 09 June 2026
ආර්. එම්.වී. දූෂණ වංචා: කෝපා වාර්තාව නීතිපතිට යවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) විසින් කරන ලද විමර්ශනවල කරුණු ඇතුළත් වාර්තාව, නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ ඉදිරි කටයුතු සඳහා යොමු කිරීම සඳහාවූ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද හිමි විය. 09 June 2026
හදිසිය වැඩි ඡන්දයෙන් සම්මතයි හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීමේ මහජන ආරක්ෂක පනතේ නියෝගය වැඩි ඡන්ද 128කින් පාර්ලිමේන්තුවේදී අද (09 පස්වරුවේ සම්මත විය. 09 June 2026
සරණ වැලිකඩට කොළඹ මහාධිකරණය වසර 16 ක බරතපල වැඩ සහිත සිරදඬුවම් නියම කළ හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ. සී. ගජනායක මහතා අද (9) පස්වරුවේ පැවසීය. 09 June 2026
පොහොර සමාගම් ජනපති කාර්යාලයට කැඳවයි යල කන්නය සඳහා පොහොර ලබා දීමේ තත්ත්වය සමාලෝචනය කිරීම සහ මහ කන්නය සඳහා පොහොර ආනයනය සහ බෙදා හැරීමේ සූදානම සම්බන්ධයෙන් පොහොර සමාගම් සමග සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 09 June 2026
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර 18ක මිල අඩු කරයි රජයේ සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිල පහත හෙළීමට තීරණය කර තිබේ. 09 June 2026
විනිසුරු විශ්‍රාම වයස දිගු කරන්න සාකච්ඡා කළේ නෑ විනිසුරුවරුන් විශ්‍රාම යන කාලසීමාව දීර්ඝ කිරීම ගැන සාකච්ඡාවක් ආණ්ඩුවේ සිදුවී නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 09 June 2026
හදිසි නීතිය දිගටම ගෙනයෑම වැරැදි වැඩක් හදිසි නීති රෙගුලාසි සදාකාලිකවම තබා ගැනීමේ අවශ්‍යතාව කුමක්දැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (09) ප්‍රශ්න කළේය. 09 June 2026
විමර්ශන සලේගෙන් උඩට ගියාම මහ මොලකරු හමුවෙනවා පාස්කු විමර්ශන සලේගෙන් උඩට ගියාම මහ මොළකරු හමු වන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 June 2026
වල් අලි ප්‍රහාරයෙන් දෙදෙනෙක් මරුට පොළොන්නරුව අත්තනකඩවල ගම්මානයට අද කඩා වැදුණු වන අලි දෙදෙනකු එල්ල කළ ප්‍රහාරයකින් දෙදෙනකු මිය ගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව දියබෙදුම පොලිසිය කියයි. 09 June 2026
ඩෙංගු කීට පරිශ්‍ර 2097ක් හඳුනා ගනී තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු දින පරික්ෂාවට ලක් කරන ලද සමස්ත පරිශ්‍ර 31,196ක් අතුරින් ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 2,097ක් හදුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. 09 June 2026
’’මැතිසබේ හිංසකයන්ට තවමත් දඬුවම් නෑ’’ පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට සිදුවූ හිංසන සහ වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ මහාධිකරණ විනිසුරුවරියගේ වාර්තාව ඉදිරිපත් කර මාස හයක් ගත වී ඇතත් එහි කිසිදු නිර්දේශයක් මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි සමගි බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද චෝදනා කළේය. 09 June 2026
ලංකා -ජපන් රැකියා සහයෝග ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ ජපානය අතර කුසලතා සංවර්ධනය සඳහා වන රැකියා වැඩසටහන සම්බන්ධයෙන් වන සහයෝගිතා ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 June 2026
හොරණ සහකාර කළමනාකරු රිමාන්ඩ් හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලැබූ එම බැංකුවේ සහකාර කළමනාකරු ජුනි 23 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අද නියෝග කළාය. 09 June 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026