සුරා බදු දෙපාර්තමේන්තුව නව්‍යකරණයට සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම, ප්‍රතිසංස්කරණය සහ නව්‍යකරණ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. 07 February 2026
මත් සැකකරුවෝ 777ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 777 ක් ඊයේ (6) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 07 February 2026
ටිල්වින් ඉන්දීය විදේශ ඇමති හමු වෙයි සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා අතර හමුවක් සිදුවිය. 07 February 2026
ලෙස්ටර් ජේම්ස් කෞතුකාගාරය කොටඋඩ චිත්‍රපටි ක්ෂේත්රයේ දැවැන්තයකුවූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමට චිත්‍රපටි සංස්ථා භූමියේ කෞතුකාගාරයක් සහ පුස්තකාලයක් ස්ථාපනය කිරීමට මුදල් වෙන්කර ඇතත් එහි ඉදිකිරීම් අතරමග නතර කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 07 February 2026
අදත් තැනින් තැනට තරමක තද වැසි ඌව පළාතෙත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 07 February 2026
රොකට් විඳින තුනක් වාලච්චේනෙන් හමුවේ වාලච්චේන කුඩුම්බිමලේ සඟවා තිබූ ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් විදිනයන් තුනක් සොයාගත් බව වාලච්චේන පොලිසිය කියයි. 07 February 2026
හොරෙන් ඇන්තූරියම් ගෙනා කන්තාවෝ දෙකක් මාට්ටු නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් සහ ඒවා රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවන් දෙදෙනකු අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත. 07 February 2026
ලාෆ් ගෑස් මිල ඉහළ දමයි ලාෆ් ගෘහස්ථ ගෑස් මිල ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමූ බව ලාෆ් සමාගම ඊයේ රාත්‍රී නිවේදනය කළේය. 07 February 2026
විපක්ෂෙ ඇතැමුන්ගේ එකම සටන් පාඨය ජාතිවාදයයි දූෂණයෙන් තොර පාලනයක් මෙන්ම ප්රජාතන්ත්රවාදය සහ ආර්ථික සමෘද්ධිය ගැන කතා කළ නොහැකි විපක්ෂයේ ඇතැමුන්ගේ අද එකම සටන් පාඨය බවට පත්ව ඇත්තේ ජාතිවාදය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 06 February 2026
‘හදිසිය’ වැඩි ඡන්දයෙන් අනුමතයි සජබ විරෝධය පා සභාවෙන් යයි දිට්වා සුළි කුණාටුවෙන් පසු රට පුරා පැනවූ හදිසි තත්වය මාසයක් දීර්ඝ කිරීම( මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය) සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී හදිසි තත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්ද 104කින් පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ සම්මත විය. 06 February 2026
ඉස්ලාමාබාද් පල්ලියකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 69 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 169 ක් බව මාධ්‍ය වාර්තා කළේය 06 February 2026
කෙහෙළියගේ ලොකු දුවට ඇප හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා සහාය ලබා දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ දියණීය රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතාට නියම කළේය. 06 February 2026
අනූෂ පැල්පිට යළි රිමාන්ඩ් වසර දෙකක් ඇතුළතදී සිය ආදායමින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 46 කට අධික අයථා වත්කම් රැස්කළේ යැයි කියන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට ලබන 20 දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද නියෝග කළේය . 06 February 2026
සූරියකන්ද හිටපු පොලිස්ථානාධිපති අත්අඩංගුවට සූරියකන්ද පොලීසියේ හිටපු ස්ථාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙක් කොළඹ මධ්‍යම අපරාධ ඒකකය විසින් ප්‍රශ්න කිරීම සදහා කැදවීමෙන් පසු අද (06)ද අත් අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය . 06 February 2026
හජ් වන්දනා කෝටාවෙන් අයථා ලෙස මුදල් අරන් මේ වසරේ හජ් වන්දනාව සඳහා බැතිමතුන් 3500 දෙනකුට පමණක් සහභාගී වීම සදහා කෝටාවක් ලැබී තිබියදී මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව බැතිමතුන් 7 000 ක් ලියාපදිංචි කර ඔවුන්ගෙන් ආපසු නොගෙවන රුපියල් 5 000 බැගින් වන මුදලක් ලබා ගෙන ඇතැයි බැතිමත්තු චෝදනා කරති. 06 February 2026
සාපෙළ අමතර පන්ති බදාදායින් පසු තහනම් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාල උපකාරක පන්ති සම්මන්ත්රණ හා වැඩමුළු ආදිය මේ මස 11 වැනි දින මධ්‍යම රාත්‍රී 12 න් පසුව තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 06 February 2026
පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලයේ අනෙක් නෝනයි මහත්තයත් පරිස්සමෙන් ඉන්න (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න) පාර්ලිමේන්තුවේ වෙන දේවල් බැලුවම ලේකම් මණ්ඩලයේ මේ නෝනයි මහත්තයත් (මහ ලේකම් සහ සහකාර මහලේකම්) එලවයිද දන්නේ නැහැ. පරිස්සමෙන් ඉන්න යැයි සමගි ජන බලවේගයේ කුරැණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් පසු පැනවූ හදිසි නීති තත්වය දීර්ඝ කිරීම පිළිබද විවාදයේදීය. නල 06 February 2026
ලංගමට කොන්දොස්තර්වරියන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවය සදහා බදවා ගත් නව කොන්දොස්තරවරියන් 20 දෙනකුට පත්වීම් ප්රදානය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී අද පෙරවරුවෙ සිදුකෙරිණ. 06 February 2026
ගෙවල් කුලී පනත හදන වැඩේ බාරගන්න විජයදාස සූදානම් ගෙවල් කුලී පනත (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සහ පදිංචිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය වෙනුවෙන් නිවැරදිව සහ ශක්තිමත් අයුරින් සකස් කර දීමට තමා සූදානම් බව අධිකරණ හිටපු අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය. 06 February 2026
මහනුවර – ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ඇරඹෙයි වසර ගණනාවක් පුරා ඇණහිට තිබූ මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ සිදු විය. 06 February 2026
මහයියාව උමං මාර්ගය ඉදිකිරීම් ඇරැඹේ මහනුවර නගරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගවලින් එකක් වන මහනුවර - යාපනය මාර්ගයේ (A009) මහයියාව උමං මාර්ගය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) සිදු විය. 06 February 2026
රුසියාවේ හමුදා ලොක්කාට වෙඩි තබයි යුක්රේන යුද්ධයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව පැවැසෙන රුසියානු හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරයකු වන ලුතිනන් ජනරාල් ව්ලැදිමීර් ඇලෙක්සෙව්, මොස්කව් අගනුවරදී වෙඩි ප්‍රහාර කිහිපයකට ලක්ව තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 06 February 2026
අල්ලස් විභාගය අවසන් වනතුරැ කතානායක පෞද්ගලික ලේකම් අයින් කරන්න කතානායකවරයාට එරෙහිව චමින්ද කුලරත්න නියෝජ්‍ය ලේකම්තුමා අල්ලස් කොමිසමට කර ැති පැමිණිල්ල අවසන් වනතුරු ඔහු සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා එම ධූරවල කටයුතු කිරීමෙන් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 February 2026
රත්කිඳ ජලාශයේ සියලු වාන් දොරටු හරියි පවතින වර්ශාවත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් එම ජලාශයේ පිටවානේ ගේට්ටු සියල්ල (හතම) තත්පරයට ගනමීටර් 49.0 බැගින් අද (6) දහවල් විවෘත කළ බව උල්හිටිය රත්කිද ජලාශභාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි . 06 February 2026
හිටපු ඇමැති කෙහෙළියගේ ලොකු දුවත් අත්අඩංගුවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කවැල්ල මහතාගේ වැඩමල් දියණිය අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 06 February 2026
කඳුකර සංචාරක ගමනාන්තය නුවරඑළිය ආසියාවේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු කඳුකර සංචාරක ගමනාන්ත අතර දෙවන ස්ථානය නුවරඑළියට හිමිවන බව සංචාරක පහසුකම් සපයන ‘අගෝඩා’ නමැති වෙබ් අඩවියක් පවසයි. 06 February 2026
මේ චෞර වළල්ලට නීතිය ක්‍රියාත්මක වන වසරයි රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම පවුල් වටා තිබෙන චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් කර සියලු ජයග්‍රහණවල ප්රතිලාභ ආර්ථික වශයෙන් පතුලේම සිටින ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 06 February 2026
තවත් ‘කුෂ් ‘ තොගයක් සමඟ ගුවන් මගියෙක් අල්ලයි රුපියල් හාර කෝටි හැට හතර ලක්ෂ විසි දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(06 ) උදෑසන ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 06 February 2026
ඕස්ට්‍රේලියාවේ ගාන්ධි පිළිමය හොරකම් කරලා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි ගාන්ධිතුමන්ගේ පිළිමය කිසියම් පිරිසක් සොරකම් කර ඇතැයි පැවැසෙයි. 06 February 2026
ඉරාන ඇමෙරිකා සාකච්ඡාවල උපරිම සහාය දෙනවා - තුර්කිය මත ගැටුම් අවසන් කර ගැනීමේ අරමුණින් ඇමෙරිකාවත් ඉරානයත් අතරේ ඕමානයේ මස්කට් අගනුවර පැවැත්වෙන සාකච්ඡා සාර්ථක කර ගැනීමට කැප වී සිටින බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි. එම සාකච්ඡා සඳහා මැදහත්කරුවකු ලෙස කටයුතු කරන්නේ තුර්කියයි. 06 February 2026
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026